ඩෙංගු ගැන ජනප්‍රිය මතයට පිටින් යන, ඔබට නිකමට හිතිලා නැති, විවෘත මනසකින් හිතුවොත් දෙයියනේ ඇත්ත නේද කියලා හිතෙන, තමුන්ට එහෙම හිතුනෙ නැති එක ගැන ලැජ්ජා හිතෙන කරුණු කීපයක්.
(සැලකිය යුතුයි... මම මේ පහුගිය ටිකේ මගේ වගේ දාන මේ අලුත් අදහස්වලට මුලික උනේ මම ලඟදි කියවපු ආටිකල් එකක්. ලංකාවෙ කෙනෙක් ලියපු, මට නම් ඊරිසියා හිතෙන විදියෙ වෙනස්ම ඇසකින් ඩෙංගු දිහා බලපු, ලස්සනට ඉදිරිපත් කරපු scientific article එකක්.. මේ සියල්ලේ ගෞරවය ඔහුට හෝ ඇයට හිමිවෙන්න ඕනේ... ඒ ආටිකල් එක මම කමෙන්ට් එකේ දාන්නම්)
ඔන්න ඩෙංගු ගැන ඔබට හිතෙන්නෙ නැති කරුණු.
1. ඩෙංගු කියන්නේ මදුරුවන්ගෙන් බෝවෙන ලෙඩක් නෙමේ..
2. ඩෙංගු බෝවෙන්නෙ ඩෙංගු වැලඳුණු මිනිසෙක්ගෙන් තව මිනිසෙක්ට. මදුරුවා අතරමැදි කෙනා විතරයි. අනික මදුරුවට ඩෙංගු "ආසාදනය වෙන්නේ නෑ " . අනිත් එක මදුරුවො අතර ඩෙංගු වසංගතයක් නෑ..
3. ඩෙංගු බෝවෙන්නෙ රෝගී මනුස්සයෙක්ගෙන් නිරෝගී කෙනෙක්ට. නිරෝගී (වයිරස් එක නැති) මදුරුවො කෑවට ඩෙංගු බෝවෙන්නෙ නෑ .
4. ඩෙංගු වයිරස් එක නිකන් එලියෙ නෑ. ඒකට ජීවත් වෙන්න පුලුවන් මනුස්සයෙක් හෝ මදුරුවෙක් තුල විතරයි.
5. වයිරස් එක මනුස්සයෙක්ගෙ ඇඟ ඇතුලේ ජීවත් වෙන්නෙ ඉපරිම උනොත් දවස් හතක් වගේ කාලයක් විතරයි. ඊට පස්සෙ වයිරස් එකට ජීවත් වෙන්න නම් මදුරුවෙක් ඕනෙ වෙනවා.. එයාට මදුරුවෙක් කෑවෙ නැත්නම් එතනින් එහාට ඒ වයිරස් එක යන්නෙ නෑ..
6.ඩෙංගු රටින් තුරන් වෙන්න නම් ඩෙංගු මදුරුවාව නැති කරලා හරියන්නෙ නෑ.. ඩෙංගු වයිරස් එකයි නැති කරන්න ඕනෙ.
7. අපි රටේ මෙච්චර කල් මදුරුවෝ හිටියා.. ඩෙංගු තිබුනේ නෑ.. 1962 පලවෙනි ඩෙංගු රෝගියාව වාර්තා උන වෙලාවෙ මේ රටට කොහොම හරි ආවෙ ඩෙංගු වයිරස් එක මිසක් ඩෙංගු බෝකරන මදුරුවො නෙමෙයි. උන් කොහොමත් රටේ හිටියා..
8. (මේක නම් රිදෙයි ඈ) අපිට ඩෙංගු බෝකරන මදුරුවා තුරන් කරන්නෙ නැතුව ඩෙංගු වයිරසය තුරන් කරන්න පුලුවන්. නිකමට හිතන්න මදුරුවො මරන්න එපා, මදුරුවෝ බෝවෙන තැන් විනාශ කරන්න එපා, තහනම් කියලා රටේ නීතියක් එනවා කියලා. ඒත් අපිට ඩෙංගු තුරන් කරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ ඩෙංගු මදුරුවාව ලෙඩ්ඩුන්ගෙන් බේරන එකයි. ඩෙංගු රෝගීන්ට මදුරුවො දෂ්ට කරන එක වලක්වන එක යි.
9. අපි මදුරුවො බෝ වෙන තැන් තුරන් කරන්නෙ නැතුව මැලේරියා, බරවා රටෙන් තුරන් කරලා තියනවා. ඒවා බෝ කරපු ඇනෝපිලස් සහ කියුලෙක්ස් මදුරුවො තාම රටේ ඉන්නවා. ඒත් ලෙඩේ නම් නෑ.. මදුරුවා යනු මිහිමතින් වඳ කල නොහැකි සත්ව කොට්ටාසයක් කියලත් කියනවා...
10. අපි කොච්චර මදුරුවෝ බෝ වෙන තැන් විනාශ කලත් මගේ ඇඟ ඇතුලේ ඉන්න ඩෙංගු වයිරස් එක තව කෙනෙක්ට යන එක වලක්වන්න පුලුවන් වෙන්නෙ මාව මදුරුවා "දෂ්ට කරන එක" වැලක්වීමෙන් පමණයි. මොකද මමයි එයාට ඩෙංගු දෙන්නෙ. මදුරුවා මට උදවු කරනවා විතරයි.. වැරදිකරු මමයි. බලන් ගියාම මදුරුවා අහින්සකයි.
11. දේව හාස්කමකින් වගේ රටේ සියලුම මදුරු දෂ්ට කිරීම් නැවතුනා කියලා හිතන්න.. ( මදුරුවා ලේ බොන ශුන්ඩාව කියන අවයවය දෙකට කැඩුනා කියලා හිතන්නකො.. ) ---- අපිට ඩෙංගු සතියෙන් නැති කරන්න පුලුවන්..
12. නමුත් අපිට ඇත්ත ජීවිතයේදී හැමෝටම මදුරුවො කන එක නවත්වන්න බෑ.. මොකද මිනිස්සු වැඩියි.
13. ඒ වෙනුවට අපිට පුලුවන් ඩෙංගු වැලඳුන , ඩෙංගු කියලා සැක හිතෙන අයව මදුරුවො කන එක වලක්වන්න. ඒ අය ගණනින් මුලු ජනහහනයට වඩා අඩුයි.
14. ඔය විදියට ඩෙංගු වැලඳුන හෝ සැක කරන ඔක්කොම මදුරුවන්ගෙන් බේරන්න ඕනෙත් නෑ. 50%ක් කලත් ඇති.
15. එහෙම දෂ්ට කරන එක වලක්වන එක මාස කිහිපයක් එක දිගටම කලොත් අපිට ඩෙංගු සදහටම රටෙන් තුරන් පුලුවන්.. මතක් කරන්න ඕනෙ ලංකාව කියන්නෙ දූපතක්.
#dengue_2017 #dengue2017
https://www.facebook.com/hasinda.udalagama/posts/10213629156825862?pnref=story