DEADPOOL ගැන නොදන්න දේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    DEADPOOL ගැන නොදන්න දේ

    සීමාවක් නැති සීමා බිඳීන... DEADPOOL



    deadpool-ver9-11e99.jpg


    හොලිවුඩයෙන් බොක්ස් ඔෆිස් වාර්තා බිහිවීම ලෝකයට අරුමයක් නොවේ. නමුත් ඉඳ හිට ඇතැම් චිත්‍රපට ලෝකයට නිරාවරණය වන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලට නැග බොක්ස් ඔෆිස් වාර්තා කඩා බිඳ ඉදිරියට යෑම නිසාය. කලකට පසු එවන් හොලිවුඩ් චිත්‍රපටයක් ගැන ලෝක මාධ්‍ය වාර්තා කරන්නට විය.

    ‘ඩෙඩ්පූල්’ ඒ නවතම චිත්‍රපටය ලංකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක තිරගත කිරීම ආරම්භ කෙරුනේ තෝරාගත් රටවල් කිහිපයකින් එයට පැනවූ වාරණ ද සහිතවය. දරුණු ක්‍රියාදාම, වාග් මාලාවේ සංස්කෘතික බාධාවන් මෙන්ම නග්න ලිංගික දර්ශන හේතුවෙන් ඩෙඩ්පූල් ඇමරිකාවෙන් නිකුත් වූයේ ‘R’ ශ්‍රේණිය හෙවත් ‘සීමා කරන ලද’ (Restricted) ප්‍රදර්ශන ඛාණ්ඩය යටතේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් එය නැරඹිය යුත්තේ සිය දෙමාපිය අවවාද අනුශාසනා සහිතවය.

    සුප්‍රකට ඇමරිකානු ‘මාර්වල්’ චිත්‍ර කතාවකින් ඇරඹෙන ඩෙඩ්පූල් චරිතය මෑත අවධියේ වැඩියෙන්ම ජනප්‍රිය වූයේ ඩෙඩ්පූල් වීඩියෝ ක්‍රීඩා පෙල සමගයි.1991 දී රොබ් ලිෆෙල්ඩ් අතින් නිර්මාණය වුනු ඩෙඩ්පූල් මාර්වල් සමාගමේ අනෙකුත් චිත්‍රකතා (අවෙන්ජර්ස්, ඔ මෙන්, ස්පයිඩර් මෑන්, කැප්ටන් ඇමරිකා, තෝර්) මෙන්ම ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් විය.

    මීට පෙර ඩෙඩ්පූල් චරිතයක් ලෙස සිනමාවට එක් වූයේ ‘ඔමෙන් වොල්වරින්’ තවත් මාර්වල් කතාවක් වූ චිත්‍රපටයෙනි. පසුකලෙක ඒ චිත්‍රකතා චිත්‍රපට සඳහා ලියවුනාක් සේ ඩෙඩ්පූල් ද චිත්‍රපටයක් ලෙස එළිදැකුනේ පෙබරවාරි මස 8 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර මංගල දර්ශනයත් සමගයි.

    අනිකුත් මාර්වල් කතා වලින් ඩෙඩ්පූල් විශේෂ වූයේ ඒ සඳහා ‘R’ ශ්‍රේණිය ලැබීමත් ඒ හේතුකොටගෙනම ලොව පුරාම ප්‍රේක්ෂකයින් එයට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමත්ය. එනම් ‘අ’ ශ්‍රේණියේ හොලිවුඩ්චි ත්‍රපටයක් එහි පළමු සති අන්තය තුල ලබා ගත් ඉහළම අදායම ලබා ගැනීමට ඩෙඩ්පූල් සමත් වීමයි. එය ඇමරිකානු ඩොලර් මිලියන 132ක් ඉක්මවූ ආදායමකි. පෙබරවාරි 19 වන දින වන විට එය ඇමරිකානු කලාපය තුළ පමණක් උපයන ලද අදායම ඩොලර් මිලියන 196ක් ඉක්මවන අතර අනෙකුත් රටවල එකතුවද ඩොලර් මිලියන 153 ඉක්මවයි.

    ඒ අනුව පෙබරවාරි මස 19 වන විට ලොව පුරා අදායම මිලියන 350 කට ආසන්න වී තිබේ. එපමණකින් නොනැවතී පළමු සතිඅන්තය තුළ වැඩිම අදායම් ලත් පළමු හොලිවුඩ් චිත්‍රපට 20 අතරට එක් වීමටද ඩෙඩ්පූල් සමත් වූ අතර ඉන් පළමු ස්ථානය තවමත් තිර ගත වන ‘ස්ටාර් වොර්ස්- ද ෆෝර්ස් අවේකන්ස්’ හිමි කරගෙන තිබෙනවා.

