Dialog කෙරුවාවල්..

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Congratulation! DBB3 Data pack is now activated on your mobile with daily rental FREE till 30th Sep! In addition, you get 20MB data per day for browsing. To cancel Type DB & send to 776 by 29th Sep.

    මොකද්ද බන් මේ.. අපෙන් අහන්නෙ නැතුව එහෙම ඇක්ටිවි කෙරන්න පුලුවන් ද ?
    ගොඩක් වෙලාවට බහුතරයක් Dialog එකෙන් එන මැසේජ් බලන්නෙ නෑ ගොඩක් අය... Delete කරල දානව.. දැන් මේ 30න් පස්සෙ මේකට ගානක් කැපෙනව නේද ? මමත් අහම්බෙන් වගේ මේ Message එක බලුවෙ. ඔෆිස් වැඩ අස්සෙනන් ඔව්ව බලනව බොරු. ගොඩක් අය ගණන් ගන්නෙවත් නෑ. දැන් අපිට අමතක වුනානන් හරි මේ Message නිතරම එන එක කරදරයක්නන් හරි අපි නොබලම Delete කරලම දානව නේද මේ ගොඩක් දෙනා.. දැන් ඕක FREE 30 days වලින් පස්සෙ අපේ credit වලින් කපල අසාදාරණ විදියට අපෙන් සල්ලි ගරන එක හරිද..

    Dialog එකෙන් ගොඩක් වෙලාවට අනවශ්‍ය විදියට අපෙ නම්බර්ස් වලට වෙලද ප්‍රචාර එවනව.. පාරිභෝගිකය අපහසුතාවයට පත් කිරීමක් නේද ඒක.. හැම එකක්ම සල්ලි ගරාගන්න හොර වැඩ.. අපිට ඒ වගේ සේවයක් අවශ්‍යයිනන් අපි ඉල්ලනව.. මෙහෙම හොර වැඩ හෙලා දකිනව
    :no: :no: :no:
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    අවුරුදු 4ක් විතර ඩයලොග් පාවිච්චි කරනවා,ඔය වගේ දෙයක්නම් කවදාවත් වෙලා නැහැ මචං :no:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    අවුරුදු 4ක් විතර ඩයලොග් පාවිච්චි කරනවා,ඔය වගේ දෙයක්නම් කවදාවත් වෙලා නැහැ මචං :no:

    මම අවු 7ක් මචං.. :no: අද තමයි මෙහෙම එකක් ආවෙ.. කලින් වෙන මොනවත් ආවද දන්නෙ නෑ.. බලන්නෙම නැතුව Delete කරා.. අපේ Active වෙලාතියෙන එව්වා බලාගන්න විදියක් දන්නවද මචං..:eek:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉතින් ඕයි free නේ ඔන්න ඔහේ පාවිච්චි කරලා 29 cancel කරලා දාපං. මම සැහෙන කාලෙක ඉඳලා dialog පාවිච්චි කරනවා ඔහොම නිකන් ඇක්ටිව් වෙලා නම් නෑ.
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    oka matat awa. man dan aurudu 6k dialog pawichchi karanwa. mamath normally oya msg balanne ne. eda nikan baluwe honda welawata. man cancel karala damma 776ta msg ekak but cancel una kiyala reply nan awe ne. bill ekata add unoth nan man dekak kata karanna inne gihilla.

    meka deactivate welada kiyala bala ganna widiyak nadda?
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    oni nethnam cancel karala dapan ban kegahanne nethuwa.. :p

    ඔව් කරා.. මම ගොඩක් වෙලාවට ඔය මැසේජ් කියවන්නෙ නෑ.. උබ Dialog එකේද ? :no: :no:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    කතා කරල වැඩක් නෑ මචන්.. මටත් ඔය වගේ අත්දැකීම් 3, 4ක් තියෙනව....

    මගෙත් ලඟදි බලනකොට ෆෝන් එකේ සල්ලි හේතුවත් නැතිව අඩුවෙනව.. කතා කරල බැලුවම My 10 ද මොකක්ද මගුලක් ඇක්ටිවේට් වෙලා.. මම කිව්ව මම ඇක්ටිවේට් කරපු දෙයක් නෑ කියල. පද්සෙ හොයල බලන්නම් සර්.. කියල විනාඩියක් ලයින් එකේ ඉන්න කිවිව...

    විනාඩියකට විතර පස්සේ ඒ කෙල්ල කියනව... ඒක සර්ට ලැබුනු promotion එකක්ය කියල. :growl::growl: අනේ මගේ කට..:frown: ලාවට ජාතිය අමතල වැඩේ අහෝසි කරා...

