Denuvo/Wraez scene/Crack

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,670
    6,252
    113
    ගග අද්දර
    attachment.php
    ඉස්සර ඉදන් ගේම් ගහන අපි ගහන තරමක් ගැහුවේ ක්‍රැක් කරපු ගේම්... මේකට හේතු උනේ
    • ගේම් එකකට දෙතුන් දාහක් වියදම් කරන්න බැරි උන එක
    • ක්‍රැක් කරපු ගේම් ඕනි වෙලාවක හොයාගන්න පුළුවන් උන එක
    • ගේම්ස් වල ඔරිජිනල් කොපි ගන්න තැන් නැති එක
    • දෙතුන් දාහේ ගේම් එකේ ක්‍රැක් වර්ෂන් එක රුපියල් දෙතුන් සියකට ගන්න පුළුවන් උන එක

    කොහොමින් කොහොම හරි කඩේට ගිහින් ලේසියට ඩිස්ක් ටික උස්සන් ඇවිත් ගේම් එක දාගෙන ගැහුවට

    ඒක හැදුවේ කවුද,
    මේකේ තිබුන කොපිරයිට් ප්රෝටෙක්ෂන් මෙතඩ් එක මොකක්ද,
    මේක ක්‍රැක් කලේ කවුද,
    මොන සින් ගෘප් එකෙන්ද රිලීස් කලේ
    කියල අපි හොයල බැලුවේ නෑ...

    ඇත්තටම අපිට එක හොයල බලන්න ඕනි කමක් තිබ්බේ නෑ. ක්‍රැක් එකත් එක්ක එන පොඩි පොඩි ඇනිමේෂන් එන exe ෆයිල් එක හරි NFO ෆයිල් එක හරි ක්ලික් කරලා බලන එක ඇරෙන්න අපිට සීන් ගෘප් ගැන වෙන කිසි දෙයක් අපි දැක්කේ නෑ.
    පොඩ්ඩක් හරි ක්‍රැක් එක ගැන හෙව්වා නම් හෙව්වේ ක්‍රැක් එක ස්ටක් උනොත් හරි ක්‍රෑෂ් උනොත් හරි විතරයි.

    දැන් මන් මෙතන සීන් (scene) කියල කිව්වට මේකට හරියටම කියන්නේ Warez scene කියලා. මට මේක සිංහලෙන් ටයිප් කරන්න බැරි නිසා ලේසියට සීන් කියලම කියන්නම්.
    Warez scene කියන්නේ

    “ප්‍රකාශන හිමිකම් සහිතව නිකුත් කරන චිත්‍රපට, වීඩියෝ, ගීත, රුපවාහිනි කතා මාලා, මෘදුකාංග (all platform), ebooks, අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වූ වීඩියෝ, සහ ක්‍රීඩා (all platform) ආදිය හුවමාරු කරගන්නම රහසිගතව එකමුතු වුනු විශේෂිත කණ්ඩායමක්.”

    මෙයාල මුලදී තමන්ගේ සාමාජිකයන් අතරේ පමණක් මේවා හුවමාරු කරගත්තට ජනප්‍රියත්වය වැඩිවෙනවත් එක්කම මෙයාලගේ පෙළක් සාමාජිකයන් මේවා පොදු මහජනයාටත් නිකුත් කරගන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි ඉතින් අපිට මේවා හම්බ වෙන්නේ.
    මේවගේ කණ්ඩායම් මුලින්ම බිහිවෙන්නේ 1970දි විතර.

