Denmark - ඩෙන්මාක්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඩෙන්මාකය ලංකාවට වඩා කුඩා භූමි ප්‍රමානයක් තියෙන , ප්‍රධාන විශාල දූපත් 4 කින් සහ තවත් මධ්‍යම සහ කුඩා සියළු දූපත් 408 ක් තියෙන රටත්.
    ඩෙන්මාකයට කිසිම ස්වභාවික සම්පතක් නැහැ එහි ඉතාම සරු ලංකාවෙ නුවරඑලියෙ වගේ කළු පැහැති පස හැරුණ කොට...
    දල වශයෙන් පැතලි රටක්.. ඒ කියන්නෙ අපේ රටේ වගේ කඳු , නිම්න , දියඇලි නැහැ..
    රටේ හැම තැනම පිලියෙවලට නඩත්තු කරල ..හරි ලස්සනයි.. හරියට නුවරඑලියෙ වැව අයින වගේ..හැම තැනම එකම හැඩති ගස් වලින් ,විදුලි පහන් වලින් සහ මනා නඩත්තුවෙන් සුන්දර කරල..රටේ කොහේ ගියත් එකම විදියයි.
    ඩෙන්මාකයේ අගනුවර කොපන්හේගන්.. සියළුම නගර එකම ප්‍රමාණයට දියුණුයි.. හැම නගරයකකම තියෙන ප්‍රධාන වෙලඳ සැල් එකම වර්ගයේ.. රටේ කොයි නගරයට ගියත් ප්‍රධාන වශයෙන් තියෙන්නෙ එකම වෙලඳසැල් ජාලයක්.. එයට එක හේතුවක් ඩෙන්මාක් ජාතිකයන් වෙලදාම් කරන්න තියෙන කැමැත්ත ඉතාම අඩුයි. ඔවුන් කැමති රැකියා කරන්න සහ ගොවිතැනට.
    ඉතින් ඩෙන්මාකයෙ ෂොපින් කරන්න කොයි නගරයට ගියත් කිසිම වෙනසක් නැහැ.
    නිවාස තියෙන්නෙ බොහෝ නගරය ආශ්‍රිතව. 3-4 km ගිය තැන ඉඳල ඊලඟට තියෙන්නෙ ගොවි බිම්..
    මෙහි බොහෝ ගෙවල් හරිම කුඩායි. විශාල ගෙවත්තක් සහ කාමර දෙක තුනක් සහ එක නාන කාමරයක් සහිත ලස්සන කුඩා ගෙවල්.. අපේ රටේ වගේ මහා විශාල නිවාස ඉතාම අඩුයි.. ඒ වගේම තට්ටු නිවාස වල ජීවත් වෙන අයත් ඉන්නවා.. නමුත් සැලකිය යුතු ප්‍රමානයකට තමන් නගරයේ ජීවත්වන නිවසට අමතරව කැලෑවක ,මුහුදු අයිනක හෝ ගොවි බිමක පිහිටි කුඩා සරල "ගිම්හාන " නිවසකුත් තියෙනවා නිවාඩුවට යන්න. ඒ වගේම තමන්ටම ලොකු බෝට්ටුවක් විනෝදයට මුහුදු යන්න තියෙන අයත් බොහෝයි.
    මේ හැම දේ අතරම විශේෂම දෙය ඩෙන්මාකයේ තියෙන සමානාත්මතාවය. මුලින්ම ඩැනිෂ් භාෂාව ඉගෙන ගනිද්දි අපිට මුලින්ම ඉගැන්නුව වචනය ligehed /සමානාත්මතාවය.