    මහ හිඟන වැඩ බන් මුන් කරන්නේ... මගේ සිම් එකට දැන් අවුරුදු 7ක් විතර වෙනව.. මාරුකරන්න බැරුව ඉන්නේ ගොඩක් අය ලඟ මේ නම්බර් එක තියෙන නිසා...

    ------

    නිකමට බැලන්ස් එක බැලුවත්... එස්.එම්.එස් එනව හැටහුට හමාරක්...

    --

    කෝල් කරල රිංග් ඉන් ටෝන් දාන්නලු.... :lol::lol::lol:

    ලංකාවනෙ කියල කාගෙන ඉන්නව ඉතින්... :nerd:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ඉතින් ඕයි free නේ ඔන්න ඔහේ පාවිච්චි කරලා 29 cancel කරලා දාපං. මම සැහෙන කාලෙක ඉඳලා dialog පාවිච්චි කරනවා ඔහොම නිකන් ඇක්ටිව් වෙලා නම් නෑ.

    උඹ FREE කියල දන්නෙ Message එක නිසානෙ.. මම නිතරම නෙටි යන්නෙ නෑ ෆෝන් එකේ.. ඉදලහිටල යන්නෙත්.. ඒක නිසා එහෙම අහන්නෙ නැතුව ඔය වගේ හිතෙන හිතෙන එව්ව Active කරාම බන් FREE period එකෙන් පස්සෙ අපි නොදැනුවත්ව කපා ගනීනෙ බන්.. 100යෙ 50ගෙ කෑලි දාන්නෙත්.. ඔයවගේ 4ක් 5ක් ඇක්ටිව් කරොත් දාපු සල්ලි සේරම කැපෙයි ඩෝන් ගාල... අනික මේක CANCEL කරාම ඒක Deactive කියල අඩුමගානෙ Reply Message එකක්වත් නෑ.. ඒකයි යකා නගින්නෙ බන්.. තරහකට නෙමෙයි උඹට කිව්වෙ.. :no: :no:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    කතා කරල වැඩක් නෑ මචන්.. මටත් ඔය වගේ අත්දැකීම් 3, 4ක් තියෙනව....

    මගෙත් ලඟදි බලනකොට ෆෝන් එකේ සල්ලි හේතුවත් නැතිව අඩුවෙනව.. කතා කරල බැලුවම My 10 ද මොකක්ද මගුලක් ඇක්ටිවේට් වෙලා.. මම කිව්ව මම ඇක්ටිවේට් කරපු දෙයක් නෑ කියල. පද්සෙ හොයල බලන්නම් සර්.. කියල විනාඩියක් ලයින් එකේ ඉන්න කිවිව...

    විනාඩියකට විතර පස්සේ ඒ කෙල්ල කියනව... ඒක සර්ට ලැබුනු promotion එකක්ය කියල. :growl::growl: අනේ මගේ කට..:frown: ලාවට ජාතිය අමතල වැඩේ අහෝසි කරා...

    මහ හිඟන වැඩ බන් මුන් කරන්නේ... මගේ සිම් එකට දැන් අවුරුදු 7ක් විතර වෙනව.. මාරුකරන්න බැරුව ඉන්නේ ගොඩක් අය ලඟ මේ නම්බර් එක තියෙන නිසා...

    ------

    නිකමට බැලන්ස් එක බැලුවත්... එස්.එම්.එස් එනව හැටහුට හමාරක්...

    --

    කෝල් කරල රිංග් ඉන් ටෝන් දාන්නලු.... :lol::lol::lol:

    ලංකාවනෙ කියල කාගෙන ඉන්නව ඉතින්... :nerd:

