Customer Complains

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එළකිරි එකේ දැක්ක post ටිකක් කොහෙන් ගත්තත් පරිස්සමින්
    Agent කියල වෙනසක් නැහැ


    ලොකු දෙයක් මචන් උම්බ ඔයින් ගොඩ දාගත්ත එක.. මටත් ඔය වැඩේම උනා බන්. සොෆ්ට්ලොගික් එකෙන් ගත්ත ප්ලාස්මා ටීවි එකක් උන් කිව්වෙ කිරි කිර් යුනිට් එකක් කියල ට්ව් එකෙ මෙනු එකෙන් යූසෙජ් එක බැලුවහම පැය 1000ක් යූස් කරල.:growl: ඊලන්ගට test ඉමෙජ් දාල check කලහම පැනල් එක සවුත්තු වෙලා පැනසොනික් ලොගො එක burn වෙලා ඩිස්ප්ලේ එකෙ. මුලින් උන් පිලිගත්තෙම නැහැ පස්සෙ ඩිස්ප්ලෙ දාල තියෙන අනිත් පැනසොනික් ටීවී වලත් යූසේජ් එක බැලුවහම උන්ට පිලිගන්න උනා. මුන් විකුනන එක ටීවී එකකටවත් පැකින් නැහැ ඔක්කොම් අඩුම පැය 500 ක් වත් දුවල. මම යාලුවෙක් ගෙ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවපු නිසා තියෙන ගොන් කමට අඩුවෙන්ම පාවිච්චි කර්ල තියෙන(පැය 500) ටීවී එකක් ගත්ත. දුකම සීන් එක ත්මඉ වරන්ට්ය් ඉවර වෙලා හරියටම මාසයක් ගියාම ටීවී එකේ පැනල් එක නරක් උනා.පැනල් එකක් විතරක් ලක්ශ දෙකකට වැඩියි..:(:( ඒ ගානට ටීවී එක හදනවට වඩා අලුතෙන් ගන්න එක ලාබඉ. අන්තිමට මට පස් කන්න උනා ලන්කාවෙ ඉන්න හොර කොම්පැනි කාරයො නිසඉ, මගේ ගොන්කමටඉ අවාසනවටඉ :(
    http://www.elakiri.com/forum/showpost.php?p=18384145&postcount=49


    apitath ohoma scene ekak una.

    abans eken fridge ekak gaththa. aran aurudu 2k witara use karaddi eke podi aulak awa. porakata kiyala check karla beluwama eka 110V ekak :lol:

    e kiyanne lankaawata gahana model ekak newe. lankawenam 230V ne :dull:

    un "batapola electronics" eunge converter ekak eka atule set karla tama 110V to 230V convert karla tyenne.

    yako LG fridge wala kohomada oi "batapola" eunge kaali tyenne :shocked:

    aru check kale nehnam eka danneth na. :lol:

    mama hitanne un owa foreign countries wala podi kaalayk use karapu ewagen parts daala assemble kapau ewada koheda.

    matath kiyanna one une ubala monawa hari electronics gannawanam hodata check karla balala ganna :yes:

    tradename eka lankaawe kochchra popular unath kochchra parana unath ekek genawath trust karanna ba.

    okkoma eun karanne balu weda :angry:
    http://www.elakiri.com/forum/showpost.php?p=18383996&postcount=44

    මේක මට උනු වින්නැහියක්. කියන්නේ උබලට වැදගත් වෙයි කියලා හිතලා.:)


    මං ගිය මාසේ ගත්තා Sony Bravia Full HD LED TV එකක්. ගාන 90,000/= (ටහිකෙන ගණන්) ඉතින් ගිහින් ගත්තා. ගත්තෙ පට්ට ප්‍රසිද්ධ පැරණි ආයතනයකින්. දිවයින පුරා ශාඛා සහිතයි! Singer Plus! ඉතින් LED TV එක cash ගෙවලා අරන් ගෙනාව ගෙදර. අලුත්ම Box පිටින් පැකින් කඩලත් නැතුව එකක්. පැය ගානක් TV බලලා පස්සේ OFF කරලා ON කරාම වැඩ නෑ. මුකුත් පේන් නෑ. කොළ ලයිට් විතරයි. :baffled: ලයිට් කන්නද කියලා අසවල් ආයතනේට ගත්ත කෝල් එකක්. උන් කීවා TV Remote එකේ Settings වෙනස් වෙලා අවුල් ගිහින්ද දන් නෑ අපේ සර්විස් එකට කතා කරලා බලන්න කියලා.කතා කරා. ඕන් දවසකට දෙකකට පස්සේ ආවා බුවෙක්. බුවා බලල කීවා TV Remote එකේ Settings වල අවුලක් නෑ TV එකෙයි අවුල කියලා.:oo:

