මේක මගේ පෞද්ගලික අදහසක්.
ඇදිරි නීතිය මුළු රටටම තව සති දෙකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ.
ඊට පස්සේ ඒ ඒ පැති වල මහජන සෞඛ්‍ය පරීක්ෂකයි, ග්‍රාම සේවකයි ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුයි කණ්ඩායමක් හැදෙනවා. ඒ කියන්නේ එක ග්‍රාම සේවක කොට්ඨාශෙකට එක කණ්ඩායමක්.
මේ කණ්ඩායම මුලින්ම PCR පරීක්ෂණයකට ලක් වෙනවා. එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.
ඊට පස්සේ ඒ ගමේ ඉන්න වගකිය හැකි රාජ්‍ය නිළධාරීන් (සමථ මණ්ඩලේ ඉන්න අය හරි කමක් නෑ) 6 ක් 10 ක් අතර පිරිසක් තෝර ගන්නවා.
එයාලටත් PCR පරීක්ෂණය කරලා එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.
ඊට පස්සේ එයාලා එයාලගේ ගමේ එයාලට අදාල කොට්ඨාශයේ PCR පරීක්ෂණ කරනවා හැම ගෙදරක් නෑරම. මොකද ග්‍රාම සේවක ලග සම්පූර්ණ විස්තර තියෙනවා ඒ ගෙදර ඉන්න සාමාජික සංඛ්‍යාව ගැන.
ඒ අවස්ථාවේ ගෙදර නැති (උදා - වෙලදාමට එලියට ගිය, වෙන පලාතක හිර වෙලා ඉන්න, ළගදි විවාහ වෙලා පිට පළාතක ඉන්න අය) ගැන ග්‍රාම සේවක විශේෂ ලැයිස්තුවක් හදනවා. කොවිඩ් කාර්්‍යාංශය හරහා එදා රෑම ඒ ය පිළිබද විස්තර අදාල පුද්ගලයා ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශයේ ග්‍රාම සේවක දැනුවත් කරනවා. මොකද ඒ ග්‍රාම සේවක ලැයිස්තුවේ ඒ පුද්ගලයෝ ගැන තොරතුරු නැති හින්දා.
ග්‍රාම සේවක පහුවෙනිදාම ඒ අයව PCR පරීක්ෂණයකට ලක් කරනවා.
ගෙදරින් එලියට වෙලදාමට ගිය අයගේ ගෙවල් ලග PCR පරීක්ෂණයකට ලක් කරන ලද පොලිස් නිළධාරියෙක්/ ග්‍රාම ආරක්ෂක නිළධාරියෙක් තියනවා ඒ පුද්ගලයා රෑට ආවාම උඩින් කියපු කණ්ඩායමට යොමු කරන්න. (නැත්නම් දවස් දෙකකට සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ලක් කරානම් ඒ කියන්නේ කාටවත් කොහෙවත් යන්න බෑ ආරක්ෂක අංශයි අර කණ්ඩායමුයි වෛද්‍ය අංශයි ඇරුනාම. වෙලදාමත් බෑ)
මේක හරි විදිහට ගියොත් දවස් 5 ක් ඇතුළත ලංකාවම කවර් වෙනවා.
ඊට අමතරව ඒ ඒ කණ්ඩායම් නිතර පරීක්ෂාවට ලක් කල යුතුයි.
මේ හැමදේම ප්‍රායෝගිකයි.
ප්‍රශ්ණ දෙකක් තියනවා.
1. PCR පරීක්ෂණ කට්ටල
2. PCR පරීක්ෂණ කරන ස්ථාන
PCR පරීක්ෂණ කට්ටල
කොවිඩ් අරමුදලට සල්ලි ගොඩක් ලැබිලා තියන නිසා මගේ දැනුමේ හැටියට රජයට පුලුවන්කම තියනවා මගේ යෝජනාවට අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල දවස් 7 ක් ඇතුළත ගෙන්න ගන්න ලෝකෙ ඕනෑම තැනකින්.
PCR පරීක්ෂණ කරන ස්ථාන
PCR පරීක්ෂණ කරන ස්ථාන අඩුයි. ඒකට අවශ්‍ය උපකරණත් කලින් කිව්ව විදිහට ගෙන්න ගන්න පුලුවන්. පරීක්ෂණ වලට දවස් කිහිපයක් පුහුණුවක් සහිතව (PCR පරීක්ෂණ කට්ටල ගෙන්නනකන් වෙලාව තියනවා) සාමාන්‍ය රසායනාගර යොදා ගන්න පුලුවන්. ඒවගේ වැඩ කරන අය දැනුමක් තියන අය. එයාලට පුහුණු කරලා මේ වැඩේට යොදවන්න පුලුවන්.
මේ විදිහට කලොත් සති දෙකක් ඇතුලත සෑහෙන දුරකට ඉවර ගන්න පුළුවන්.
උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?