    මේ රටේ Mr. Mrs. Dr. Madam . Sir . ගරු. වැනි යෙදුම් මොනම අවස්ථාවකවත් පාවිච්චි කරන්නෙ නැහැ. ලියුම් කවරයක ලිපිනයකවත් භාවිතා කරන්නෙ නැහැ. කිසිම රැකියා ප්‍රධානියෙකුට හෝ පාසැල් ගුරුවරයෙතුටවත් සර් මැඩම් කියල අමතන්නෙ නැහැ. හැම කෙනෙකුටම අමතන්නෙ මුල් නමින් පමණයි. නොදන්න නොහදුනන කෙනෙකුට පවා ලිපි ශීර්ෂයක අමතන්නෙ ආදරණීය .... ඊලඟට මුල් නම. රටේ නායකයට පවා මුල් නම පමණයි.
    ඔබ කියයි ගුරුවරුන්ට ගරු නොකර කොහොමද ලමයි හැදෙන්නෙ..නැහැ ..මෙහි ගුරුවරු සහ ලමයි අතර තියෙන්නෙ පුදුම ආදරණීය බැඳීමක්. බය නැති , නීති රෙගුලාසි වලින් යටපත් නොවුන දරුවො පාසැලෙන්ම ස්වයං විනය පුහුණු වෙනව.
    වැඩිහිටියන්ට හා සමාන ගෞරවයක් දරුවන්ට දක්වන නිසා ඔවුන්ගෙ පෞර්ෂවය ඉහලයි. උදාහරණයට ප්‍රතිකාර ගන්න මගේ ලඟට මව හෝ පියා සමඟ කුමන වයසක දරුවෙක් ආවත් මම මුලින්ම ආචාර කරල මාව හදුන්වල දෙන්නෙ දරුවට.. ඕනෑම තැනකදි කවුරුත් එහෙමයි.
    රාජකාරි ස්ථානයකදි කවුරුත් සමානයි. රෝහල පිරිසිදු කරන්නා ,රෝගීන් ඇතුළු හැමෝම විශේෂඥ වෛද්‍යවරයාට පවා නමින් කතා කරන්නෙ. කවුරුත් කෑම කන්නෙ එකම කැන්ටිමේ..රෝහලේ නිල ඇඳුම් ගබඩාවෙන් ගන්න එකම නිල ඇඳුම අදින්නෙ. .. වෛද්‍යවරු විතරක් තමන්ගෙ ආම්පන්න දාගන්න අර නිලඇඳුමටම තව දිග වෛද්‍ය කබාය අඳිනව.
    කොයි කාර්යාලයේත් මේ විදියමයි.
    මේ සමානාත්මතාවය නිසාම සෑම සේවකයෙකුට ඉහල පෞර්ශවයක් තියෙනවා. සෑම රැකියාවකටම ගෞරවයකුත් ලැබෙනවා. "කරුණාකර මෙය කර දෙන්න " කියල ඉල්ලමක් විනා අණ දීමක් කිසිවිටෙකත් කිසිවෙකුට රාජකාරියෙදි ලැබෙන්නෙ නැහැ.. හැබැයි එවැනි ඉල්ලීමකට "හා මම බලන්නම්" කියන්නත් ඔබට බැහැ. මොකද එය ව්‍යංග අණක්.
    සෑම රැකියාවකටම දල වශයෙන් සමාන වැටුපක් තියෙන්නෙ.. සමහර රැකියා සඳහා තරමක ඉහල වැටුපක් තියෙනව. . දොස්තරලට.. කුණු එකතු කරන අයට ..ගුරුවරුන්ට..ටිකක් පඩි වැඩියි.
    නමුත් වැටුප ඉහල වෙන්න වෙන්න වැටුපට අය කරන බදු ඉහලයි. නමුත් සෑම වැටුප් ලබන්නෙක්ම පඩියෙන් අවම 37% බදු ගෙවිය යුතුමයි.
    වැටුපෙන් අවම 1/3 ත් වඩා බදු..
    මිනිසුන් බදු ගෙවන්නෙ ඉතාම සතුටින්. බදු වලින් ඔවුනට ලැබෙන සහන අති විශාලයි.