    දැන් පට්ටනේ. මදැයි. :lol: ගියා TV එකත් උස්සන් ආපහු අසවල් ආයතනේට. උන් කියපි සර්විස් තමා දාන්න වෙන්නේ ඉතින් වෙන කරන්න දෙයක් නෑ කියලා. මගුලක් කියනවා!! අරන් ටික කාලෙකින් ඒක නිකම්ම කැඩුනම උන්ගෙන් සර්විස් කරගන්න. එතකොට භාණ්ඩේ Recondition නේ ! මුනුත් අරින් නෑ සර්විස් කරන්නමයි කතාව ! මං කීවා එහෙම කරන්න බෑ මෙච්චර ගණන් දීලා Recondition බඩු ගන්න මට පිස්සු නෑ කියලා. :frown:

    පස්සේ මුන් ඒ ජාතියෙම අලුත්ම එකක් දෙන්න ලෑස්තිය. ඒත් මට කලින් උනු දෙයින් මුලින් ගත්තු Sony එක ගැන විශ්වාසයක් නැති උනා. වෙන ගන්න තියෙන්නෙත් Samsung විතරයි.මං කීවා මට Samsung Full HD LED TV එකක් ගෙන්නලා දෙන්න වැඩි වෙන ගාන මං දෙන්නම් කියලා. උන් කියපි අපි ලග දැන් බඩු නෑ සති දෙකක් දෙන්න කොලඹින් ගෙන්නලා දෙන්නම් කියලා. ඉතින් මාත් හරි අවුලක් නෑ දැන් බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි කියලා හිස් අතින් ආව ගෙදර. අර අවුල් ගියපු TV එක උන්ටම භාර දීලා උන්ගෙන් බිලේ පිටිපස්සේ අත්සනක් දාගත්තා "අසවල් model අසවල් S/N අංක දරණ රූපවාහිනිය දෝශයක් නිසා නැවත භාර ගන්නා ලදී" කියලා. :dull: දෝශයක් කියලා දාගත්තේ මේක දික් ගැස්සුනොත් සාක්ශි හැටියට.

    සති දෙකක් ගියා තව දවස් දෙකකුත් ගියා. මාත් මට පාන්ද වගේ හිටියා :eek: ඔන්න call එකක් ආව අසවල් ආයතනෙන් මාත්තයා බඩු ඇවිත් තියෙන්නෙ වැඩිපුර 23,000/= ගෙවල අරන් යන්න කියලා. මං ගියාම උන් පෙන්නුවා පෙට්ටියක් හැබැයි original packing කඩලා උඩින් අයෙත් ටේප් එකක් ගහලා. මං ශේප් එකේ ඇහුවා කොහෙන්ද ගෙන්නුවේ කියලා. එතන එකා කිව්වා වැලිවේරිය branch එකෙන් ගෙන්නුවේ කියලා. මං එවෙලෙම උගෙන් ඉල්ලගත්ත ඒ වැලිවේරිය branch එකේ TP නොම්මරේ. අරන් කතා කරලා ඇහුවා "මඔ ඔයාලගේ කුරුණෑගල branch එකෙන් කතා කරන්නේ. ඔයලගෙ branch එකෙන් එව්ව Samsung LED TV එක showroom display දාල තිබුනු එකක් නේද කියලා." එතන එකා කීවේ නැතෑ මෙහෙම. " ඔව් මං ඒක ඔතන ගර්ල්ට කිව්වනේ. TV දෙකක් තිබ්බ අනික නං ගන්නම දෙයක් නෑ ඕක ටිකක් හොදයි අවුලක් නෑ. මාස 2ක් වගේ showroom display තිබ්බ තව රිජිෆෝම් එහෙමත් කැඩිල තිබ්බේ" කියලා.මං ආ හරි හරි කියලා තිබ්බ. මයේ ෆෝන් කට්ටේ පොඩි app කෑල්ලක් නිසා කෝල් සේරම record වෙනවා. එහෙම්මම එතන Manager බුවාගෙ TP නොම්මරෙත් ඉල්ලගෙන උටත් කතා කරල ඇහුවා අර TV එක Brand New ද කියලා. "ඔව් ඔව් ආයේ අලුත් බඩු ගෙනාවේ අවුලක් නෑ කියලා." ඒ කෝල් එකත් Record උනා. පස්සෙ Manager කාරයා ඉන්න වෙලාවක් බලලා ගිහින් හම්බිල කීවා අලුත් බඩු කියලා used බඩු විකුණන්නේ මොකද කැත වැඩ කියලා සැරට කතා කරා. මිනිහ පිලිගන්නේම නෑ. මං දාල පෙන්නුව record 2ක. මිනිහට කියා ගන්න දෙයක් නෑ. මං කීව මං කොලඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ට ගිහින් මේ සාක්ශි ඉදිරිපත් කරලා පැමිණිලි දානවා කියලා Manager කාරයා පස්සේ බය උනා. සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කීවා අනිද්ද. දැන් තමයි සල්ලි අරන් ආවේ.