    වැඩිම ආදායම් ලත් ‘R’ ශ්‍රේණියේ චිත්‍රපට 20 අතර දැනටමත් ඩෙඩ්පූල් රැඳී සිටින අතර තිරගත වීම අවසානයේ එය පළමු චිත්‍රපට 10 අතරට එක්වීමේ වැඩි සම්භාවිතාවක් ඇත. එම ලැයිස්තුවේ ඉහළින්ම රැඳී සිටින චිත්‍රපට අතර ‘ද පැෂන් ඔෆ් ක්‍රයිස්ට්’, ‘ඇමරිකන් ස්නයිපර්’ වැනිප්‍රකට නම් ඇතුලත්ය.

    ත්‍රාසජනක රූප රාමුවක් පසුබිමින් ඇසෙන ජනප්‍රිය ඉංග්‍රීසි ගීයක් සමගම චිත්‍රපටයේ තේමාව දිගහැරෙන නමුදු චිත්‍රපටයේ අදියුරු දක්වාම හාස්‍යට ලක් කරන තේමාවක් යොදා ගැනීමෙන්ම චිත්‍රපටය යම් අකර්ෂණයකට ලක් කරයි. කලකට පසු හාස්‍ය හා උපහාසය ඇඟට නොදැනී ප්‍රකාශ කරන හොලිවුඩ් නිර්මාණයක් බිහිවූවා යැයි පැවසිය හැකි වුවද චිත්‍රපටයේ සැබෑ ඝනය ක්‍රියාදාමයයි. රාමුවෙන් රාමුවට හාස්‍ය මතු කරන රංගනයත් එය සීමා කරන සංස්කරණ රටාවත් ඉතා සිත් ගන්නාසුළු බව කිවමනාය.

    ඩෙඩ්පූල් හෙවත් වේඩ් විල්සන් චරිතයට පන පොවන්නේ ප්‍රකට කැනේඩියානු නළු රයන් රෙනොල්ඩ්ස් ය. ඔහු චිත්‍රපටයේ නිෂ්පාදනයටද හවුල් වේ. තමන් පිළිකා රෝගයකින් පෙලෙන බව හිටිඅඩියේ දැනගන්නා විල්සන්පුදුමය දනවන පර්යේෂණයකට යොමු වෙන අතර එහි ප්‍රතිපලය වූයේ විකුර්ති පෙනුමක් සහිතව අධි හැකියා මිනිසෙකු බවට ඔහු පත් වීමයි. පෙම්වතියත් සතුරනුත් අතර තමජීවිතය දෝලනය වීමත් ‘ඩෙඩ්පූල්’ එම දෝලනය අවසන් කරන අයුරු විඳීමටත් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුමය.

    ටිම් මිලර්ගේ අධ්‍යක්ෂණයක් වන ඩෙඩ්පූල්සයිමන් කින්බර්ග්, රයන් රෙනොල්ඩ්ස්,ලෝරන් ඩොනර් ගේ සම නිෂ්පාදනයක්. ලොව පුරා බෙදාහැරිම 20th Century Fox සමාගමෙනි. පැය 1යි මිනිත්තු 46ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයේ සංස්කරණය ජුලියන් ක්ලාර්ක් ගෙන්ය. වැල්ලවත්ත සැවෝයි ඇතුළු සිනමාහල් කිහිපයක තිරගත කරන චිත්‍රපටයට උණුසුම් ප්‍රතිචාර මේ වන විටත් ලංකාවෙනුත් ලැබෙමින් තිබේ.

    ෂෙනාල් එරාන් ජයසේකර



     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :baffled: තව මාස ගානක් ඉන්න එපයි අපි බලන්න.
    tfs රේප් දෙන්න බහලු.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    “You look like an avocado had sex with an older avocado.”
    TFS
    Bump

    ඔවානම් අවුලක් නැහැ බන්...තේරෙන්නේ නැහැනේ කොහොමත් ඕව :lol:

    සිඞ්හළ ෆිල්ම් වලත් අමු කුණුහරුප කියන්නේ...මේ ලගදි ඔෆිස් එකේ සිඞ්හළ එකක කෑල්ලක් ප්ලේ කරා...එකේ එකෙක් කියනවා මලක් අරන් ඇවිත්, මේ මල මම කොහාටද දෙන්නේ...හිතාගන්න බැහැ..කටට දෙන්නත් බැහැ...ඔන්න ඔහොම එකක්...මල චාටර් බන්..:dull: