මේ මහත්තය data center කියල ගිහින් තියෙන්නේ කුකුල් farm එකකටද කොහෙද.
Redundant power

ඒ මොකක්ද මල්ලි. Commercial power + redundant UPSs with separated instruments+ dedicated standby generators නම් තියනවා. Redundant power නම් තියනවද දන් නෑ

.
අවකාශ කියන්නේ මොකද අප්පා.. අපි දන්න ඒවගේ තියෙන්නේ Raised floor
cooling systems නම් ලොවෙත් නෑ. සමහර තැන් හෙන රස්නෙයි. සමහර තැන් හෙනම අයිස් වගේ. Hot and cold aisle කියල මොකක්දෝ මගුලක්.
SLT එකේ data center එකට යන්ඩ උනා කියහන්කෝ. මෙන්න මුන් මගෙන් නම ගම, NIC, ගෙනියන laptop එකේ serial ඔක්කොම ඉල්ලුවා. මුන්ට පිස්සුද මන්ද. ඔන්න ඔහේ යැව්වා ඉතින්. යන දවසේ කියපි තාම උන්ගේ DGM pass එක approve කරල නෑ. ඇයි කලින් එන කෙනා වෙනුවට අද වෙන එක්කෙනෙක් එවන්නේ කියලා. කොහොම හරි එක කරගත්ත. එතෙන්ඩ ගියාම ID එක අරන් pass එක දීල යන්ඩ ඕන floor 1 කීවා. එහම කිව්වට ඇතුලට යන්ඩ යනකොට එතන හිටපු සික්ක metal detector එක අස්සෙන් වර කිවා. bag එකත් චෙච්ක් කරලා යැව්වා.
floor 1ත ගියා. ගියමහම තඩි steel door එකක් තියනවා. bell එකක් තිබ්බ. එබුවා. මෙන්න ඇතුලේ ඉඳන් එකෙක් කතා කර. කතා කරලා ඇහුව කව්ද එන්ඩ කිවේ කියලා. ඊට පස්සේ පොර අර මනුස්සයට කතා කරල් ඇහුව මෙහෙම් කෙනෙක් ඇවිත් ඉන්නවා ඇතුලද ගන්ඩ ද කියල. ඔන්න ඊට පස්සේ තමයි දොර ඇරියේ. පට්ට බර දාර දොරක්. මන් ඇහුව ඇයි මල්ලි මේ කියලා. ඒ දවස් වල කොටි ගහයි කියලලු එහෙම හදල තියෙන්නේ. එලිය bomb එකක්ප පත්තු උනත් withstand කරන්ඩ පුළුවන් විදියටලු හදල තියෙන්නේ. ඒ දොරෙන් ගියාම මෙන්නේ යකෝ තව දොරක්. සපත්තු දෙක ගලවල එතන තියන දෙකක් දාගන්ඩ කිවා. ඊට පස්සේ laptop details මගේ details ලොග් පතක ලීවා. servers තියන area එකට මෙන්න තව දොරක් දාලා. මොන පයන්නක්ද ඔයි. එක ඇරලා දුන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ඉතින් rack location 1 අහගෙන එතෙන්ඩ ගියා. නොදකින් මේ යක්කු එකටත් lock එකක් දාලා. එකත් අරගත්තා. එක ඇතුලේ තව separated areas වගයක් තිබුන. මෙච්චර servers අස්සේ හෙන තඩි cylinder ගොඩක්. මුන් මේක අස්සේ උයාගෙන කනවද මන්ද. හෙන දඩාර cylinder හැබෙයි. පස්සේ අර මලය කිවේ. ඒ fire suppression system එක කියල.
මුන්ගේ Physical security නම් අන්තිමයි. පුදුම කට්ටක් කෑවේ.