    මට කියන්න ඕනි Electronic බඩු ගද්දි Original packing කඩල නං පරිස්සම් වෙන්න. ලේසියෙන් ගන්න එපා
    :frown:

    ඕන් ලංකාවේ ප්‍රසිද්ධ ආයතන වල වෙළදාම. ලොවෙත් ඈ !:lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1677939

    මම කලින් වැඩ කලා ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ඔය වගේ electronic භාණ්ඩ විකුණන සමාගමක ..එක නිසා මේවා මගේ අත්දැකීමෙන් කියන්නේ..
    - Original packing කඩලා cello tape කරලා නම් තියෙන්නේ ගන්න එපා ..box එකේ උඩ සහ යට දෙකම බලන්න
    - Display තියෙන භාණ්ඩයක model එකක් තෝරලා ( ශීතකරණ ,රුපවාහිනී ) මුදල් ගෙවුට පස්සේ ගෙදරටම ගෙනෙල්ල දෙනවා කියනවා නම් intact packing තියෙන ඔයාට ලබා දෙනවා කියන product එකේ Serial number එක ඉල්ලා ගන්න ..
    - ගොඩක් වෙලාවට ඔයාගේ product එකක් repair එකට showroom එකට හරි service center එකට හරි දෙනවා නම් ඒ දෙන වෙලාවේ ඒ product එකේ physical damages නැත්තම් එක verify කරලා අදාල නිලධාරියාගෙන් අත්සනක් ගන්න ..නැත්තන් service වලදී damage උනොත් sorry තමයි

    ගොඩක් company භාවිතා කරන්නේ FIFO ක්‍රමය .First in First Out ..එක නිසා ගොඩාක් showroom වල display තියෙන එක තමයි latest එක .පරණ වෙන්න පරණ වෙන්න box වලට දාල seal කරනවා ..එත් ගොඩක් showroom වල fast moving products වලට මේක භාවිතා කරන්නේ නෑ (TV ,Lap )

    ... එක නිසා ගන්න භාණ්ඩය ගැන හොදට පරික්ෂා කරන්න ..පුළුවන් තරම් internet එකෙන් අදාල model එක ගැන පරික්ෂා කරලා යන්න ..showroom වල ඉන්න අයගේ marketing වලට අහුවෙන්න එපා
    http://www.elakiri.com/forum/showpost.php?p=18383161&postcount=14

    මේකයි මචන් මට උනේ, අපේ තාත්තා අවුරුදු කාලේ සිංහගිරි එකේ offers වගයක් දාලා තියෙනවා දැකලා, offers වල අන්තිම දවසෙ වගේ fridge එකක් අරගෙන මම ඒ වෙලාවේ හිටියේ නෑ but මම phone එකෙන් තත්තාව contact කරලා විස්තර එහෙම අහලා ඒ වෙලාවේ හැටියට offer එක වාසි නිසා මම ඒක ගන්න recommend කරා නමුත් මට display එකක් නම් ගන්ඩ එපා කියලා කියන්න අමතක උනා. ඊලග දවසේ මම ගෙදර ගිහින් fridge එක unbox කරලා බලදිදිම තේරුනා උන් display එකක් තමා දීලා තියෙන්නේ කියලා, මොකද ඇහැට නෙපෙනෙන තැන්වල damages තිබුනා.