    ඉතා ගුණාත්මක නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවය.. පෞද්ගලික නොවූ පාසැල් , කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය.. සෑම පුරවැසියෙකුටම සමානව ලැබෙන විශ්‍රාම වැටුප.. ඒ වගේම වයසට ගියවිට හෝ රෝගී වූ විට නිවසටම පැමිණ බලා කියාගන්නා නිවස පිරිසිදු කරන්නා සහ සාත්තු සේවකයන් .. වයසට ගියාම රෝද පුටුව පවා..මේ හැමදේම ඒ බදු මුදලින් සෑම වැසියෙකුටම ලැබෙනව..
    තව සෑම අවුරුද්දකම සති 6 ක නිවාඩු සහ වැටුප සෑම බදු ගෙවන්නෙකුටම ලැබෙනව.. දල වශයෙන් රු.ලක්ෂ 8-10 ක මුදලත්.. මේ කාලය ඔවුන් යොදාගන්නෙ පිටරට සංචාරයට. ඉතින් ඩෙන්මාකයෙ සුළු රැකියාවන් කරන කෙනෙකු පවා ලෝකෙ රටවල් ගනනාවක සංචාරය කරල තියෙනව...
    තවත් දෙයක්.. ඩෙන්මාකය ලෝකයෙ හැමදාම දූෂණය අවම රටවල් 1- 2 අතර.. ඉතින් තමන්ගෙ මුදල් මේ නිර්දූෂිත රජයට දෙන්න ඔවුන් මැලි නැහැ.
    ඇරත් කාටත් අතට ලැබෙන පඩිය හොඳටම ජීවත් වෙලා තව චුට්ටක් ඉතුරුයි..
    ඩෙන්මාකයේ මම දකින තවත් විශේෂ දෙයක් තමයි මිනිසුන් යාන වාහන වලට සහ ඇඳුම් පැලදුම් වලට කිසිම තත්වයක් නොදීම..
    නිල ඇඳුම නැති සෑම රැකියාවක ශ්‍රීෂ්ම ඝෘතුවට අදින්නෙ කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක්.. ගැහැණු පිරිමි දෙපාර්ශවයම .. එහෙම නැතිනම් ගැහැණු කෙටි සරල ගවුමක්. සීතල කාලෙට සාමන්‍ය කලිසමක්/ඩෙනිමක්/ ටීෂර්ට් එකක් හෝ කමිසයක්.
    කිසිම තැනක ටයි දාගෙන වැඩ කරන සේවකයෙක් මම අද වන තුරු දැකල නැහැ.
    ලංකාවට සාපේක්ෂව කාන්තාවන්ගෙ මේකප් පාවිච්චියත් අවමයි. ඇහි පිහාටු වල ඉඳල හැමදේම මේකප් කල තරුණ සහ වැඩිහිටි ගැහැණු හිටියත් , තරුණ ,වැඩිහිටි බොහෝ කාන්තාවන් කිසිම මේකප් භාවිතයක් නැහැ...ලිප්ස්ටික් ටිකක් වත් ගාන්නෙ නැහැ..
    ඇත්තටම මම උනත් මේකප් භාවිතා කරන්නෙ මේ ලංකාවෙ මුහුණු පොතට පින්තූරයක් දාන්න හිතුනොත් හරි ලංකාවට ආවම හරි විතරයි.. මම මේකප් කරනවට පවා මගේ දුව ලැජ්ජයි.. මොකද ඩෙන්මාකයේ ඇගේ යහළුවන්ගෙ අම්මල සහ ලංකාවෙ මගේ පවුලෙ අය එහෙම නොකරන නිසා.
    ඩෙන්මාකයෙ හරිම ලස්සනට අඳින ගැහැණු ඉන්නව.. නමුත් කිසිවෙක් ඒ ගැන විශේෂ අවධානයක් නැහැ..පාට ගැලපීමකුත් බොහොමයකට නැහැ..
