DCD ගැන ලූණු ඇඹුල් ඇතිව කියයි
ඇමති චම්පික නවසීලන්ත තානාපතිට DCD ගැන ලූණු ඇඹුල් ඇතිව කියයි
මෙලමයින් වැනි විසකාරක සඳහා භාවිත කරන ඞී.සී.ඞී. රසායනිකයේ ස්වභාවය හෝ හානිකරතාව පරීක්ෂා කර බැලීමට මේ රටේ දරුවන් හෝ කිරිපිටි පාරිභෝගිකයින් භාවිත කිරීම කිසිසේත් අනුමත නොකරන බව ාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා නවසීලන්ත මහකොමසාරිස් ජෑන් හෙන්ඩර්සන් මහත්මියට පවසා තිබේ.
නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි වර්ග කිහිපයක ඞී.සිී.ඞී. රසායනික අඩංගු බවට කාර්මික තාක්ෂණ ආයතනය මගින් තහවුරු කර ගැනීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට නවසීලන්ත මහකොමසාරිස්වරිය ඊයේ එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී ඒම හතා මෙම අදහස් පල කර තිබේ.
අමාත්‍යාංශයේ පැවැති මෙම හමුවේදී කිරිපිටි අර්බුදය සම්බන්ධයෙන් මහකොමසාරිස්වරිය හා ඇමැතිවරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡ විය.
එහිදී අදහස් දැක්වූ නවසීලන්ත මහකොමසාරිස්වරිය ඉකුත් වසරේ ඔක්තෝබර් නොවැම්බර් හා දෙසැම්බර් කාලවලදී නවසීලන්තයේ නිෂ්පාදිත කිරිපිටි වර්ග කිහිපයක ඞී.සී.ඞී. රසායනික අඩංගු බවට එරට සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වූ බවත් ෆොන්ටේරා සමාගම ද එය පිළිගත් බවත් කීවාය.
එම පරීක්ෂණවලින් අනතුරුව ඉකුත් ජුනි මාසයේ සිට නවසීලන්තයේ සියලූම කිරිපිටි සමාගම්වලට ඞී.සී.ඞී. පරීක්ෂාව අනිවාර්ය කිරීමට තම රජය පියවර ගත් බවද ජෑන් හෙන්ඩර්සන් මහත්මිය සඳහන් කළාය.
නවසීලන්ත රජය සහ පෞද්ගලික ආයතනවල කිසිදු ආකාරයක ගනුදෙනුවක් හෝ සම්බන්ධතාවක් නොමැති බවද මහ කොමසාරිස්වරිය කීවාය.
තමන්ගේ හා තම රජයේ එකම අරමුණ තම රටේ කීර්තිනාමය රැකගැනීම හා සියලූම රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බවද මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.
ඉදිරියේදී නවසීලන්ත විද්‍යාඥයින් හා ශී‍්‍ර ලාංකීය විද්‍යාඥයින් එක්ව මේ සම්බන්ධව අඛණ්ඩව පරීක්ෂණ සිදුකිරීමට තම රජය සූදානම් බවද හෙන්ඩර්සන් මහත්මිය කීවාය.
එහිදී අදහස් දැක්වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා, කාර්මික තාක්ෂණ ආයතනය නිවැරැදි ජාත්‍යන්තර තත්ත්වය අනුගමනය කරමින් සිය පරීක්ෂණ සිදුකර ඇති බව පැවසීය.
ඞී.සී.ඞී. රසායනිකය ශරීරයට විස නොමැති බවට හා කාර්මික තාක්ෂණ ආයතනයට එම පරීක්ෂණ සිදුකිරීම සඳහා පහසුකම් නොමැති බවට ප්‍රකාශ කිරීමට නවසීලන්ත සමාගමක් වන ෆොන්ටේරා සමාගම කටයුතු කිරීම ඉතාම කනගාටුදායක බව ද ඇමැති රණවක මහතා පැවැසීය.