    ගත්තා showroom මැනෙජරයට call එකක්, කිව්වා මේක මාරු කරන්න ඕනෑ කියලා ඌ කියනවා මාරු කරන්න වෙන ඕකේ unit නෑ කොලබින් order කරන්න ඕනෑ කියලා, වෙන branch එකකින් ගෙනල්ලා දෙන්න කිව්වම වෙන ලග branch වල නෑ කිව්වා උන්ගේ එහෙම වෙන branch වලින් ගේනවානම් උන්ගේ brand මැනෙජර්ට කතා කරන්න කිව්වා, කොහොම කොහොම හරි උන් එහෙට මෙහෙට බෝලේ පාස් කරලා අන්තිමට අපිට ගෙදර fridge එකක් නැතුව සුමාන දෙකක් ඉන්න උනා උන් ඒ මොඩෙල් එක ගේනකන් (පරණ fridge උන්ට දීලා රු.10,000 ක් අඩු කරගන්න එක තමා offer එක).

    කොහොමහරි සති දෙකකින් උන් call එකක් දුන්නා අලුතින්ම පැකින් කඩලවත් නැති units වගයක් ඇවිල්ලා තියෙනවා එන්න කියලා, අපි ඉතිං උදෙන්ම ගිහින් බැලුවා (මේ පාර මම ගියේ), බලද්දි ඒ ගෙනල්ලා තියෙන ඔක්කොමගේම damages තියෙනවා.

    උන් වරද පිලිගත්තා උන් සල්ලි refund කරන්න පුලුවන් කිව්වා නමුත් ඒකටත සෑහෙන් කාලයක් යනවා කිව්වා, ඊටපස්සේ කරන්නම දෙයක් නැති නිසා එතන තිබුන කලින් ගත්ත එකට වඩා රු.5000 ක් ගාන වැඩි චූටි damage එකක් තියෙන fridge එකක් මම උන්ගෙන් අපිට උන පාඩුවට පරන එකේ ගානට දෙන්න කියලා කිව්වා. උන් head office කතා කරලා කිව්වා සර් දැන් මේ මොඩෙල් එක වැඩිවෙන රු.5000 ගෙවලා ගෙනියන්න, හෙට head office එකෙන් සර්ට ලැබෙන discount එක ගැන inform කරයි එතකොට අපි ඒක සර්ගේ bank account එකට deposit කරන්නම් කියලා කිව්වා.

    ඊලග දවසේ උන්ගේ head office එකෙන් අපිට සිදු වූ අපහසුතාවයට රු.5000 ක discount එකක් ලබා දෙන්න එකග උනා, උන් මේ ගැන Samsung head office එකටත් දැනුම් දෙනවා කිව්වා.

    දැන් fridge එක ගෙනල්ලත් සුමාන දෙකක් වෙනවා අද වෙනකන් discount එක ලැබුනේ නෑ, ඇහුවම කියනවා තාම ඒකේ process එක යනවලු :(

    මම මේ කතාව බොහොම කෙටියෙන් දැම්මේ, මම මාර රස්තියාදුවක් උනේ, වෙන කරන්න දෙයක් නැති නිසා තමයි අර කෙහෙම්මල අරං ගෙදර ආවේ. අනිත් එක අපිට තියෙන වැඩ අස්සේ ඔය මගුල්වලට කාලේ යොදවන්න ඉඩත් නෑනේ.
    අනිත් එක බං සිංහගිරි එකේ විකුණන fridge made in India, ඒක දැනගත්තෙත් පස්සේ :confused:

    ආය නම් සතුරෙකුටවත් සිංහගිරි නම් recommend කරන්නේ නෑ :no:

    අනිත් එක electric බඩුවක් ගද්දි හොදට හොයලා බලලා ගන්න අපි නොදන්න බව උන් දැනගත්ත ගමන් උන් අපිව අන්දනවා.