    තව දෙයක් මෙහි පාට පාට ඇඳුම් අඳින්නෙ රස්නෙ කාලෙට විතරයි.. අනිත් කාලෙට කළු ,අළු පාට හෝ අඳුරු තද වර්ණයක් අඳින එක මෙහි සිරිතක් නොවූ සිරිතක්..
    ඩෙන්මාකය ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් අතර පලමු තැන් කිහිපයේ හැම වසරකම ඉන්නව.. ඇත්තටම මම මෙහි එන්න හිතුවෙත් ඒ දර්ශකය දැකල.. ඒ තෘප්තිමත්බව මම දකින අපූරු විදියක් තියෙනව.. ඒ සතුටට හේතුව ඔවුන් ලෙහෙසියෙන් අත් හැරීම.. බුදු දහමෙ වගේමයි. උදාහරණයකට , මේ කොරෝනා කාලෙ මට clinic එන රෝගීන්ට නිතරම කියන්න වෙනව ඔවුන්ගෙ නොයෙකුත් පරීක්ෂණ , ශල්‍ය කර්ම කල් දැමූ බව දින නියමයක් නැතිව.. මම ඒක කියන්නෙ හරිම අපහසුවෙන්.. ඔවුන්ගෙන් තරහක් බලාපොරොත්තුවෙන්..ඒත් ඔවුන් කිසිම අකමැත්තක් නැතිව එය බාරගන්නව.. තව මාවත් සනසනව.. අපි ඉක්මනට මේ කොරෝනා වලින් ලෝකෙම ගැලවෙන්න කියල පතමු කියල.. සමුදීල.. හිස් අතින් දින නියමයක් නැතිව යනව..
    ඒත් මෙහිම ඉන්න පිටරැටියෙක් නම් "ඒ උනාට මට මෙච්චර අමාරුයි" කියල..පුංචි හරි උත්සාහයක් ගන්නව දිනයක් ගන්න..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම රැකියාවට ආව මුල් කාලෙ පුදුම වුනා සමහර ලෙඩ්ඩු ස්ව කැමැත්තෙන්ම ලියන්න කියනව හෘදය වස්තුව නතර උනොත් නැවත පණ ගන්න එපා කියල.. තව අය කියනව දැඩි සත්කාර ඒකකයට දාන්න එපා කියල.. පිලිකා හැදිල අසාධ්‍ය අය නෙවි.. සාමාන්‍ය ලෙඩ්ඩු.. මම එහෙම අත්හරින මිනිස්සු ලංකාවෙ දැකල නැහැ.. ඔබ කියයි ජීවිතය එපාවුන අය කියල.. නැහැ.. දරු මුණුපුරො එක්ක ඉතාම තෘප්තිමත් ජීවිත ගෙවන අය එහෙම කියනව...."මම හොඳටම ජීවිතේ ගෙව්ව.. අදත් ගෙවනව..අද දවසෙ ඉර පායනව දැක්ක සතුටත් ඇති..ඔබ වගේ ලස්සන දොස්තර කෙනෙක් අද මගේ ඇද ලඟට ආව සතුටත් ඇති.. ඉතින් මට ජීවිතේ බලෙන් ඉන්න ඕනි නැහැ. ඒ නිසා ගියොත් යන්න දෙන්න කියල ලියන්න " සිනාසෙමින් ඒ ලෙඩෙක් මට කිව්ව වචන .. දවසක..
    ඒ අත්ඇරීම පුදුමයි.. බුදු හාමුදුරුවො අතඇරියෙ හැමදේම තිබුණ ජීවිතයක්.. අපි අද අත් අරින්න කියන්න අඩුපාඩු මැද ජීවත් වෙද්දි..අපිට අත්හරින්න අපහසු ඒ අතෘප්තිමත් බව වෙන්න ඇති..මට එහෙම හිතෙනව..
    හැබැයි ඩෙන්මාකයේ 85% ආගමක් අදහන්නෙ නැහැ..
