Day care is causing the ADHD epidemic..

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,506
    1,301
    113
    United States
    දරුවා දවසම day care එකේ තියන එක ADHD වලටත් බලපානවා කියන එක නම් දෙමව්පියෝ හිතන්න ඕන කතාවක්. thumbnail එකේ අඬන පොඩ්ඩා දැක්කම තේරෙනවා කතාව ටිකක් බරපතලයි කියලා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,577
    77,975
    113

    ඕකේ සිද්දිය තියෙන්නෙ ලමයෙක් හැදෙනකොට ඒ කියන්නෙ මුල් අවුරුදු 2 3 ඇතුලත් එයාලත් එක්ක interact කරන්න ඕනා. නැත්තන් මොලේ හරියට වයර් වෙන්නෙ නෑ. ගොඩක් උන් කරන්නෙ phone එකක් දීලා ඉන්න එක. ඕක නිසා දැන් virtual autism කියලා එකකුත් ඇවිල්ලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,602
    7,409
    113
    ඕක වෙන්න පුලුවන්
    පොඩි ලමයි imitate කරනවා
    ඩේ කෙයා එකේ එක ADHD ලමයෙක් හිටියොතින් ඒක දකින අනිත් ලමයි ඒක අනුකරනය කරලා ADHD වගේ හැසිරෙන්න පුලුවන්.
    විශේශයෙන් වැඩිමල් ADHD තියන ලමයෙක් ඉඳලා ඒ ලමයා එක්ක ගොඩක් පොඩි දරුවො තිබ්බොතින් අනිවා මේක වෙනවා.

    ඒක නිසා ගෙදර එක වැඩිමල් ලමයෙක්ට ADHD තියනවා නං හෙනම පරෙස්සෙමන් අනෙක් පොඩි ලමයි හදන්න ඕන
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,295
    18,598
    113
    අප්‍රිකාවේ බඩගින්නේ ඉන්න උන්ට depression, adhd මුකුත් නෑ. ඔක්කොම ළමයි හරියට හදාගන්න බැරි උන් ඒක justify කරගන්න හදාගත්ත බොරු ලෙඩ
     
    • Like
    Reactions: Shehan333

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,602
    7,409
    113
    අප්‍රිකාවේ බඩගින්නේ ඉන්න උන්ට depression, adhd මුකුත් නෑ. ඔක්කොම ළමයි හරියට හදාගන්න බැරි උන් ඒක justify කරගන්න හදාගත්ත බොරු ලෙඩ
    ඩයග්නෝස් කරේ නැහැ කියන එකෙන් කියන්නෙ නැහැ ADHD නැහැ කියලා

    උඹලා ඉස්කෝලෙ යන කාලෙ ගොඩක් වෙලාවට හරිම දඟ එක විදියක ඉන්නෙ නැහැ කියලා කියපු ලමයි ඉන්නවා නං එවුන් ADHD තිබුනු එවුන් වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,802
    1
    19,249
    113
    35
    Spain
    අප්‍රිකාවේ බඩගින්නේ ඉන්න උන්ට depression, adhd මුකුත් නෑ. ඔක්කොම ළමයි හරියට හදාගන්න බැරි උන් ඒක justify කරගන්න හදාගත්ත බොරු ලෙඩ
    උන්ට ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියෙනවා නේ සර. සර් කිව්වා වගේ බඩගින්න එහෙම.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,295
    18,598
    113
    ඩයග්නෝස් කරේ නැහැ කියන එකෙන් කියන්නෙ නැහැ ADHD නැහැ කියලා

    උඹලා ඉස්කෝලෙ යන කාලෙ ගොඩක් වෙලාවට හරිම දඟ එක විදියක ඉන්නෙ නැහැ කියලා කියපු ලමයි ඉන්නවා නං එවුන් ADHD තිබුනු එවුන් වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා
    එතකොට උඹ පොඩි කාලේ අඳුරන පන්තියේ දඟ උන් තාම දඟයිද? නැත්තන් කසාද බැඳලා ළමයි හදාගෙන හොඳ job කරගෙන ඉන්නවද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,602
    7,409
    113
    එතකොට උඹ පොඩි කාලේ අඳුරන පන්තියේ දඟ උන් තාම දඟයිද? නැත්තන් කසාද බැඳලා ළමයි හදාගෙන හොඳ job කරගෙන ඉන්නවද?
    I have ADHD, මම කලිනුත් කියලා ඇති. ඒක නිසා මම දන්නෙ මේ ගැන
    හැබැයි බෙහෙත් කරා මට
    මම පොඩි කාලෙ ඉඳලා බෙහෙත් බිවුවා
    හැමදාම උදේට ඉස්කෝලෙ යද්දි පෙත්ත බීලා යන්නෙ ඒක නිසා මම ගොඩ ගියා

    වැඩකට ෆෝකස් කරන්න පට්ට අමාරුයි
    හැබැයි ෆෝකස් කරන්න පුලුවන් වෙලාවල් තියනවා තොපිලට හිතාගන්න ආමරුයි ඒ ෆෝකස් එක. සාමාන්‍ය එකෙක් සතියකියන් කරන වැඩ දවසෙන් කරන්න පුලුවන් ඒ ෆෝකස් එක ආවම. හැබැයි ඒක එන්නෙ කොයි වෙලේද කියලා කියන්න දෙයියන්ටවත් බැහැ

    දැන් බෙහෙත් බොන්නෙ නැහැ
    ඕනත් නැහැ
    ගොඩක් වැඩ හිතලාම ටිකක් අමාරුවෙන් කරන්න පුලුවන්
    සාමාන්‍යෙන් වැඩක් පටන් අරගෙන කරගෙන ගියාම අල්ලගෙන යන්න පුලුවන් වෙන මොකක් හරි මගුලක් පාත් වෙලා ෆෝකස් එක ඒකට ගියේ නැත්තං
     
    • Like
    Reactions: CoolMan88