CVT Gear Box

nuwanc1

Active member
  • Mar 21, 2017
    35
    113
    33


    Auto Gear Box හෙවත් ස්වයංක්‍රිය ගියර පෙට්ටි සැලකීමේදී ස්වයංක්‍රිය ගියර පෙට්ටි වර්ග ගණනාවක් දැකිය හැක. ඒවා අතුරින් CVT යනු ඉතා නවීන ගියර පෙට්ටි විශේෂයකි. එහි යාන්ත්‍රණය හා එහි වාසි මෙම ලිපියෙන් සරලව සාගච්චා කරනු ලබයි.

    CVT Theory
    CVT Advantages
    CVT Construction
    CVT Theory

    CVT යන්නෙහි තේරුම වන්නේ Continuously Variable Transmission යන්නයි. එහි නමෙහි සදහන් ආකාරයටම ගියර් අනුපාතයන්ගේ (Gear Ratio) වෙනස්වීම අවශ්‍ය පරිදි එකදිගටම නොනවත්වාම සිදුවේ. එනම් මෙම ආකාරයේ ගියර පෙට්ටියක් සහිත රථයක ගියර් මාරුවීමේදී කිසිම ගැස්මකින් තොරව ඉතාමත් සුමටව සිදුවේ. මේ සදහා යොදාගෙන ඇති ක්‍රමවේදයනම් Drive Wheel & Driven Wheel සදහා ක්‍රමානුකූලව විශ්කම්භය වෙනස් කල හැකි Pulley දෙකක් යොදාගැනීමයි. සාමාන්‍යයෙන් ඕනෑම Gear Box එකක මූලධර්මය වනුයේ විශ්කම්භයෙන් වෙනස් වන්නාවු ගියර රෝද එකිනෙක සම්බන්ධ කිරීම මගින් විවිධ ගියර අනුපාතයන් සකසා ගැනීම වේ. නමුත් මෙහිදී Gear Wheel දෙකක් පමනක් යොදාගනු ලබන අතර එම Pulley දෙකෙහි විශ්කම්භයන් අවශ්‍යය පරිදී වෙනස් කල හැක. එම විශ්කම්භයන් වෙනස් කිරීම සදහා ද්‍රව පීඩනය Oil Pressure යොදාගනු ලබයි. මෙම ද්‍රාව පීඩනයන් පරිගණකයක් ආධාරයෙන් වෙනස් කිරීම තුලින් Pulley වල විශ්කම්භය වෙනස්කිරීම සිදුකරයි.


    CVT Advantages

    CVT ගියර පද්ධතියක් සහිත රථයක වෙනත් ගියර පද්ධතියක් සහිත රථයන්ට වඩා වාසි පවතී. එනම්

    Shock less gear shifting සුමටව ගියර ක්‍රියාත්මකවීම
    Improved fuel economy අඩු ඉන්ධන පරිභෝජනය
    Sporty driving pleasure සුමට හා වේගවත් ත්වරනයක් ලබගැනීමේ හැකියාව
    Smooth feeling of engine brake එන්ජින් රෝධක ක්‍රියවලියේ සුමටබව

    CVT Construction
    මෙහි සැකැස්ම තරමක් සරල ආකාරයක් ගනී. මෙහි ප්‍රධාන වශයෙන්ම විශ්කම්භය වෙනස්කල හැකි විශේෂිත Pulley දෙකක් පවතී. එහි විශ්කම්භය වෙනස්කිරීම සදහා ද්‍රාව පීඩනය භවිතා කරයි.




    වැඩිදුර විස්තර සඳහා මෙතන click කරන්න....
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    779
    1,225
    93
    Matath oka gana dana ganna uwamanawa tibba. Honda Civic, Vizel, CR-V වල එන්නෙත් මේ Gear System එක නේ ද?? එතකොට ඔය අවුල් කියන්නෙත් මේ සිස්ටම් එක නේ?
    ------TFS bro - BUMP ------
     
    • Like
    Reactions: D_Mad

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,816
    1,974
    113
    127.1.1.0
    Matath oka gana dana ganna uwamanawa tibba. Honda Civic, Vizel, CR-V වල එන්නෙත් මේ Gear System එක නේ ද?? එතකොට ඔය අවුල් කියන්නෙත් මේ සිස්ටම් එක නේ?
    ------TFS bro - BUMP ------
    Naha. Vezel wala enne DCT (Dual Clutch Transmission) kiyana eka. Eka thamai hariyata maintain kale nattam leda denne

    Sporty driving pleasure සුමට හා වේගවත් ත්වරනයක් ලබගැනීමේ හැකියාව
    Mekanam waradi machan. CVT kiyanne boring ma driving experience ekak dena gear system ekak. Mazda un ehema CVT use karanne nathi wenna hethuwath oka.
     

    nuwanc1

    Active member
  • Mar 21, 2017
    35
    113
    33
    Naha. Vezel wala enne DCT (Dual Clutch Transmission) kiyana eka. Eka thamai hariyata maintain kale nattam leda denne


    Mekanam waradi machan. CVT kiyanne boring ma driving experience ekak dena gear system ekak. Mazda un ehema CVT use karanne nathi wenna hethuwath oka.
    මෙතන අදහස් කරන්නේ Sport car එකකට ගැලපෙනවා කියන එක නෙවේ. නවීන CVT ගියර පද්දති වැඩිදියුණු කරලා තියෙනවා හොඳ accelaration එකක් ගන්න පුලුවල් විදියට. එකයි මෙතනින් අදහස් කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: D_Mad