    ආගම, දේශපාලනය සහ ජාති - වර්ග වාදය ගැන එකිනෙකා සමඟ කතා කිරීම ඉතාම පහත් දෙයක් විදියට මෙහි වැසියන් සලකනව.. හැමෝටම නිහඩ දේශපාලන මතයක් සහ 97% චන්ද භාවිත ප්‍රතිශතයක් තියෙනව.. ප්‍රසිද්ධියේ කතා නොකලට තමන්ගෙ පක්ශය පැරදුනාම තනියම අඬල පහුවදා ඉඳල තියෙන රජයට වැඩ කරන බව මගේ භාෂා ගුරුවරියක් ඉස්සර චන්දෙ දවසක කිව්ව ..
    මේ රටේ මිනිස්සු හුඟ දෙනෙකුට ඉතාම හොඳින් ඉංග්‍රීසි භාෂාව පුළුවන් . ඒත් ඔවුන් කතා කරන්නෙ ඩැනිෂ් භාෂාව පමණයි.. ඩැනිෂ් නොදන්න කෙනෙකුට පවා මුලින් ඩැනිෂ් භාෂාවෙන් කතා කරල එය ඉංග්‍රිසියට දෙවනුව ඉංග්‍රිසියෙන් කියනව බොහෝ විට..දෙමව්පියන්ට කෙතරම් ඉංග්‍රීසි පුළුවන් උනත් දරුවො පාසැල පටන් ගන්නෙ එකම ඉංග්‍රීසි වචනයක් වත් නොදැන. ..පසුව පාසැලින් ඔවුන් ඉංග්‍රීසි , ජර්මන් භාෂාවන් මැනවින් ඉගෙන ගන්නවා.
    මවු භාෂාවට ඔවුන්ගෙ ආදරය ගෞරවය අපිට ඇත්තටම ආදර්ශයක්...
    මෙහි ලමා අපචාර කියල දෙයක් ඇත්තේම නැහැ..එවැනි අපචාරයකට සම්බන්ධ වුන කෙනෙකුට දිවි නසාගැනීම ලේසියි ජීවත් වෙනවටත් වඩා මට හිතෙන්නෙ..මෙහි සුළු රැකියාවකට පවා කිසිම ලමා අපචාරයකට සම්බන්ධ නැහැ කියල පොලිස් සහතිකයක් අත්‍යවශ්‍යයි..
    ඉතින් දරුවො පාසැල් යන්නෙ බයිසිකලේ තනියම.. මඟ තනියම යන්න බය නැහැ.. කරුවලේ පවා..
    මමත් මහත්තයත් දෙන්නටම රෑ වැඩ දවසකට අපේ අවුරුදු 11 දුව තනියම ගෙදර. .. ඊයෙ රාත්‍රි 02.00 වෙනකල් ඇය තනියම .. බය කියන්නෙ මොකද්ද කියලවත් ඇය දන්නෙ නැහැ..මටත් තියෙන එකම බය ගෙදර ගින්නක් ඇතිවුනොත් කියල විතරමයි..
    මේ රටේ මේ සමාජ වෙනසට ප්‍රධානම හේතුවක් ඇති නැති පරතරය අවම වීම..
    මේ රටේ දුප්පත් වෙන්න අමාරුයි.. අඩු ආදායම් ලාභීන්ට නොයෙකුත් ගෙවීම් ,බදු ලිහිල් වීම් තියෙනව....රැකියාවක් නැත්තම් රජයෙන් හෝ වෘත්තීය සමිතියෙන් පඩි ගෙවනවා.. නමුත් හැමදාම නිකන් පඩි ගන්න බැහැ. වක්‍ර ක්‍රම මගින් ඔබව රැකියාවක් ගන්න පොලඹවනව.. මට මතකයි මට කෙනෙක් ඒ ගැන පැහැදිලි කරද්දි කිව්ව විදිය.. ඔබ රැකියා විරහිත ඉංජිනේරුවෙක් නම් පඩි ගෙවනව රජයෙන් ඔබට ඊලඟ රැකියාව හොයල දෙනකල්.. හැබැයි ඊලඟ රැකියාව පාරෙ ගස් වල අතු පාහින එක වුනත් ඔබ එය බාර ගන්න ඕනි.. නැත්තං පඩි නැතුව තත්වය ගැන හිතල ගෙදර ඉන්න ඕනි..
