DAN SAPA ATHINE...

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    මුස්ලිම් ප්‍රජාවට එරෙහි පීඩා සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් :angry: :frown:

    මෑත කාලයේ ශ්‍රී ලංකා‍වේ මුස්ලිම් ජනයාට එල්ලවන විවිධ අපහාස හා ගැටලු පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

    කථානායක චමල් රාජපක්ෂ මහතාට සහ සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට මෙසේ උපදෙස් ලබාදුන් බව නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා අද දෙරණට කියා සිටියේය.

    අද පෙරවරුවේ තමන් ඇතුළු මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමුවූ බවත්, එහිදී වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරා දැනුවත් කිරීමට පියවර ගත් බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙම හමුවට ආණ්ඩු පාර්ශවයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩියු ගුණසේකර,ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහත්වරුන් සහභාගී වී ඇති බව සඳහන්ය.

    මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අමාත්‍ය රාවු‍ෆ් හකීම්,ඒ.එච්.එම් අස්වර්,එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා,ඒ.එල්.එම් අතාවුල්ලා,රිෂාද් බදියුදීන්,ෆයිසල් කාසිම්, අබ්දුල් කාදර් යන මහත්වරුන් ඊට සහභාගී වී තිබේ.

    "බොදු බල සේනා" නම් සංවිධානයක් විසින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල ජාතිවාදය අවුස්සමින් ගැටුම් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන්වූ බව කියැවෙයි.

    DEARANA NEWS UPUTA GANIMAKI..
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    දැන්නම් මේ ආන්ඩුව සොහොන් ලකුණුම තමයි පෙන්නන්නේ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපේ ගොන්නු අපිවම කයි......... ඒක නේ ඉතිහාසය පුරම සිද්ද උනේ...
    අනේ මෙහෙමත් ගොන් සිංහල නායකයො......