CURIOSITY Thread ☀☽★

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    milk_1759755a.jpg


    ඔයාලා දන්නවා බල්ලො පූසෝ හරි ආසයි කිරි බොන්න. ඒත් ඔයාලා දන්නවද අපි මේ ඇති කරන සුරතලුන් බොහොමයක් ලොකු උනාට පස්සෙ ලැක්ටෝස් ඉන්ටොලරන්ට් කියලා. ඒ කියන්නෙ මේ සුරතලුන්ට බෑ කිරිවල තියන ලැක්ටොස් කියන සංඝටකය දිරවගන්න. විශේෂයෙන්ම මේක පූසන්ට හොඳටම අදාළයි. ඔව් ඒ කියන්නේ පූසන්ට ලොකු වුනාට පස්සෙ කිරි දීමෙන් උන්ට බඩේ අමාරු හැදෙන්න ඉඩ තියනවා. ඒක වෙන්නෙ මහෙමයි . ක්ශීරපායීන්ගෙ ,අපිත් ඇතුලුව පොඩි කාලෙ තියනවා ලක්ටේස් කියලා එන්සයිමයක්. අපි අම්මගෙන් පොඩි කාලෙ කිරි බීම නැවැත්තුවට පස්සෙ මේ එන්සයිමය ටික ටික නැතුව යනවා. සමහර මිනිසුන් සහ අනෙක් සතුන් ලැක්ටෝස් ඉන්ටොලරන්ට් වෙන්නෙ මෙහෙමයි. නමුත් හැමේම එහෙම වෙන්නෙත් නෑ. කොහොම නමුත් ඔබේ පූසාට කිරි දෙනවානම් මේ ගැන සැලකිලිමත් වෙන්න. බොහෝ විට ඔබේ සුරතලා කිරි බිවු පසුව බඩේ අමාරුවකින් පෙලෙන්න පුලුවන්.
    :)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    ඔයාලා අත්දැකලා තියනවද , අපි හිතමු අංශක 30 පවතින වතුර ඒ උශ්නත්වයේ පවතින වාතයට වඩා සිසිල් බවක් අපිට දැනෙනවා කියලා.. ඇත්තටම ඒකට හේතුව වාතයට වඩා වේගයෙන් ජලය තාපය සන්නයනය කරන ස්වභාවයයි.ඒ කියන්නෙ ඔබේ ශරීරයේ උශ්නත්වය ජලය සම හා ස්පර්ශ වූ විගස වේගයෙන් ජලය හරහා සන්නයනය වෙනවා. ඇත්තටම වාතයට වඩා 25 ගුනයක් පමණ වේගයෙන්. එතකොට හම කූල් වෙනවා. මේකයි හේතුව.:yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    1. ඇයි දේදුන්න රව්ම්
    ඇත්තටම දේ දුන්න රවුම්..අපි පොළවේ ඉන්න නිසයි අපිට දේදුන්නෙන් බාගයක් පෙනෙන්නේ.අහස් යන්තරයක ඉඳන් බැලුවොත් රවුම් දේ දුන්නක් දැකගන්න පුලුහන්. හැම තිස්සෙම දිදුන්නක් පෙනෙන්නෙ ඉරට විරුද්ද පැත්තෙ. මේක හැදෙනෙ වතුර බින්දු රාශියක ඉර එලිය ගැටී අපේ ඇසට ආපහු වැදීම හේතු කොට ගෙනයි.
    දැන් අපි බලමු මේක හැදෙන්නෙ කොහොමද කියලා. සුදු පාට ඉර එලින ගිහින් වතුර බින්දුවක වැදිලා ආපහු පරා වර්තනය වෙලා එලියට එන්නෙ පාට පාට වර්න වලින් යුතු ආලොක කෝන් එකක් විදිහට. ඔයාලා දන්නවනේ කෝන් එක අර අයිස් ක්‍රීම් කෝන් එකෙ තියෙන්නෙ , අන්න ඒ වගේ හැඩය.
    දැන් මෙහෙම හිතන්න.ඔයාගෙ ඇහැ එක කුඩා පොයින්ට් එකක්. ඔයාමොකක් හරි දෙයක් දකින්න. ඒ දේ ඉඳන් එන ආලෝක කිරණයක් ඔබේ ඇහැට ඇතුලු වෙන්න වෙනවා. ඒ දේ වතුර බින්දුවක් නම් එයින් ආලෝක කිරන ගොඩාක් විවිද පැහැයෙන් නිකුත් වෙනවා නම් එයින් එක පාට එක ආලෝක කිරනයයි ඔබේ ඇහැට එන්නෙ. ඔබ මේ දකින පැහැය වතුර බින්දුවට සාපේක්ෂව ඔබ සිටින කෝනය මත රඳා පවතිනවා. දැන් මේ දේ සලකන්න. ඉරේ ඉඳන් එන රතු ආලෝක කිරනයක් වතුර බින්දුවෙ වැදිලා ඇහැට එන කෝනය අංශක 42ක්.
    raindrops_rainbows_2.jpg

