DEHIWALA සාපලද්දන්ගේ_සත්තු_අපාය

DEHIWALA සාපලද්දන්ගේ_සත්තු_අපාය

img_0359.jpg

img_0237.jpg

img_0339.jpg

img_0252.jpg

img_0257.jpg

img_0289.jpg

img_0271-e1275634589507.jpg


img_0263-e1275634707636.jpg


මීමින්නන් පික්පොකට් ගසා තිබුනි. වඳුරන් ගංජා වවා ඇත. කොටි ගෙවල් හත අටක් මංකොල්ල කා ඇත. පැස්බරුන් හාවන් හා පිඹුරන් කුඩු ගසා අසුවී ඇත. ඔරං ඔටං වරයෙක් කාන්තාවක් දූෂනය කර ඇත. ළමා අපචාර කල බස්සන් දෙදෙනෙක් සිටියේය. ලේන්නුද වල් බලල්ලුද කිඹුලන්ද හොර මත්පැන් පෙරා අසුවී සිටිති. චිම්පන්සියෙක් අල්ලස්ගෙන ඇත. නොසැලකිල්ලෙන් රියපදවා ළමුන් දෙදනෙක් මරා දැමු වලි කුකුළන් පවුල පිටින් කූඩුකර සිටියෝය.
සිරගත කර සිටි උන්ට ඇති චෝදනා පරිදි බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදී තිබුණි. සතුනට ආහාර පවා ලබා දෙන්නේ අඩුවෙනි. කිසිදිනෙක මිනිසුන්ගේ ඇසට පෙනීමට ඒමට පවා බිය හිපපොටේමස් කෑම ඉල්ලා උගේ යෝධ කට අරී. මෙවන් අපරාධ කරඇති සතුන් සියල්ලන්ම වෙන් වෙන් හිරකූඩුවල දමා තිබුනේ දීර්ඝකාලීන දඬුවම් සඳහාය. කිසිදු ගැලවීමක් නැත. රටේම අංගොඩ සිට පැමිනි මිනිසුන් කිසිදු ජීවන අයිතියක් තබා තමන්ටවත් ජීවිත අයිතියක් නැති මෙම කූඩුකල සත්ව ඩමි දෙස බල බලා යති.
දෙහිවල සාපලද්දන්ගේ නගරයේ අපිරිසිදු කොනක සතුන් සියල්ලම අපිරිසිදු කැත දුගඳ හමන ආවරන රහිත වසර 40ක් පමණ පැරණි වලවල් වල හා යකඩ කූඩු වල දමා උන් මියයන තුරු රඳවා සිටිති. දැනට වසර 40කට වැඩිය. මිනිස්කමටත් නිගාවකි. දෙහිවල සත්තු අපාය බලන්න පෙල ගැසී යන්නේ ශිෂ්ඨ මිනිසුන් නොව මිනිස් රොඩුය. මේ කුරිරු කම් වලින් විනෝදවන වනචාරී මිනිස් සුන්බුන්ය.
බුදුන්ටත් හලාල්කල කුකුළුමස් පූජාකරන, අශිෂ්ඨ මිනිසුන්ට සතෙකුට ජීවන අයිතියක් ඇති බව පැවසීම විහිළුවකි.

උපුටා ගැනීම
Code:
maruwaxx
බ්ලොග් අඩවියෙනි

මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?:rolleyes:
 
Last edited:

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,563
    3,257
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කථාව ඇත්ත, අපි පොඩිකාලේ තිබුණ විදිහමයි.. කිසිම දෙයක් අළුතින් නෑ
    හැබැයි සත්තු බලාගන්න සේවකයෝ ආදරෙන් සත්තු බලනවා, පහසුකම් අඩුවුනත් හැකි උපරිමයෙන් කරනවා...
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,164
    409
    0
    siraa kathaava machan.kuudu karala inna saththu balabala api aathal gannava.

    img_0263-e1275634707636.jpg


    me pithuren sampoorna kathaava vetahenava.