    මගේ යාලුවෙකුත් සිංහගිරි එකෙන් fridge එකක් අරං, ඌ showroom එකට ගිහිල්ලා order එක දාලා ඇවිල්ලා මුන් ගෙදරට fridge එක deliver කරලා, පැකින් කඩද්දි එකෙත් මේ වගේම signs තිබිලා පසෙසේ ඌත් මේවගේ දගලලා දගලලා display නොවන එකක් සුමාන දෙකකින් විතර ගෙන්නගෙන, කරුමේ කියන්නේ මම ඒ සිද්ධිය දැනගත්තෙත් පස්සේ :(



    සිංහගිරි මහා එපා කරපු එවුන් බං.
    මම අද බැන්ක් එකවුන්ට් එක check කරද්දි රු.4090 ක් වැටිලා තියෙනවා, මට නිකමට හිතුනා මුන් තමා deposit කරන්න ඇත්තේ කියලා නමුත් මුන් දෙනවා කිව්වේ රු.5000 ක්. මුන් සල්ලි දාල අඩුගානේ මාව inform කරේවත් නෑ. මුන්ගෙන් මේකට explanation ඉල්ලුවා අද වෙනකන් answer එකක් නෑ.

    මුන්ව contact කරන්න ගියාමත් එපා වෙනවා, එහෙට බෝලේ පාස් කරනවා, මෙහෙට බෝලේ පාස් කරනවා, මුන්ගේ communication නම් අන්තිමයි.

    මුන්ට head office එක contact කරගන්න බැරි නිසා රු.5000 ගෙවලා fridge එක ගෙනියන්න කිව්වේ, නමුත් ඒ වෙලාවේ උන්ට head office එක contact කරලා රු.5000 ක discount එක confirm උනානම් අපිට සත පහක් වත් ගෙවන්න ඕනෙ නෑ. fridge එක අරන් මාසයකටත් වැඩි තාම මුන් අපේ ප්‍රශ්ණේ විසදුවේ නෑ.

    මුන්ගේ Brand Manager ට මම infrom කරා ආය නම් සිංහගිරි එකෙන් ජීවිතේට බඩුවක් ගන්නේ නම් නෑ & මම පුලුවන් තරම් මේ ගැන අනිත් පාරිබෝගිකයන්ව දැනුවත් කරනවා කියලා, නමුත් උගෙන් කිසිම විසදුමක් නෑ.

    ගන්න ගියාම තියෙන සැලකිලි නෑ ගත්තට පස්සේ.
    ආයේ නම් ජීවිතේට සිංහගිරි එකෙන් නම් බඩු ගන්නේ නෑ :angry:


    http://www.elakiri.com/forum/showpost.php?p=18408406&postcount=147

    :frown:
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Damro, Singer Mega Badu gaththama warranty claim karanna lesi

    Damro shape Singer Singer Mega hari nah.. api sofa ekak aran wadi wenne nethiwa dawas deken mada lallak kadan watuna passe replacement set ekak dunna ekath ehemai ayama replace karala dunna eketh mada bahinawa kmk nah kiyala thiyagaththa mkada showroom manager danna kenek
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    Oka thana reality eka lankawata gena okkoma tv fridge lap okkoma quality adu ewa ekay awruddak use karapu gaman ma repair enne hodama dee thama pita ratin ganna eka . Lankawa patta charter tv business ehema okkoma damage ewa thama offer walata danne
     

    My Father

    Junior member
  • Feb 26, 2017
    93
    8
    8
    අයි බං උඹලා ඔහොම සීන් උනාම නිකන් ඉන්නෙ? කව්රුවත් මොකුත් නොකරන හින්ද තමයි මුන් මේ විදිහට අසාධාරණ වැඩ කරන්නෙ. ඔහොම සීන් එකක් උනාම ටක්ගාලා පලයන් ලගම තියෙන පාරිභෝගික කටයුතු පිළිබ්ද අධිකාරියට. ගිහින් පැමිණිල්ලක් දාපන්. උන් උඹ වෙනුවෙන් අරුන්ට විරුද්දව නීති මාර්ගයෙන් කටයුතු කරනවා. ඕනෙ නම් නඩුත් දානවා. උඹෙන් සල්ලි මුකුත් ගන්නෙ නෑ. මම දන්න විදිහට ප්‍රාදේශීය සභාවල උන්ගෙ ශාඛාවක් තියෙනවා. නැත්තන් නෙට් එකෙන් උන්ගෙ නම්බර් එක හොයගෙන කෝල් එකක් දීලා අහගනින්. පාරිභෝගික කටයුතු පිළිබ්ද අධිකාරී පනතට අනුව ඔහොම උන්ට ඕනෙ ඕනෙ විදිහට බඩු විකුනන්න බෑ.
     
    • Like
    Reactions: Ozone4