Digree තිබ්බට English කතා කරන්න තාම බැරිද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    කියන කරන හැමදේම ඉංග්‍රිසියෙන් කලානම් හරි. හිතන එක පවා. මාස දෙකෙන් ඉංග්‍රීසි හරි. ඒත් ඉතින් අපි ඉන්න පරිසරයත් එක්ක ඒක කොහොමද කරන්නේ. ස්කයිප් කතා කරනවා නම් සුද්දොම තමයි අල්ල ගන්න ඕනේ. අපේ උන් හිනා වෙනවනේ. කතා කරන්නනම් ඉංග්‍රීසි අහ අහ ඉදලා වැඩක් නෑ කතා කරන්නම ඕනේ

    දැනට fluent විදිහට ඉංග්‍රීසි කතා කරන අය ඉන්නවනම් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද Active voice , Passive Voice කතන්දරේ කොයි විදිහටද ඉංග්‍රීසි කතා කරද්දි ප්‍රයොජනවත් වෙන්නේ කියලා
     
    Last edited:

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මගෙ නං එකම තියරිය.. එදා මෙදා සදා.... Films බැලීම තමා. හැබැයි සබ්ස් නැතිව. එහෙම කරපුවාම වචන එහෙම කාලයක් යද්දි හොඳට තේරෙන්න ගන්නවා. අපේ අයට ඉංග්‍රීසි අමාරුවෙන්න ප්‍රධානම හේතුව තමයි (මම තේරුම්ගත්ත විදිහට) අපි කරන්නේ යමක් ඉංග්‍රීසියෙන් කියන්න අවශ්‍ය උනාම ඒකෙ සිංහල වාක්‍ය ඉංග්‍රීසියට හරවන එක තමයි කරන්නේ.

    ඉංග්‍රීසියෙන් යමක් තේරුම්ගන්න කොටත් ඒක සිංහලට හරවලා තේරුම්ගන්නේ.. මට ඉංග්‍රීසි බෑ ඒ කාලෙ. (දැං කියලත් ඉතිං වැඩි වෙනසක් නෑ :D ) පස්සෙ මං කල්පනා කරා ඇයි මට ඉංග්‍රීසි බැරි කියලා. මම කල්පනා කරා අපේ මව් භාෂාවකින් කියන දේ අපි තේරුම්ගන්නෙ කොහොමද සහ අපේ හිතේ තියන එක අපි මව් භාෂාවට හරවන්නේ කොහොමද කියන එක. එතකොට මට තේරුනා පුටුව කිව්වාම අපිට පුටුව කියන සංකල්පය හිතට දැනෙනවා.. එහෙමත් නැත්නම් Feel වෙනවා. එතකොට ඉංග්‍රීසි බැරි ඇයි ?? අපිට ඉංග්‍රීසියෙන් Table කිව්වාම හිතට දැනෙන්නේ මේසේ කියන සිංහල වචනේ. ඊට පස්සෙයි මේසය කියන සංකල්පය හිතට යන්නේ..

    ඉංග්‍රීසි -> සිංහල -> හිතට දැනෙන සංකල්පය..

    මෙන්න මේ අනවශ්‍ය Convert වීම නිසා තමයි අපිට ඉංග්‍රීසි බැරි කියන එක මම තේරුම්ගත්තා. ඊට පස්සෙ මම කරපු දේ තමයි මේ අනවශ්‍ය පරිවර්තනය නතර කරගන ඉංග්‍රීසි භාවිතා කරන්න පටන්ගත්ත එක.මුලින්ම පට්ට අමාරුයි. නමුත් ටික ටික කාලයත් එක්ක හුරු උනා. එහෙම උනාම යම්කිසි වචනයක තේරුම නොදැන උනත් වාක්‍යයක් තේරුම්ගන්න පුලුවන් ගොඩත් වෙලාවට..

    සබ් නැතිව මම Films බලන්නේ කෙලින්ම මනුස්සයෙක් කටින් කියන එක අපිට Feel වෙන්න. සබ් කියවලා ආයෙ Process කරන්නේ නැතිව...


    :yes::yes:
     
    • Like
    Reactions: chathuranirmal

    sajithgk

    Member
    Aug 27, 2011
    79
    73
    0
    Dallas, Texas
    අපිට වෙලා තියෙන්නේ ඉංග්‍රීසි බැරි කමට වැඩිය පාවිච්චි නොකරන නිසා හුරුවක් නැති වීම, ලංකාවේ ලොකු ප්‍රතිශතයක මිනිස්සුන්ට කතා කරන ඉංග්‍රීසි තේරෙනවා, එත් අදහස් ප්‍රකාශ කරගන්නයි බැරි,

    අනිත් ලොකුම අවුල කොන්ෆිඩන්ස් නැති කම. අපිට වචනයක් වැරදුනත් අපේම උන් හිනා වෙන නිසා කතා කරන්න බයයි. අනික ඉන්ග්‍රිසි වචනයක් කියපු ගමන් අපේ උන් කෑ ගහනවා පොශ් වෙන්න දගලනවා කියලා.. උන්ට බැරි නිසා ට්‍රයි කරන එකාවත් ඩිස්කරේජ් කරනවා
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    අනිත් ලොකුම අවුල කොන්ෆිඩන්ස් නැති කම. අපිට වචනයක් වැරදුනත් අපේම උන් හිනා වෙන නිසා කතා කරන්න බයයි. අනික ඉන්ග්‍රිසි වචනයක් කියපු ගමන් අපේ උන් කෑ ගහනවා පොශ් වෙන්න දගලනවා කියලා.. උන්ට බැරි නිසා ට්‍රයි කරන එකාවත් ඩිස්කරේජ් කරනවා

    :rolleyes:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43

    අනිත් ලොකුම අවුල කොන්ෆිඩන්ස් නැති කම. අපිට වචනයක් වැරදුනත් අපේම උන් හිනා වෙන නිසා කතා කරන්න බයයි. අනික ඉන්ග්‍රිසි වචනයක් කියපු ගමන් අපේ උන් කෑ ගහනවා පොශ් වෙන්න දගලනවා කියලා.. උන්ට බැරි නිසා ට්‍රයි කරන එකාවත් ඩිස්කරේජ් කරනවා

    ඔව්, ඒ වගේමයි සුළු සුළු වැරදි හොයන උන්, උච්චාරණේ ඉංග්‍රීසි කාරයන්ගේ වගේ තියෙන්න ඕනෑ කියන උදවියත් ඉන්නවා නේ,