DCD ගැන ලූණු ඇඹුල් ඇතිව කියයි

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    DCD ගැන ලූණු ඇඹුල් ඇතිව කියයි

    ඇමති චම්පික නවසීලන්ත තානාපතිට DCD ගැන ලූණු ඇඹුල් ඇතිව කියයි

    මෙලමයින් වැනි විසකාරක සඳහා භාවිත කරන ඞී.සී.ඞී. රසායනිකයේ ස්වභාවය හෝ හානිකරතාව පරීක්‍ෂා කර බැලීමට මේ රටේ දරුවන් හෝ කිරිපිටි පාරිභෝගිකයින් භාවිත කිරීම කිසිසේත් අනුමත නොකරන බව ාක්‍ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා නවසීලන්ත මහකොමසාරිස් ජෑන් හෙන්ඩර්සන් මහත්මියට පවසා තිබේ.

    නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි වර්ග කිහිපයක ඞී.සිී.ඞී. රසායනික අඩංගු බවට කාර්මික තාක්‍ෂණ ආයතනය මගින් තහවුරු කර ගැනීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට නවසීලන්ත මහකොමසාරිස්වරිය ඊයේ එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී ඒම හතා මෙම අදහස් පල කර තිබේ.

    අමාත්‍යාංශයේ පැවැති මෙම හමුවේදී කිරිපිටි අර්බුදය සම්බන්ධයෙන් මහකොමසාරිස්වරිය හා ඇමැතිවරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡ විය.

    එහිදී අදහස් දැක්වූ නවසීලන්ත මහකොමසාරිස්වරිය ඉකුත් වසරේ ඔක්තෝබර් නොවැම්බර් හා දෙසැම්බර් කාලවලදී නවසීලන්තයේ නිෂ්පාදිත කිරිපිටි වර්ග කිහිපයක ඞී.සී.ඞී. රසායනික අඩංගු බවට එරට සිදුකළ පරීක්‍ෂණවලදී තහවුරු වූ බවත් ෆොන්ටේරා සමාගම ද එය පිළිගත් බවත් කීවාය.

    එම පරීක්‍ෂණවලින් අනතුරුව ඉකුත් ජුනි මාසයේ සිට නවසීලන්තයේ සියලූම කිරිපිටි සමාගම්වලට ඞී.සී.ඞී. පරීක්‍ෂාව අනිවාර්ය කිරීමට තම රජය පියවර ගත් බවද ජෑන් හෙන්ඩර්සන් මහත්මිය සඳහන් කළාය.

    නවසීලන්ත රජය සහ පෞද්ගලික ආයතනවල කිසිදු ආකාරයක ගනුදෙනුවක් හෝ සම්බන්ධතාවක් නොමැති බවද මහ කොමසාරිස්වරිය කීවාය.

    තමන්ගේ හා තම රජයේ එකම අරමුණ තම රටේ කීර්තිනාමය රැකගැනීම හා සියලූම රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බවද මහකොමසාරිස්වරිය ප‍්‍රකාශ කළාය.

    ඉදිරියේදී නවසීලන්ත විද්‍යාඥයින් හා ශී‍්‍ර ලාංකීය විද්‍යාඥයින් එක්ව මේ සම්බන්ධව අඛණ්ඩව පරීක්‍ෂණ සිදුකිරීමට තම රජය සූදානම් බවද හෙන්ඩර්සන් මහත්මිය කීවාය.

    එහිදී අදහස් දැක්වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා, කාර්මික තාක්‍ෂණ ආයතනය නිවැරැදි ජාත්‍යන්තර තත්ත්වය අනුගමනය කරමින් සිය පරීක්‍ෂණ සිදුකර ඇති බව පැවසීය.

    ඞී.සී.ඞී. රසායනිකය ශරීරයට විස නොමැති බවට හා කාර්මික තාක්‍ෂණ ආයතනයට එම පරීක්‍ෂණ සිදුකිරීම සඳහා පහසුකම් නොමැති බවට ප‍්‍රකාශ කිරීමට නවසීලන්ත සමාගමක් වන ෆොන්ටේරා සමාගම කටයුතු කිරීම ඉතාම කනගාටුදායක බව ද ඇමැති රණවක මහතා පැවැසීය.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද නිව්සීලන්ඩ් විදේශ කටයුතු ඇමති එනවා ලන්කාවට ඩීල් එකක් දාලා වැඩේ ගොඩ දාන්න.. :P
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අද නිව්සීලන්ඩ් විදේශ කටයුතු ඇමති එනවා ලන්කාවට ඩීල් එකක් දාලා වැඩේ ගොඩ දාන්න.. :P

    Ah Heta MR kiyaya Kalin Report boru ewa , DCD New Zealand Milk wela neh kiyela !:rofl::rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද නිව්සීලන්ඩ් විදේශ කටයුතු ඇමති එනවා ලන්කාවට ඩීල් එකක් දාලා වැඩේ ගොඩ දාන්න.. :P

    ලංකාවද බන් ලෝකේ කිරි වැඩියෙන්ම බොන රට
    :eek::eek::eek:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ අල්ල පනල්ලෙ මුන් ෆොම් වෙලා කුට්ටිය උන්ට බා ගන්නයි යන්නෙ.. :P:P

    M6R28T.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හෙට අනිද්දට, DCD තියෙන්නේ, හයිලන්ඩ් කිරි වල තමා කිව්වත්, මම නම් පුදුම වෙන්නේ නෑ..... :no:
     
    • Like
    Reactions: Vampire