    Ref: Warez scene. (n.d.). Retrieved July 02, 2016, from https://en.wikipedia.org/wiki/Warez_scene

    මේවගේ ප්‍රධාන මතකයට එන ගෘප් ටිකක් මන් කියන්නම්
    Razor1911-DOOM.jpg

    Razor1911 logo
    - 3DM - මෙයාලගේ නම් කට විතරයි ගොඩක් වෙලාවට. රිලීස් කරන ක්‍රැක් වල එක්කෝ බග් නැත් නම් සම්පුර්ණ නොකරපුවා. එක්කෝ මේවා bypass නැත් නම් emulates. ඒ උනාට වැඩිම ප්‍රමානයක් රිලීස් කරන්නේ දැනට මෙයාල. ඔව් ඔව් මුන් චීන්නු තමයි. :D

    - CODEX – 2014 අග විතර පටන් ගත්ත මෙයාල ජනප්‍රිය වෙන්නේ Steam සහ Ubisoft DRM සම්බන්ද වුනු ගේම් ක්‍රැක් කරලා.

    - CPY - මෙයාල කරලියට එන්නේ Denuvo වල මුල් වර්ෂන් එක්ක ආපු Batman: Arkham Knight, Battlefield: Hardline, Dragon Age: Inquisition සහ FIFA 15 වගේ ගේම් ක්‍රැක් කරලා. මෙයාල නම් ඉතාලියානුවෝ කියල තමයි කියන්නේ.

    - Fair light aka FLT - පරණම සීන් ගෘප් එකක් මෙයාල. 1987 ඉදන් දැනත් ක්‍රියාකාරිව ඉන්නවා මෙයාල.

    - Razor 1911 – 1985 පටන් ගත්තු මෙයාල ගොඩක් සාර්ථක ක්‍රැක් නිකුත් කරලා තියනව.

    - RELOADED – 2004 ජුනි වල පටන් ගත්ත මෙයාල ජනප්‍රිය වෙන්නේ Far cry 4 නිකුත් වෙන්නත් කලින් ඒකට ක්‍රැක් එකක් නිකුත් කරලා. ඒක කරපු හැටිත් මම කියන්න ඕනි නැහැනේ.. කම්මැලි කම යන්නත් එක්ක පොඩ්ඩක් සර්ච් කරලත් බලන්න. ;)

    - SKIDROW - මේ නම අහපු නැති ගේම් ගහපු කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. මෙයාල Ubisoft DRM එක ගේම් එකක් අවුට් උන ගමන්ම වගේ ක්‍රැක් කරලා නිකුත් කරනවා. මෙයාල ගැන තව දෙයක් කියන්න ඕනි මෙයාලගේ නම Google කරහම එන skidrow වෙබ් සයිට් එකක් වත් මෙයාල කරන ඒවා නෙමෙයි කියල තමයි කියන්නේ. සීන් ගෘප් එකයි වෙබ්සයිට් ටිකයි වෙන වෙනම දෙකක් කියල තමයි දැනගන්න ලැබෙන්නේ.

    Ref: List of warez groups. (n.d.). Retrieved July 02, 2016, from https://en.wikipedia.org/wiki/List_of_warez_groups

    දැන් ඇති මේ අය ගැන කතා කළා. අපි දැන් අපේ ප්‍රධාන මාතෘකාව උන DENUVO දිහාවට හැරෙමු.

    1453716838-7368-photo.jpg

    මේ අය ආරම්භ වෙන්නේ 2014 දි. ඔස්ට්‍රියානු සමාගමක් වෙන මෙයාල මෙයාලගේ Anti – Temper තාක්ෂනය හදන්නේ
    මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් සැකසුනු මෘදුකාංග හෝ ගේම්ස් වල තියන DRM – Digital Rights Management (විද්‍යුත් මාද්‍ය හරහා නිකුත් වන ප්‍රකාශන වල අයිතිය සුරැකීමේ පද්ධතිය) බාහිර පුද්ගලයෙකුට නැවත සැකසීමට හෝ ඉවත් කිරීමට නොහැකි වෙන පරිදි ආරක්ෂා කරන්නයි.
    ගොඩක් අය හිතන්නේ මේකත් DRM එකක් කියලයි.

    DRM වලට උදාහරණ දෙකක් තමයි Steam සහ origin.