    BTW umba blog eke link eka dhaapu eka hondhai(umbe blog ekadha danne ne melahakata:P)
     
    කථාව ඇත්ත, අපි පොඩිකාලේ තිබුණ විදිහමයි.. කිසිම දෙයක් අළුතින් නෑ
    හැබැයි සත්තු බලාගන්න සේවකයෝ ආදරෙන් සත්තු බලනවා, පහසුකම් අඩුවුනත් හැකි උපරිමයෙන් කරනවා...
    මම මේ ලගදි ගියා, එතකොට නම් ගන්න දෙයක් නෑ, සුද්ද පවිත්‍ර කරලවත් නැහැ, සත්තු බලා ගන්න අය නම ආදරයෙන් බලා ගන්නව ඒත් පාලක මණ්ඩලය සත්තු ගැන සොයා බලනව අඩුයි

    ade satthu tika pawne ban.. sirawatama matanam dukai.. meke inna ka** ballo mewa balanne nathuwa mona *&%*&%^&$ karanawada manda.. :(:(

    හ්ම්ම්ම්ම්ම්ම්ම්
     
    siraa kathaava machan.kuudu karala inna saththu balabala api aathal gannava.



    me pithuren sampoorna kathaava vetahenava.

    BTW umba blog eke link eka dhaapu eka hondhai(umbe blog ekadha danne ne melahakata:P)

    මේක මගෙ බ්ලොග් එකක් නෙමේයි, සත්තු ගැන හොයන කොට මේක හම්බ උනෙ:rolleyes:
     

    bolt

    Member
    Mar 9, 2010
    7,053
    205
    0
    king dutugamunus area
    මම දැන් මාස 6 කට විතර කලින් ගියා එතකොට හොදට තිබුනා අනේ
    මන්දා මුන් මේවා පිරිසිදුවට තියාගත්තේ නැත්නම් පව් අහිංසක සත්තු ටික මැරිලා යයි:(
     

    Tharindu Chat

    Member
    Feb 26, 2008
    8,740
    24
    0
    30
    Victoria, British Columbia
    රැඩිකල් මතයක්... ඒත් ඒකේ කිසිම ප්‍රායෝගික අගයක් නෑ...:dull: සත්තු වත්තක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...:no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,904
    2,400
    113
    .:මහනුවර:.
    මේ සමාජයේ මිනිසුන් ගැන හරි හැටි වැටහිමක් නැති ..
    මිනිස් කොට්ටාංශයක් ඉද්දි..
    මේ වගේ අහිංසක ( දරුණු සතුන් වුනත් ) සතුන්ට හරි හැටි සැලකිල්ලක්
    දක්වන්නේ නැති එක එක අතකින් පුදුමයක් නෙවෙයි..
    කොහොම වුනත්.. මේ වගේ දුෂ්කර ජිවිතයක් ගෙවන්න සිදු වීම එක අතකින්..
    ඒ සතුන්ගේම ආවාසනාවන්ත කමක්..

    සමහර සතුන් වෙනත් රටවල් වලින් ගෙන්වලා තිබ්බත් ඒ රටේ ඒ සතුන් නිදහසේ ( කූඩු කරලා තිබ්බාත් ) හරි හැටි කැමක් එහෙම ලැබිලා තිබ්බ හින්දායි.. අපිට මේ සතුන්ව අදටත් නිරෝගිව දකින්න හරි ලැබිලා තියෙන්නේ..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,782
    1,078
    113
    www.wathilacreation.blogspot.com
    සත්තු හිර කරල තියන එකනම් මහ පව් කාර වැඩක් ඒවුන් බලන්න යන අපටත් පව්

    සත්තු හිර කරන්නෙ නැතිව සත්තුන්ට නිදහසේ ඉන්න පුලුවන් අක්කර 50 60 ක ප්‍රදේශයක විවෘත සත්ව උද්්‍යානයක් ලංකාවටත් ඕනෙ මේව කරන්න අමාරු වැඩ නෙමේ. ලංකාවෙ සල්ලි නාස්ති කරන හැටියට

    අදාල බලධාරිනි තොපගේ ඇස් ඇරේවා.....
    නැතිනම් මේ අහිංසක සත්තු වෙනුවෙන් තොපට සාප වේවා...............
     
