DIANA'S SECRET DAUGHTER?

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    චාර්ල්ස් විනාශ කළ බව කියන ඩයනාගේ පළමු දරු කළලයෙන් රහසිගතව උපන් දැරියක් ගැන හෙළිදරව්වක්

    Dianasdaughter.jpg


    බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ කර තිබේ.

    Globe නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත්තේ, සාරා නමැති එම දියණිය මේ වන විට 33 වන වියේ පසුවන බව ය.

    මෑතකදී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් අමෙරිකාවට පැමිණ සාරා හමුවූ බව ද එම සඟරාවෙහි සඳහන් කර තිබේ.

    මෙම පුවත සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැතත්, ඊට අදාළ තොරතුරු කිහිපයක් එම සඟරාව හෙළි කර ඇත.

    එහි දක්වා ඇත්තේ, චාර්ල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා ඇති අතර එය දැරියක බිහි වන කළලයක් බව හඳුනා ගැනීමෙන් පසුව එම කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව ය.

    එහෙත්, එම කළලය විනාශ නොකළ වෛද්‍යවරයෙකු එය සිය බිරිඳගේ කුසෙහි තැන්පත් කළ බව එම වාර්තාවෙහි සඳහන් වේ.

    මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඩයනා 19 වන වියේ පසුවද්දී ය.

    ඒ අනුව, අදාළ වෛද්‍යවරයාගේ බිරිඳගේ කුසෙහි තැන්පත් කළ කළලයෙන් සාරා නමැති දැරිය බිහිවී තිබේ.

    විද්‍යා ප්‍රබන්ධ කතාවක් සේ හැඟෙන මෙම සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් පසුව එය සාවද්‍ය බවට කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැත.


    Lady-Dianas-Secret-Daughter-Globe-Magazine.jpg


    globe.jpg


    NEWS 1ST