    Denuvo මුලින්ම ක්‍රැක් කරන්නේ 3DM කියලයි කියන්නේ. එත් මුලින් ආපු සංස්කරණ මෙයාලට ක්‍රැක් කරන්න පුළුවන් උනාට අලුතෙන්ම ආපු සංස්කරණය නම් ක්‍රැක් කරගන්න බැරි උනා.
    තව එකක් FIFA 16 එහෙම රිලීස් වෙන්නේ හරියට ක්‍රැක් කරලා නෙමෙයි. ඒවා බයිපාස් කරලා තමයි රිලීස් වෙන්නේ.

    අපි දැන් බලමු ඇයි මේක මෙච්චර ක්‍රැක් කරන්න අමාරු කියල.

    - අපිට ඇප්ලිකේෂන් එකක් ක්‍රැක් කරන්න ඕනි නම් ඒකට VM – virtual machine එකක් debugger එකක් ඕනි වෙනවා. ඒත් denuvo මගින් ආරක්‍ෂිත කරපු ඇප්ලිකේෂන් එකකට මේක බාවිතා කරන්න බැහැ.

    - මේ මගින් debugger එකෙන් බාවිත වෙන සන්නිවේදන ක්‍රමයම බාවිතා කරගන්නවා.

    - ඇප්ලිකේෂන් එක තුල බාවිත වෙන function, debugger එකකක් ඇතුලෙදි ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත් මන්දගාමිව.

    - වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී බාවිත වෙන උපදේශන නිතරම කේතනයට හා විකෙත්නයට (encrypt, decrypt) ලක් වෙනවා.

    - මේවට භාවිතා කරන debugger වල දෝෂ

    - හොද මට්ටමේ 64bit debugger එකක් තවම භාවිතයේ නැති වීම

    - තව මේකේ තියන ලක්ෂණයක් තමයි පැය 24ක් ඇතුලත දෘඩාංග වෙනස්කම් 4කට විතරක් ඉඩ දෙන එක.

    මේ වගේ හේතු තමයි මේක ක්‍රැක් කරන්න මෙච්චර අමාරු කරන්නේ. තව හේතු ගොඩක් තියනවා.
    ref: What are the difficulties of cracking a Denuvo-protected game? (n.d.). Retrieved July 02, 2016, from https://www.quora.com/What-are-the-difficulties-of-cracking-a-Denuvo-protected-game

    Denuvo ආපු/එන ගේම් ලිස්ට් එකක් තමයි මේ

    FIFA 16
    JUST CAUSE 3
    RISE OF THE TOMB RAIDER
    UNRAVEL
    PVZ GARDEN WARFARE 2
    FAR CRY PRIMAL
    HITMAN
    NEED FOR SPEED
    ADR1FT
    DOOM
    Homefront: The Revolution
    Total War: WARHAMMER
    Mirror's Edge Catalyst
    Sherlock Holmes: The Devil's Daughter​

    Ref: [Crack Status] Denuvo games • /r/CrackStatus. (n.d.). Retrieved July 02, 2016, from https://www.reddit.com/r/CrackStatus/comments/4805du/crack_status_denuvo_games/

    Just cause 3, ROTR වගේ ගේම් වල ආපු denuvo සංස්කරණය ක්‍රැක් කරගන්න බැරි උන 3DM සීන් ගෘප් එක, එක එක කතා කාලෙන් කාලෙට කියන්න පටන් ගත්ත. කාලෙකදී කිව්වා මේක කවදාවත් ක්‍රැක් කරන්න බැහැ කියල, තව කාලෙකදී කිව්වා අපි ක්‍රැක් කළා එත් දැන්ම ක්‍රැක් එක රිලීස් කරන් නැහැ අවුරුද්දක් බලන් ඉන්නවා කියල. ආයිත් තැනක කිව්වා තව අවුරුදු දෙකකින් ක්‍රැක් කරපු ගේම් දකින්නවත් ලැබෙන එකක් නැහැ කියල. මේ ඔක්කොම වැඩේ කරගන්න බැරි උන නිසා කියන කතා තමයි ගොඩක් අය කියන්නේ.

