ඇයි බං ඩොලර් 1000 ෆෝන් එක මෙහෙට එද්දී ලක්ෂ 6ක් වෙන්නේ?
ඩොලර් 1000ක් එකක් ලක්ශ 6ක් කියන්නෙ ටිකක් රීසනබල් වගේ නේද වොරන්ටි එහෙමත් දෙනවා නං
ඩොලර් 1000ක් කියන්නෙ ඕක ගනිද්දි US ටැක්ස් එක ඩොලර් 90ක් විතර සෙට් වෙයි,
එහෙම උනත් ඔය ඩොලර් 1000 ගෙවන්න හෙන අමාරුයි ලංකාවෙ කාඩ් වලින් හරි මොන විදියෙන් හරි, ඩොලර් 1000කට බැංකුවෙ සේරම චාජස් එහෙම එනකොට රේට් එක 385ක් වගේ සෙට් වෙනවා කියලා හිතුවොතින් අනෙක් සේරම ගනන් අඩු කරලා ගාන විතරක් 4.20 ක් වෙලා. එතකොට ටැක්ස් එකත් 30ක් සෙට් උනොත් එතනම 4.50ක් වෙලානේ
US වල ඉඳන් ලංකාවට ගේන්න යන වියදම ගේන කෙනාගෙ ලාබෙ කඩේ එකාග ලාබෙ සේරම තව 1.50ක් වගේ එකතු වෙලා තියෙන්නෙ
ලංකාවට ෆෝන් ගේන්න දෙන්නෙ නැහැ ඩොලර් පේ කරන්න බැහැ ඕව එක්ක බැලුවම ඩොලර් 1000ක අයිටම් එකක් ලංකාවෙන් ලක්ශ 6ට ගන්න පුලුවන් කියන්න ශේප් කියලා මට හිතෙන්නෙ.
ඕක පර්සනලි ඉම්පෝට් කරන්න පුලුවන් නං 5ට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි හැබැයි ඩොලර් පේ කරන්න විදියක් නැහැ. පිටින් ඩොලර් අරන් පේ කරොත් ඩොලර් එකට 400ක් විතර ගෙවන්න උනොත් ඉතින් ගාන විතරක්ම 4.40ක් විර යනවානේ