    ඒ වගේම ඩෙන්මාකයේ පෝසත් වෙන්නත් ඉතාම අමාරුයි. මේ රටේ සියළු පුරවැසියන්ගෙ වත්කම රජයට විවෘතයි.. පිටරට යවන හැම මුදලක්ම රජය දන්නවා සහ තරමක මුදලකට පවා බැංකුවෙන් අවසර ගැනීම් කල යුතුයි..
    ඒ වගේම පෝසත් වෙන්න වෙන්න විශාල බදු වලට යටත්..වත්කම වැඩි නම් විශ්‍රාම වැටුප සහ ලැබෙන දීමනා අඩුයි..
    මෙහි සමාජ විද්‍යාඥයන් කියන විදියට ඔවුන් බයම රටේ පෝසතුන් වැඩි වෙනවට..හරියට ඇමරිකාව වගේ වෙනවට.. පෝසතුන් වැඩි වෙද්දි සමාජ පරතරයක් ඇතිවෙනව.. පෝසතුන් පහල පන්තිය ගැන බයෙන් සැකෙන් බලනව.. එතකොට පහල පන්තියෙ ඇතිවන ආත්ම අභිමානය හීන වීම නිසා ඔවුන් වැරදි කරන්න බය නැති වෙනව.. මොකද වැරදි නොකරත් වපර ඇහින් බලද්දි ඔවුන්ට රකින්න අභිමානයක් නැති නිසා...
    ඒ වගේම මේ පරතරය නැති කරන තව ක්‍රමයක් - මෙහි සෑම නිවසකටම සහ වාහනයකටම වසරකට දෙවරක් රජයට බදු ගෙවන්න ඕනි. කුඩා කාර් එකකට ක්‍රෝන 300ක් නම්.. විශාල කාර් එකකට 12000 විතර.. වාහනය අලුත් නම් බදු තවත් අඩුයි..නිවාස වලටත් එහෙම විශාල පරතරයක් ඇති බදු ක්‍රමයක්.. ඉතින් හැමෝම තෝරගන්නෙ අලුත් කුඩා වාහනයක් සහ පුංචි ගෙදරක්..
    ඒ වගේම හුඟ දෙනෙක් එදිනෙදා ගමන් යන්නෙ බයිසිකලයේ හෝ පොදු ප්‍රවාහන සේවා වල..
    කිසිම ස්වභාවික සම්පතක් නැති කුඩා ඩෙන්මාකය ලෝකයෙ පෝසත්ම රටක් වෙලා තියෙන්නෙ කොහොමද? ඒක දිග කතාවක්.. ඒත් මේ රටේ සම්පත ලක්ශ 55 ක ජනතාව..ලෝකෙ ඉහලම කිරි නිෂ්පාදන සමාගමක් වන Arla ඩෙන්මාක් සමාගමක්.. තව ඔබ කවුරුත් දන්න Carlsberg බීර.. Ludpark බටර්..ලංකාවෙත් තියෙන ලෝකෙ ලොකුම මුහුදු ප්‍රවාහන සේවය Maersk ..ලංකාවෙ තම්බපන්නි බලාගාරයෙ සුලං මෝල්.. ලෝකෙ හොඳම ඉන්සියුලීන් සහ බොහෝ බෙහෙත් නිශ්පාදන..ලෝකෙ ලොකුම නැව සහ නැව් හදන සමාගම්..
    මේ වගේ නොයෙකුත් කෘෂිකාර්මික සහ කාර්මික නිෂ්පාදන වලට සහය දෙන ජනතාව රටේ සම්පත..