    ඔව් බන් මල යකා වගේ වැඩ ඔෆිස් එකෙ.. ඒ අස්සෙ රින්ග් ටෝන්ස් ඇක්ටිව් කොරන්න අහල කෝල්ස් එනව...මුන්ව හුරතල් කරන්න තමා තියෙන්නෙ ඒ වැඩ නවත්තල :lol: :lol:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ne weddi mama dialog use karanna aran aurudu 10i. oyawage ekaknam wela ne. hebei me lagadi msg ekak awa 15 days free ringing tone ekaka denawa eka active karaganna mokadda number ekak dial karanna kiyala. mama eka keruwe ne. oka dawas 15 iwara unama badu packet wena hinda.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ ලඟදි මටත් කෝල් එකක් ආවා. ringtone number එක නම් සේව් කරල තියෙන්නෙ, ආන්සර් කරන් නෑ. මේ වෙන නො. එකක්. අපි මේ ඩයලොග් එකෙන් අරකයි මේකයි හෑල්ලක් කියෙව්වා. වැඩත් එක්ක මට කියන ඒව තේරුනෙත් නෑ. මොකද්ද නො 1ක් කියෙව්වා ඩයල් කරන්න කියලා. මාත් කලා. පස්සෙ තමා දැන ගත්තෙ ඒ අර insurance එක ඇක්ටිව් කරන කෝඩ් එක. :angry:
    එවෙලෙම cancel කරලා දාන්නත් හදලා ආයෙ ඉතිං මේ අපල කාලෙ ගෙවෙනකන් තිබිච්චාවෙ කියලා තියෙන්න ඇරියා. ඒත් cover එක තියෙන්නෙ අත පය අහිමි උනොත් සදා අබ්බගාත උනොත් මලොත් වගේ ඒවට. :(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    Dialog එකෙන් ගොඩක් වෙලාවට අනවශ්‍ය විදියට අපෙ නම්බර්ස් වලට වෙලද ප්‍රචාර එවනව.. පාරිභෝගිකය අපහසුතාවයට පත් කිරීමක් නේද ඒක.. ව
    හැම එකක්ම සල්ලි ගරාගන්න හොර වැඩ.. අපිට ඒ වගේ සේවයක් අවශ්‍යයිනන් අපි ඉල්ලනව.. මෙහෙම හොර වැඩ හෙලා දකින :no: :no: :no:
    මේ කතාවනම් සහතික ඇත්ත..
    මටත් වෙලාවකට ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා.....
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ♥-Aurora-♥;15652238 said:
    මේ ලඟදි මටත් කෝල් එකක් ආවා. ringtone number එක නම් සේව් කරල තියෙන්නෙ, ආන්සර් කරන් නෑ. මේ වෙන නො. එකක්. අපි මේ ඩයලොග් එකෙන් අරකයි මේකයි හෑල්ලක් කියෙව්වා. වැඩත් එක්ක මට කියන ඒව තේරුනෙත් නෑ. මොකද්ද නො 1ක් කියෙව්වා ඩයල් කරන්න කියලා. මාත් කලා. පස්සෙ තමා දැන ගත්තෙ ඒ අර insurance එක ඇක්ටිව් කරන කෝඩ් එක. :angry:
    එවෙලෙම cancel කරලා දාන්නත් හදලා ආයෙ ඉතිං මේ අපල කාලෙ ගෙවෙනකන් තිබිච්චාවෙ කියලා තියෙන්න ඇරියා. ඒත් cover එක තියෙන්නෙ අත පය අහිමි උනොත් සදා අබ්බගාත උනොත් මලොත් වගේ ඒවට. :(
    :lol::lol::lol:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මේ කතාවනම් සහතික ඇත්ත..
    මටත් වෙලාවකට ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා.....

    අපරාදේ ෆෝන් එක අනේ මට දෙනෝ.. :shocked:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ♥-Aurora-♥;15652238 said:
    මේ ලඟදි මටත් කෝල් එකක් ආවා. ringtone number එක නම් සේව් කරල තියෙන්නෙ, ආන්සර් කරන් නෑ. මේ වෙන නො. එකක්. අපි මේ ඩයලොග් එකෙන් අරකයි මේකයි හෑල්ලක් කියෙව්වා. වැඩත් එක්ක මට කියන ඒව තේරුනෙත් නෑ. මොකද්ද නො 1ක් කියෙව්වා ඩයල් කරන්න කියලා. මාත් කලා. පස්සෙ තමා දැන ගත්තෙ ඒ අර insurance එක ඇක්ටිව් කරන කෝඩ් එක. :angry:
    එවෙලෙම cancel කරලා දාන්නත් හදලා ආයෙ ඉතිං මේ අපල කාලෙ ගෙවෙනකන් තිබිච්චාවෙ කියලා තියෙන්න ඇරියා. ඒත් cover එක තියෙන්නෙ අත පය අහිමි උනොත් සදා අබ්බගාත උනොත් මලොත් වගේ ඒවට. :(

    :lol: :lol: මේකටනන් මට හින ගියා :lol: :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපරාදේ ෆෝන් එක අනේ මට දෙනෝ.. :shocked:
    මම කිව්වේ පොලවේ ගහන්න හිතෙනවා කියල විතරයි... කිව්වට පොලවේ ගහන්නෙ කවුද අනෙ.. :no::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Dialog එකේ කරනවද නම් දන්නේ නැ ඒත් AIRTEL එකේ නම් කරනවා එකෙන්ම. අපේ තාත්තාගෙ phone එකට දෙපාරක්ම ඉල්ලලාවත් නැති service active කරලා තිබුනා. අපි ඉල්ලන්නෙත් නැ. පස්සෙ අපි කාලය කාගෙන උන්ගෙ හු* customer care එකේ කාලය කාලා කාලා ඒක deactivate කරන්න ඕනෙ.

    අපිට නාස්ති කරන්න කාලය තිබුන නම් අපි අනිවා නඩු දානවා