    එත් denuvo එකේ අය කියන්නේ නේ නම් Nothing is Uncrackable කියල. Denuvo එකේ ඉලක්කය වෙන්නේ

    මෘදුකාංගයේ හෝ පරිගණක ක්‍රීඩාවේ උපරිම වෙළදාම පවතින කාලය තුල ඒකේ ක්‍රැක් එකක් නිකුත් වෙන එක නවත්තල තියාගන්න එක විතරයි.

    ඊට පස්සේ ක්‍රැක් එකක් නිකුත් වෙන එක ගැන එයාලට ප්‍රශ්නයක් නැහැ. මොකද ඉලක්ක ගත වෙලදාම් ප්‍රමාණය සම්පූර්න වෙලා නිසා.

    තවත් මිනිස්සු අතර පවතින මතයක් තමයි එක දිගට කේතන විකේතන වීම නිසා තමන්ගේ දත්ත ගබඩා කරන උපාංග වල ආයු කාලය අඩු වෙනවා කියන එක. ඒ උනාට මේ මතය denuvo සමාගම ප්‍රතික්ෂේප කරනවා.

    තවත් අය කියන්නේ පරිගණක ක්‍රීඩාවක් මුදල් දීල ගන්න කලින් ටෙස්ට් කරන්න ක්‍රැක් වර්ෂන් එකක් තියන එක හොදයි කියන එක.

    එත් දැන් ආරංචි වෙන විදියට ROTR එකේ ක්‍රැක් එකක් සාර්ථකව හදල තියනව කියල ආරංචි වෙනවා. රුසියන් කෙනෙක් හදපු මේකේ තවම අපිට බලන්න හම්බවෙන්නේ low frame rate එකක් සහිත වීඩියෝ එකක් විතරයි.

    මේකේ ගේම් එක low frame rate එකකින් run වෙන්න හේතුව විදියට බලපු අය නම් කියන්නේ මේක පරණ graphic card එකක් තියන ලැප් එකක debugger එක හරහා රන් වෙන අතර වීඩියෝ කරන්න screen recorder එකක් භාවිතා කරපු නිසා කියලයි.

    වීඩියෝ එක : https://yadi.sk/i/R7U4UT0EspQoy

    Torrent freak ආටිකල් එක : https://torrentfreak.com/denuvo-crack-video-rumors-excite-pirates-160628/

    මේ පුද්ගලයාව අපිට අන්තර්ජාලයේදී මුණගැහෙන්නේ Bronco කියන නමින්. මෙයා මේ ක්‍රැක් එක වෙනුවෙන් ස්තුති කරලා තියෙන්නේ RLD (Reloaded) සීන් ගෘප් එකටයි.

    තවත් අන්තර්ජාලයේ හම්බවෙන denuvo ක්‍රැක් කරන්න වැඩ කරපු RengerSenpai https://www.reddit.com/r/CrackStatus/comments/4q4ldh/to_clear_up_misconceptions_about_denuvo_crack/ කියන කෙනත් මේ ගැන සදහන් කරලා තිබ්බේ වටෙන් යන් නැතුව හෝ emulate නොකර කෙලින්ම ROTR එක ක්‍රැක් කරලා තියෙනවා කියලයි..

    Denuvo ක්‍රැක් එක සම්බන්දයෙන් තවත් වැඩ කරන කණ්ඩායමක් තමයි mkdev ටීම් එක. ref: http://mkdev.info/

    --------------------------------------------------------------------------------------
    *මම පරිගණක ක්ෂේත්‍රය ආශ්‍රිතව රැකියාවක් කරන හෝ පාඨමාලාවක් හදාරන කෙනෙක් නෙමෙයි
    **මමම කරුණු හොයල ලිව්වේ දෙයක් දැනගන්න ඕනි අයට බලාගන්න
    ***ඕනි කෙනෙක් කොපි කරගෙන ඕනි එකක දාගන්න. හැබැයි පුළුවන් නම් ELAKIRI.COM source එක විදියට දාන්න. මගේ නම දාන්න එපා.
    **** තව කරුණු තියෙයි නම් එකතු කරන්න, අඩු පාඩු තියෙයි නම් කියන්න.
    ***** විස්තර ගත්ත ලින්ක් ඔක්කොම දාල තියෙයි මන් කියපුව වැරදියි කියල හිතෙනවා නම් ගිහින් බලන්න.