    මම දැන් මාස 6 කට විතර කලින් ගියා එතකොට හොදට තිබුනා අනේ
    මන්දා මුන් මේවා පිරිසිදුවට තියාගත්තේ නැත්නම් පව් අහිංසක සත්තු ටික මැරිලා යයි:(
    :(:(:(
    හරියට හරි කියන කතාව
    එත් දැන් කියනව නෙද පින්නවලට සත්තුවත්ත අරගෙන යනව කියලා

    අනේ මන්ද

    රැඩිකල් මතයක්... ඒත් ඒකේ කිසිම ප්‍රායෝගික අගයක් නෑ...:dull: සත්තු වත්තක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...:no:

    ඔබගේ අදහසට ස්තුතියි
    මේ සමාජයේ මිනිසුන් ගැන හරි හැටි වැටහිමක් නැති ..
    මිනිස් කොට්ටාංශයක් ඉද්දි..
    මේ වගේ අහිංසක ( දරුණු සතුන් වුනත් ) සතුන්ට හරි හැටි සැලකිල්ලක්
    දක්වන්නේ නැති එක එක අතකින් පුදුමයක් නෙවෙයි..
    කොහොම වුනත්.. මේ වගේ දුෂ්කර ජිවිතයක් ගෙවන්න සිදු වීම එක අතකින්..
    ඒ සතුන්ගේම ආවාසනාවන්ත කමක්..

    සමහර සතුන් වෙනත් රටවල් වලින් ගෙන්වලා තිබ්බත් ඒ රටේ ඒ සතුන් නිදහසේ ( කූඩු කරලා තිබ්බාත් ) හරි හැටි කැමක් එහෙම ලැබිලා තිබ්බ හින්දායි.. අපිට මේ සතුන්ව අදටත් නිරෝගිව දකින්න හරි ලැබිලා තියෙන්නේ..
    හ්ම්ම් සත්තුන්ට කෑම දීපු හින්දනෙ ඒ ගොල්ල මෙච්චර දවස් ජීවත් වෙන්නෙ, එත් මගේ අදහස නම් එලිමහන් සත්තු වත්තක් හැදුවොත් හොදයි කියල
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,904
    2,400
    113
    .:මහනුවර:.
    මම දැන් මාස 6 කට විතර කලින් ගියා එතකොට හොදට තිබුනා අනේ
    මන්දා මුන් මේවා පිරිසිදුවට තියාගත්තේ නැත්නම් පව් අහිංසක සත්තු ටික මැරිලා යයි:(

    මට නම් පෙන හැටියට.. ඉදිරි අනාගතයේ මේ සත්ත්ව කොට්ටාංශයත්..
    වද වේගෙන යන සතුන් ගණයට අයත් වෙයි..
    මේ වගේ අපේ රටේ දී.. සතුන් වෙනුවෙන්..
    සලකණ හැටියට..
     
    Satthu ehema kuudu kalath unta hodata salakanawanam aulak naha...
    :)
    සත්තු හිර කරල තියන එකනම් මහ පව් කාර වැඩක් ඒවුන් බලන්න යන අපටත් පව්

    සත්තු හිර කරන්නෙ නැතිව සත්තුන්ට නිදහසේ ඉන්න පුලුවන් අක්කර 50 60 ක ප්‍රදේශයක විවෘත සත්ව උද්්‍යානයක් ලංකාවටත් ඕනෙ මේව කරන්න අමාරු වැඩ නෙමේ.

    :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,904
    2,400
    113
    .:මහනුවර:.
    හ්ම්ම් සත්තුන්ට කෑම දීපු හින්දනෙ ඒ ගොල්ල මෙච්චර දවස් ජීවත් වෙන්නෙ, එත් මගේ අදහස නම් එලිමහන් සත්තු වත්තක් හැදුවොත් හොදයි කියල

    ඒ වගේ නිදහස් පරිසරයක ජිවත් වෙන්න තමයි..
    ඒ සතුන් තුල වුනත්..
    වැඩි කැමැත්තක් තියෙන්නේ..

    කොහොම වුනත් යාල වනෝද්‍යානය විදියට හදන්න ඉඩ අවස්ථා නොලැබුනත්..
    ඒ සතුන්ව.. වෙනත් තැන්වලට නිදහසේ.. සැරි සැරිමට පුලුවන් වෙන විදියට..
    බුමියක් වෙන් කලා නම් හරි..