මේකයි case එක. මගේ ගාව තියෙන්නෙ dialog 4G router එකක්. මම අලුත් කුලී ගෙදරකට ගියා. එතන හරියට signal නෑ. සමහර වෙලාවට එක සිග්නල් කනුවක් විතරයි තියෙන්නෙ. ඒ ගෙදර අයිතිකාරයා පාවිච්චි කරපු dialog outdoor unit එකක් තාම හයි කරල තියෙනව, හැබැයි පොර මීට කාලෙකට කලින් ඒක permanently disconnect කරල. මම dialog එකෙන් ඇහුවා මගේ connection එක තියෙන outdoor unit එකට හදල දෙන්න පුලුවන්ද කියල. උන් කියනව disconnect කෙරුවම router එකත් උන්ගෙ system එකෙන් අයින් වෙනව කියල. සිග්නල් නැත්තන් සම්පූර්න ගාන ගෙවල අලුතෙන් outdoor unit එකක් ගන්න ඕනලු.
මගේ ප්‍රශ්නෙ මේකයි. ඔය outdoor unit එකට දැනට මගේ තියෙන sim එක දාල පවිච්චි කරන්න පුලුවන්ද? එහෙම බැරිනම් outdoor unit එක unlock කෙරුවොත් dialog sim එක දාල පාවිච්චි කරන්න පුලුවන් වෙයිද?
මගේ ප්‍රශ්නෙ මේකයි. ඔය outdoor unit එකට දැනට මගේ තියෙන sim එක දාල පවිච්චි කරන්න පුලුවන්ද? එහෙම බැරිනම් outdoor unit එක unlock කෙරුවොත් dialog sim එක දාල පාවිච්චි කරන්න පුලුවන් වෙයිද?