    --------------------------------------------------------------------------------------
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    interesting topic ekak
    thanks for sharing

    You must spread some Reputation around before giving it to .::J@S::. again.
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Good post on an interesting topic.

    Don't have such high hopes for the rumored crack by Bronco. And RELOADED did not do anything in that crack. Bronco just happened to use a Steam emulator made by RLD back in 2013. Either way,it does not seem to be in his intent to release a public crack. He merely showed the fact that Denuvo is vulnerable and from what I have seen in exelab so far, he either wants to get paid by Denuvo or get recruited by them. It's highly unlikely he would make a public crack with step by step instructions on how to take down Denuvo's VM. Plus, I do not believe he has totally cracked the protection as he claims so far. Partially maybe, but not completely. I think the crack only works in his machine. In the video he did not speak anything about cracking the CPUID part of Denuvo which makes the protection work uniquely in each different hardware configuration.

    MKDEV - This guy seems to work hard but his method is unfortunately painstaking and time consuming. His workaround is essentially a bypass of Denuvo and it's a form of brute forcing. He chooses to manually find Denuvo triggers one by one in game and NOP them. This is going to take him a long while as Denuvo has thousands of triggers in one game, unless he find some way of automating this process. And with this method, him cracking one Denuvo protected game does not make cracking the next one any easier. He would have to again hunt down all the triggers for that game and remove them, which again would take almost the same amount of time.

    Couple of other things to add to your excellent post :

    The scene is a shadow of what it used to be 10 years ago. The countless FBI raids and simply warez group members growing up and having families has driven lots of groups to inactivity. There was a time when the scene cracked almost every single protection within days when groups like HATRED, DEVIANCE, FLT, Razor1911, etc were active. But now, the thirst just does not seem to be there.

    Fairlight - Has never been the same since FBI raids hit them. They now only release either games with no protection or basic Steam emulation. I really doubt any of the original FLT crackers are with the group although they use the name in new releases..

    Razor1911 - Pretty much disbanded after their main cracker DYCUS died of cancer back in 2012. They have only released basic steam emulation cracks since then.

    RELOADED - They were releasing just basic Steam cracks for a couple of years. I thought they were dead and gone until I noticed something very recently. In their update release for GTA 5 (not something that was very popular as it was just an update), RELOADED cracked Arxan. Arxan is an anti tamper solution just like Denuvo, and RELOADED completely cracked and removed it with no bypass or emulation. It shows that they are far from inactive.
    Speaking of RELOADED, I will never forget them for one thing they did. Back in the early 2000s there was a protection called Starforce which apparently no one could remove. Games protected by Starforce 3 remained uncracked and one game, Splilter Cell Chaos Theory remained uncracked more than a year for 470 something days. It was pretty much similar to current situation with Denuvo except you could bypass Starforce to some extent by using tricks like physically removing all of your IDE drives. Either way, RELOADED in 2006 released extensive documentation on how to completely remove Starforce from a game http://scenenotice.org/details.php?id=1728 . Needless to say they destroyed Starforce with that.

    Denuvo

    It really is not uncrackable. And it is not some magic protection as their PR team would have you believe. Denuvo is not fundamentally different from protections such as Starforce, Securom, SolidShild or TAGES. It it fact is built by one of the ex developers of Securom.
    At the heart of Denuvo is VMProtect. Something crackers have cracked over he years since 2006. They use some kind of forked version of VMProtect v3. What really has it going for them are two main factors :

    • Inactivity of cracking community - No one seems to want or have time to set aside a couple of months to properly reverse engineer the protection.
    • State of X64 debuggers - This is not to say this is a blocker. People have cracked games with far less sophisticated tools in the past. But Denuvo being x64 only gives them an advantage.