    ඒ වැඩ කරන ජනතාවට බොහෝ පහසුකම් රජය දෙනව.. මිනිසුන් රජයට සල්ලි හොයල දෙනවා.. හොඳ ප්‍රතිචක්‍රයක්..
    මගේ ලිපිය හුඟක් දිගයි.
    ඒත් වරදවා වටහා ගන්න එපා.
    ලෝකෙ කොහේ හිටියත් ලංකාවෙ ගෙදර තරම් වටින තැනක් තව නැහැ.. අපේ මිනිස්සු ලඟ තරම් හිත කොහේදිවත් උණුසුම් නැහැ..
    නමුත් මට ඕනි වුනේ මේ වගේ හැමෝම සමාන සමාජක්‍රමයක් තුල හැම පුරවැසියම කෙතරම් සංතෘප්තිකද කියන්න ..
    පාලකයොන්ට බැනල වැඩක් නැහැ.. ඔවුන් පත් කරන්නෙ ඔබමයි. ඔබේ මනාපය.

    (FB උපුටනයකි.)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mehema deyak daanakota link eka daanna mahan. FB eken gatta kiwwama hariyata paththaren dakka kiwwa wagene.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරාවට එක නියම අදහස මේ ලෝකේ කාටවත් පෝසත් වෙන්න බැරි වෙන්න බැරි වෙන විදිහට මොකක් හරි ක්‍රමවේදයක් හැදුවොත් මොකද්ද එකේ ප්‍රතිපල වෙන්නේ. ඩෙන්මාර්ක් එකට හොද උදාහරණයක් වගේ. ධනයත් එක්ක ඇති වෙන්න පටන් ගන්න දෙයක් නේ බලය කියන්නේ
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Before COVID outbreak, mn Denmark business visit ekakata giya. But covid nisa ayeth enna una. Kiyana tiyene ekama deyai kisima rush ekak naha bn ehe. Ude workplace ekata yanawa hawasa ayeth enawa bus eke tama. Mehe wage neme rush ekakma naha. mansigathiyak epa wena gathiyak naha. Roads/Transportation/restuarants okkoma top notch well cleaned and maintained.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    motherland of the vikings
    Norway neda?

    ඩෙන්මාර්කය විතරක් නෙවෙයි නෙදර්ලන්තය, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය, කියන දියුණු රටවල් ලංකාවට වඩා පොඩියි.
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,730
    4,775
    113
    ඩෙන්මාර්ක් වලට working visa වගේ යන්නෙ කොහොමද බන්
    දැන් EU නොවන එවුන් ගන්නේ සෑහෙන්න අඩුවෙන් බන්. working ට්‍රයි කරනවට වඩා ලේසියි student දාල after studies ජෝබකට සෙට් වෙන එක.
     
    • Sad
    Reactions: Erzo

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Denmark - 301 Covid19 related deaths/ 1 million population
    Sri Lanka - 12 Covid19 related deaths/ 1 million population with 3 times the population density of Denmark :cool:

    Maybe they do more testing ;) I'm skeptical about Sri lankas covid stats ;)
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Before COVID outbreak, mn Denmark business visit ekakata giya. But covid nisa ayeth enna una. Kiyana tiyene ekama deyai kisima rush ekak naha bn ehe. Ude workplace ekata yanawa hawasa ayeth enawa bus eke tama. Mehe wage neme rush ekakma naha. mansigathiyak epa wena gathiyak naha. Roads/Transportation/restuarants okkoma top notch well cleaned and maintained.

    Ayi ban ethakota e ratawala ewun lankawata enne ehe rat-race eken midenna kiyala? Un kiyanne ayi ban lankawe hari simple, sarala life ekak thiyenne kiyala?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Maybe they do more testing ;) I'm skeptical about Sri lankas covid stats ;)
    If they tests more, there will be more positive cases. That will effect the fatality percentage per positive cases witch a below 1%. More PCR, More positive cases with less deaths with lower the fatality rate. People will have no fear, No business for government.