    දැන් අපි ඇහැ මට්ටම පොළව කියලා සළකලා, ඇහැට පේන සියලුම වතුර බින්දුවල තියන රතු පැහැය දිහා බැලුවොත් අපිට ඒක පේන්නෙ රවුමක් විදිහට.දැන් රතු පාටනේ අංශක 42. ඒලඟ පාට ඊට චුට්ටක් අඩුයි. එතකොට සියලුම වතුර බින්දුවල ඒ පාටින් හැදෙන්නෙ ඊට වඩා ටිකක් පොඩි රවුමක්. අන්න එහෙමයි දේදුන්න රවුම් වෙන්නෙ,

    rainbow42degree.jpg
    :cool:
    arc%20understood.gif
     
    Last edited:
    • Like
    Reactions: twisted

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    ඔන්න අද මම ගණිතයට සම්බඳ ගැටලුවක් සොයාගෙන ආවා..හිතන්න ඔබයි යහලුවෙකුයි ලොකු සෙනග පිරිච්ච පාර්ක් එකක ඉන්නවා කියලා. කොහොම හරි ටිකවෙලාවකින් යාලුවා මිසින් උනා. එයා දැන් පර්ක් එකේ වෙන කොහෙහරි තැනක ඉන්නවා. ඔයාට දැන් එයාව අඩුම කාලයකින් හොයාගන්න ඕනෙනම් කරන්න ඕනෙ එයාව සෙනග අතරින් හොයමින් ඇවිදින එකද නැත්තම්, කොයි වෙලේ හරි එයා දකිනකම් එකතැනකට වෙලා හිටගෙන ඉන්න එකද?.
    උත්තරේ වෙන්නෙ එයාව හොයමින් ඇවිදින එකලු. මට ඕක ඒ හැටි තේරුනේ නෑ. නමුත් මම මේ කතාව ගත්ත තැන තිබුන විදිහට කට්ටියක් පරිගනක වැඩසටහන් උපයෝගී කරගෙන මේක අත්හදා බලලා තියනවා. ආපු උත්තරේ තමයි ඕක. මේකට තව දේවල් එකතු කනන්න තියනවානම් හෝ මේක වැරදි නම් කරුනාකර නිවැරේදි කරන්න.
    :nerd:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    immortal-jellyfish2.png

    අද අපි කතා කරමු ඉමොර්ටල් ජෙලිෆිෂ් ගැන.ඉමෝර්ටල් කියන්නේ අමරණීය. ඔව් ඒ කියන්නේ මේ ජෙලිෆිෂ් අමරණීයයි. ඒ කිව්වේ ජීව විද්‍යාත්මකව අමරණීයයි කියන එක.නමුත් අවසාන නිගමනයකට එන්න කලින් මෙ ටික කියවන්න. ඔය යට තියෙන්නේ ජෙලිෆිෂ් ගේ ජීවන චක්‍රය.

    image.png


    දැන් මේ ඉමෝර්ටල් ජෙලි ෆිෂ් ඉහත රූපයේ පරිදී සාමාන්‍ය ආකාරයට වැඩුනු ජෙලිෆිෂ් එකෙක් බවට පත්වෙනවා. දැන් තමයි හොඳම හරිය. හිතන්න දැන් ඌ ඔහොම ඉන්නකොට මොකක් හරි කෑම හිගයකට , නැත්නම් ලෙඩකට හොඑ වෙනත් යම් කිසි අකරතැබ්බයකට මුහුණපානවා කියලා. දැන් මූ ආපහු ජීවන චක්රයෙඉ ආපස්සට යන්න ගන්නවා පොලිප් අවස්තාව වෙනකන්.එඉ ගිහිල්ලා නිකන් ඉන්නේ නෑ. එතනින් තවත් ඌ වගේම පොලිප්ස් ලා ගොඩාක් එක ප්‍රජනන ක්‍රමයක් මගින් බිහිකරනවා.ඊට පස්සේ ඌයි අර බිහිකරපු පොලිප්ස් ලයි අය ලොකුවෙනවා.. මෙඉ චක්‍රය දිගින් දිගටම යනවා උන් කාගේ හරි ගොධුරු වෙනකල් හරි වෙන ක්‍රමයකින් මැරෙනකල් හරි. මෙහෙම දේකුත් තියනවා. දැන් ඌ නැවත ළමා කාලයට පත් වෙන ක්‍රියාවලියේදී උගේ තිබ්බ එක ආකාරයක සයිලයක් වෙනත් ආකාරයක සෙයිලයක් බවට පත්වෙන්න පුළුවනි. ඒකියන්නේ ස්නායු සයිලයක් මාංශ පේශී සයිලයක් බවට ,වශයෙන්. එවිට ටිකක් කල්පනා කරලා බැලුවොත් නැවත ජීවිතය අරබන්නේ ඌ නෙවෙ ඌගේ වෙනත් අවස්තාවක් යැයි යමෙකුට තර්ක කරන්න පුළුවන්.