    And one last thing, if a scene group is working at cracking Denuvo, you likely wont have announcements from them on forums or status updates. You will see it only when it's out.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    Thanks machan. Great info!
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Good post machan. TFS :)

    3DM eun 1 year cracks release karana eka nawattala game sales changes balanawa kiyala ne kiwwe. Mamanam hithanne na aye un cracks release karai kiyala.

    Dan cracked game ekak gaththath hdd ekakata copy karagaththoth arenna echchra loku wasiyak na dvd walata write karala gaththoth. Issara wage 2 dvd / 4 dvd games dan hoyannath na :lol:

    Matanam hitenne cracks release wena eka lagadima nawati wage kiyala. Dan aduwata sites wala game keys ganna puluwan. Genuine game ekak gaththoth online multiplayer part ekath tiyana hinda loku paaduwak na. Eth apita afford karanna tikak amarui thama. Issarahata eka wenas wewi kiyala hithanawa :yes:
     
    • Like
    Reactions: .::J@S::.

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    Protection engines නෙමෙයි මොනා දාලා තිබ්බත් ඕනම එකක් කල් ගිහින් හරි කඩනවා, බැරි කමක් නැ, ඔය Engine එක තියෙන එකක් කැඩුවොත් දිගටම කඩන්න පුලුවන්, එකක් කාලෙ කාගෙන try කරලා එක Script එකක් ලිව්වා නම් ඇති,

    ඒත් ඇත්තටම තියෙන ප්‍රශ්නෙ x64 වලට තාම හරියට Debugger එකක් නැති එක, තියෙන ඒවත් හරියටම Support කරන්නෙ නැ..

    පොඩ්ඩක් හරි වැඩ කරන ඒවා Scripting Support කරන්නෙ නැ, ඉස්සර නම් වැඩිය ඕන නැ, olly වලින් විතරක් කඩන වෙලාවල් තිබ්බා,,, ඒත් Olly දැන් Develop වෙන්නෙ නැති නිසා 64 වල ලේසි නැ,

    Cracking වලට ආස අය ඉන්නවා නම් ලංකාවෙ හදපු Software එකක් තියෙනවා, පුලුවන් නම් හොයාගෙන් crack කරන්න බලන්න..

    නම ප්‍රගති, ජෝතිශ්ශ software එකක්, මගේ හොබී එකට ලංකාවෙ හදපු හැම Sofware එකක් ම වගෙ හොය හොය crack කරනවා, relese කරන්නෙ නැ, අපේම කොල්ලොන්ගෙ වැඩ නෙ,

    සාමන්යෙන් ලංකාවෙ හද ඕනම Software එකක් විනාඩි 10 ක් ඇතුලට කඩන්න පුලුවන් 100% ක්ම, ඒත් ඔය ප්‍රගති එක කඩන්න දවස් 5 ක් ඔෆිස් යන්නෙත් නැතුව නිවාඩු දැම්මා :P
    (SoftDevex Pragathi Sinhala Astrology Software)

    Hardware ID Protection
    Hardware Dongle Protection
    Original CD
    VM Protection
    Debbuger protection
    sand Box protection
    DLL Injection protection
    Code Encryption
    RunPE
    Memory protrction
    DEP
    හැම රෙද්දක්ම දාලා Protect කරලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි බොරුවට Loops දාලා තියෙනවා සිය ගානක්, ඉතින් Debug කරද්දි වටේ යන්න ඕන :P

    කැමති කෙනෙක් ඉන්නවා නම් Exe විතරක් දෙන්නම් try එකක් දෙන්න, ලංකාවෙ වැඩිම ප්‍රොටෙක්ශන් එකක් තියෙන සොෆ්ට්වයා එක විදියට දැක්කෙ ඒක,

    Last edited: