Dialog මුදල් ගරාගැනීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Dialog මුදල් ගරාගැනීම

    ඩයලොග් ආයතනය වැනි ජංගම දුරකතන සමාගම් වැඩි වැඩියෙන් මුදල් උපයා ගැනීම උදෙසා කරන වැඩක් තමයි Ringin tones, සහ දිනපතා sms මාර්ගයෙන් විවිධ පණිවිඩ ලැබෙන සේවාවන් ආදිය සක්‍රීය කරවා ඊට දෛනිකව මුදල් අය කරගැනීම. Internet data ආදිය ආශ්චර්යවත් ලෙස කැපී යාම, දුරකථන ඇමතුම් වලට වැඩි ගාස්තු අය කිරීම ආදියෙන් මුදල් කන්දරාවක් උපයන ඩයලොග් ආයතනය, තම මඩිය වඩාත් තර කරගන්නේ මෙමගිනි.

    ඔවුන් ක්‍රියාත්මක කරන "ගොවිමිතුරු" සේවාව එලෙස ගොවීන්ට සේවාවක් සපයන මුවාවෙන් සිදු කරන මුදල් ගරා ගැනීමේ ක්‍රියාවලියකි.

    ඔවුන් මෙම සේවාව ගොවීන්ගේ දුරකථන වලට සක්‍රීය කරවන්නේ, ගොවි ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ආදියේදී, ඔවුන්ගේ කුටි වලදී, මෙය නොමිලේ ලැබෙන සේවාවක් බවට ගොවීන් නොමග යවා, ඔවුන්ගේ ජංගම දුරකථන ඉල්ලා ගෙන, අදාළ සේවාව සක්‍රීය කර ගැනීමට අවශ්‍ය කෙටි පණිවිඩ එම දුරකථන මගින් යැවීම හරහාය.

    නොමිලේ කීවාට මසකට රුපියල් 30/- ක හා රජයේ බදු ඊට අය කෙරේ.

    මේ සේවාව මගින් ගොවියන් 500,000 කට වඩා පිරිසකගෙන් Dialog ආයතනය වසරකට රු. මිලියන 180 කට වැඩි මුදලක් උපයාගෙන තිබේ. මේ අාදායමෙන් සතයක්වත් ඔවුන් ගොවියාගේ යහපතට පෙරළා යොදවා නොමැත. ගංවතුර වැනි ස්වභාවික විපතකින් වගාහානි වූ අවස්ථාවල හෝ කිසිඳු සුභසාධක සේවාවක් ,ගොවියා උදෙසා , ඔවුන් සිදුකර නොමැත. අඩුම තරමින් ගොවි ජනතාව පීඩා විඳින,තිස් වසරක සිවිල් යුද්ධය නිසා මියැදුණ ජනකායට වඩා ජනතාවක් දැනටමත් මියැදි ඇති මහා වකුගඩු නරක් වීමේ උවදුර කෙරෙහි වත් Dialog ආයතනය ගොවියාට පිහිටක් වී නොමැත.

    මේ සේවාව, නවතා ගැනීමට යම් ගොවියෙකුට අවශ්‍ය වුවද ඔහු එය කරගන්නේ කෙසේදැයි නොදනී. මේ නිසා ඉන් ලැබෙන පණිවිඩ ප්‍රයෝජනයක් නොමැති සාමාන්‍යයෙන් ගොවියා දන්නා දේවල් ම වුවද ඒවා ඉවසා සිටීමට ඔවුනට සිදුවී තිබේ. නගරයේ ඩයලොග් සේවා මධ්‍යස්ථානයකට ගොස්, අදාළ සේවාව අක්‍රීය කර ගැනීම, ඈත පිටිසර වෙසෙන ඔවුන් අතින් බොහෝ විට සිදු නොවන්නකි.

    කෝටිපති සමාගමක්, හා ලංකාවේ ලොකුම ජංගම දුරකථන සේවා සපයන්නා වන Dialog ආයතනය , මෙලෙස අසරණ ගොවියාගෙන් කරන අනිසි මුදල් ගරාගැනීමට අපි විරුද්ධ වන්නෙමු.

    තම නිෂ්පාදන වලට නිසි මිලක් නොමැතිව, අතරමැදි වෙළෙන්දන්, කෘමි නාශක - වල් නාශක විකුණන බහු ජාතික සමාගම් - සහ කොමර්ෂල් credit වැනි මූල්‍ය සමාගම් ආදිය මගින් සූරා කෑමට පත්ව, ගොවි ණය ගෙවා ගැනීමට බැරිව, උකස් කළ කනකර ආභරණ බැංකුවට සින්නව යන මට්ටමට අසරණ වී සිටින ගොවියන්ට පිහිටක් නොවී, මෙලෙස ඔවුන්ගෙන් මුදල් ගරා ගැනීම, Dialog ආයතනය සිදු කරන්නේ සදාචාර විරෝධී ක්‍රියාවකි.

    අප එය හෙළා දකින්නෙමු!

    Goviyata witharak neweyi apatath kelinawa neda
     
    • Like
    Reactions: Amila M

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Okun ganwathura aadara dennatth apen illanne, salli na wage, wena ewata nam salli tye okunta
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    DTV ගාස්තු වැඩි කිරීමද ..........
    අප එය හෙළා දකින්නෙමු!
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    අපෝ ඩයලොග් කියන්නේ ගරිල්ල ක්‍රමේට සල්ලි හොයන තෑනක් තමා.
    මේ සරේ අපේ පියන් කරයා 2000ක් ගෙවුවා මොකකද අක්ටිවු වෙලා
    උනුත් ඔහේ කියවන්නේ බලන්නේ නතුව ඔකේ කරනවා මසේ අන්තිමට ගාන කෑපිලා:angry::angry:
    අපිත් පාවිච්චි කරනවා පරන නම්බර් නිසා

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඩයලොග් හැර විකල්පයක් නෑ .උන්තමා හරියට ඉන්ටනෙට් දෙන්නේ ..ඒකට ඝහන්න මොකෙක්වත් නෑ .ඉතින් විකල්පයකුත් නෑ .අපිටත් වහල්ලුවගේ තමයි ඉන්න වෙලා තියෙන්නේ ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Dialog එවුන්ගෙ income එන්නෙ ඔහොම තමයි බන්.. ඒකනෙ උන්ගෙ customer base වැඩි වෙන්නෙ නැත්තෙ බන්.. :lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඩයලොග් හැර විකල්පයක් නෑ .උන්තමා හරියට ඉන්ටනෙට් දෙන්නේ ..ඒකට ඝහන්න මොකෙක්වත් නෑ .ඉතින් විකල්පයකුත් නෑ .අපිටත් වහල්ලුවගේ තමයි ඉන්න වෙලා තියෙන්නේ ..

    Lankawe anith okkoma operators eka widiye Internet service Denawwa. Meka umbe gedara thiyen thana gataluwakda danne na
    Number eka thamay godak ayata thiyena barrier eka. Mobile Number Portability dunnoth balaganna puluwan wei
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Lankawe anith okkoma operators eka widiye Internet service Denawwa. Meka umbe gedara thiyen thana gataluwakda danne na
    Number eka thamay godak ayata thiyena barrier eka. Mobile Number Portability dunnoth balaganna puluwan wei

    ඩයලොග් කාරයෝ දෙන data plan වලට වඩා හොද data plan දෙන තැන් තියනවද ? මමනම් දැක්කේ නෑ .dialog කාරයින්ට හොදට කවරේජ් දෙන්න පුලුවන්නම් අනිත් උන්ට බැරි ඇයි?අනිත් කොම්පැනි වල දුර්වලකම් නිසා තමයි මුන් මේ විදිහට නටන්නේ..ඩයලොග්කාරයින්ගේ මොලේ ඉදිමිලා අලි ඔලුවෙන් ඉන්නේ ඒකයි .හොද කොම්පැනියක් බැස්සනම් යන එනමක් නැති වෙනවා .. :frown:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඩයලොග් කාරයෝ දෙන data plan වලට වඩා හොද data plan දෙන තැන් තියනවද ? මමනම් දැක්කේ නෑ .dialog කාරයින්ට හොදට කවරේජ් දෙන්න පුලුවන්නම් අනිත් උන්ට බැරි ඇයි?අනිත් කොම්පැනි වල දුර්වලකම් නිසා තමයි මුන් මේ විදිහට නටන්නේ..ඩයලොග්කාරයින්ගේ මොලේ ඉදිමිලා අලි ඔලුවෙන් ඉන්නේ ඒකයි .හොද කොම්පැනියක් බැස්සනම් යන එනමක් නැති වෙනවා .. :frown:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Okun ganwathura aadara dennatth apen illanne, salli na wage, wena ewata nam salli tye okunta

    ගිය අවුරුද්දේ එකකට මන් රු 50 Donate කරලා උන් එකට tax ගහලා තිබුණා මට සැහෙන ගානක් ඊට පස්සේ අය එකකවත් යැව්වේ නෑ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඩයලොග් කාරයෝ දෙන data plan වලට වඩා හොද data plan දෙන තැන් තියනවද ? මමනම් දැක්කේ නෑ .dialog කාරයින්ට හොදට කවරේජ් දෙන්න පුලුවන්නම් අනිත් උන්ට බැරි ඇයි?අනිත් කොම්පැනි වල දුර්වලකම් නිසා තමයි මුන් මේ විදිහට නටන්නේ..ඩයලොග්කාරයින්ගේ මොලේ ඉදිමිලා අලි ඔලුවෙන් ඉන්නේ ඒකයි .හොද කොම්පැනියක් බැස්සනම් යන එනමක් නැති වෙනවා .. :frown:
    You are a frog in the well. Check Mobitel & Hutch or even SLT
    SLT has the best data packages on FTTH, ADSL and LTE
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඩයලොග් කාරයෝ දෙන data plan වලට වඩා හොද data plan දෙන තැන් තියනවද ? මමනම් දැක්කේ නෑ .dialog කාරයින්ට හොදට කවරේජ් දෙන්න පුලුවන්නම් අනිත් උන්ට බැරි ඇයි?අනිත් කොම්පැනි වල දුර්වලකම් නිසා තමයි මුන් මේ විදිහට නටන්නේ..ඩයලොග්කාරයින්ගේ මොලේ ඉදිමිලා අලි ඔලුවෙන් ඉන්නේ ඒකයි .හොද කොම්පැනියක් බැස්සනම් යන එනමක් නැති වෙනවා .. :frown:
    hutch labayii ban rs 70 peya 5k unlimited denawa
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ඩයලොග් කාරයෝ දෙන data plan වලට වඩා හොද data plan දෙන තැන් තියනවද ? මමනම් දැක්කේ නෑ .dialog කාරයින්ට හොදට කවරේජ් දෙන්න පුලුවන්නම් අනිත් උන්ට බැරි ඇයි?අනිත් කොම්පැනි වල දුර්වලකම් නිසා තමයි මුන් මේ විදිහට නටන්නේ..ඩයලොග්කාරයින්ගේ මොලේ ඉදිමිලා අලි ඔලුවෙන් ඉන්නේ ඒකයි .හොද කොම්පැනියක් බැස්සනම් යන එනමක් නැති වෙනවා .. :frown:

    Eeta wada hoda data plans naththe ai bn??
    Uba poddak mobitel, hutch ehema blpnko.
    Airtel ehemath hodai.mama elakiri eke ekekgenma gaththa 5gb - 299

    Dialog patta ganan neb bn.
    Ekama aula coverage eka thama. Mata nm thama coverage aulak awillath na
     
    chinthaka1000

    Member
    Aug 1, 2008
    72
    1
    0
    Negombo
    ඩයලොග් එකෙන් Idea mart , Idea biz ඇතුලු වංචනික සේවා මගින් තම පාරිබොගිකයන්ගෙන් විශාල ප්‍රමානයෙන් මුදල් මංකොල්ලයක් කරමින් සිටිනව. 😠😠😡😡

    ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බල කරමින් #පෙත්සමක් පහලින් Attach කරල තියෙනව ඒකට ඔයාලගේ සහයෝගය දෙන්න. වැඩිදුර විස්තර දැනගන්න ඕන අය දිගටම කියවන්න. 👇👇

    මේගොල්ලො
    01. Web banner එකක් ටච් වීම
    02. Pop up window එකක් මගින්

    පාරිබෝගිකයාගෙන් කිසිම විමසීමක් නැතුව මුදල් වෙනත් පාර්ශව වෙත ලබා දෙනව. එම ලබා දෙන මුදලෙන් කොටසක් ඩයලොග් වෙත් ලැබෙනව. ඩයලොග් හි Primary Products රීචාර්ජ් සහ බිල් නිසා මේ විදහට සල්ලි කැපෙන එකෙන් එයාලගේ Primary product එකේ Sale එකත් ඉහල යනව.

    Dialog Axiata SL මේ කරන්නේ මහ දවල් මිනිස්සුන්ගෙන් මුදල් කොල්ලකෑමක්.

    තවදුරටත් මෙම සේවාවන් ක්‍රියා විරහිත කරන්න කරන කිසිම ඉල්ලීමකට Dilalog එකෙන් නිසි ප්‍රතිචාර දෙන්නෙ නැහැ.

    උදා.

    Unsubcription එකෙන් දවස් දෙක තුනක් යනකන් තවත් සලිල් අඩු කරගන්නව.

    Unsubcription methods හරියට වැඩකරන්නේ නැහැ.

    Unsubcription #Link එක Click කලොත් බඩුම තමයි. තවත් Service දෙක තුනක් අපිටත් ⁣හොරෙන් Active කරවනව.

    මේක තනිකරම Bug එකක් Spyware එකක් විදිහට පැතිරිලා. සමහර Sim විකුනන අය අලුතින් Sim Card එකක් විකුනද්දිම මේ විදිහේ Idea Mart Services දෙක තුනත් Sim එකට හොරෙන්ම Active කරවනව. අහිංසක මිනිස්සුන්ගේ phone වලින් දිනපතා මුදල් යනය මෙිගොල්ලන්ට. Idea mart app දහයක් Active වෙලා තියෙන ඒ ගැන හාන්කවිසියක් නොදන්න මිනිස්සු මම ඕන තරම් දැකල තියෙනව.

    අපේ මිනිස්සුන්ගේ ශ්‍රමය සූරන්කන මේ වගේ මංකොල්ල කාරයන්ට විරුද්ධ වෙමු.

    පහල තියෙන පෙත්සම Sign කරල, මේ පෝස්ට් එක ශෙයා කරල ඔයාගේ සහයොගය දක්වන්න.

    https://www.change.org/p/sri-lanka-...g-people-6d416807-1a33-487e-a23d-87b7b45d9236

    පරන පොස්ට් එකක් දැම්මේ. Petition එක නම් චැන් colse
     
    Last edited: