Disabled Drivers

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,237
    6,382
    113
    ම්ම් අද අලුත් පෝස්ට් එකක් දාන්න හිතුවා ආබාධ සහිත අය වාහන පැදවීම සම්බන්දයෙන්, රටවල් කිහිපයකට
    ගොස් ලැබූ අත්දැකීම් සහ මේරටදි ලැබූ අත්දැකීම් ඇසුරෙන් තමයි මේක ලියන්නෙ.
    ලෝකයේ බොහෝ රටවල ආබාධ සහිත අය වාහන පදවනවා කිසිම ගැටලුවක් නැතුව, පුහුණුවත්, වාහනය නිසිපරිදි වෙනස් කිරීමට (Vehical adaptation) ආයතනත්, බලපත්‍ර ලබා දීමටත් ක්‍රමවේදත් සකස් කොට තිබෙනවා.
    ලංකාවෙ නම් තත්වය වෙනස් බව කව්රුත් දන්නවනෙ. ලංකාවේ දආබාධ සහිත සුළු පිරිසක් බලපත්‍ර සහිතව වාහන පදවති, එහෙත් බලපත්‍ර ලබාගැණිමට ලොකු කට්ටක් කැ බවයි ඔවූන් පැවසුවෙ. එහෙම ගත්තත් අතර මගදි සමහර පොලිස් නිලධාරින්ගේ නොදැනුවත් කම් නිසාද ගැටළු ඇතිවෙ. (ලංකාවේ නීතියෙන් ඒ සඳහා ප්‍රතිපාදන තිබෙ.) එහෙත් නිළධාරින් සමග ගැටීම පහසු නැත අතක ඇඟිල්ලක් අඩු වුවත් ලෙඩකි. ඔවැනි අඩුපාඩු නිසා අනතුරු සිදුවනවානම් දියුණු රටවල අනතුරු වලින් පිරි පැවතිය යුතුය එහෙත් එසේ නොවන්නේ හේතුව වෙන දෙයක් නිසාය.
    ඇමරිකාවේ නම් හැකියාව ඇති සියලුමආබාධ සහිත පුද්ගලයෝ වාහන පදවති Engine capacity 4000 cc දක්වා විවිධ වාහන පැ.කි. 150 දක්වා පමන වේගයෙන් නිරන්තරයෙන් පදවති. ඒ අතර විවිධ ආබාධ සහිත අය සිටි, එක් අයෙකුට අනතුරකින් පසු ඉතිරිව තිබුනේ ඔහුගේ වම් අතේ ඇඟිලි දෙකක් පමනි ඔහු පැමිනියේ ජිප් රථයකිනි.
    ආබාධ සහිත වාහන කුළියටද ලබාගත හැකිය ඒ සඳහා සාමාන්‍ය පුද්ගලයන්වාහන කුළියටද ලබාගන්නා ස්ථාන වලම පහසුකම් සපයා ඇත. එනම් අත් දෙක හොඳින් ඇති අය සඳහා ඉක්මනින් සවිකල හැකි Hand contoler උපාංගය විනාඩි 20 කින් පමන කැමති වාහනයකට බොහෝ විට සවි කළ හැකිවේ.
    එම රටවල අදහස වන්නේආබාධ සහිත පුද්ගලයෝද අන් අය මෙන් පහසුවෙන් ජීවත් විය යුතු බවයි, ඒ සඳහා පහසුකම් සැපයීම සමාජයේ වගකීමයි. (එහෙම හිතන සමාජයක් අපිටත් අවශයයි)
    සමහර රටවල lift නොමැතිව පොදු ප්‍රවාහන බස් රථ ධාවනය තහනම්ය. ලංකාවේආබාධ සහිත අය සඳහා ගමන් බිමන් යාමට කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමයක් නැත.
    ලියන්න නම් ගොඩක් දේවල් තියනවා ටයිප් කරන්න තමයි බැරි! මේව ගැන නොදන්න හිතලවත් නැති අයව දැනුවත් කරන්නයි උත්සහ කළේ. හැමෝටම බලන්න උඩින් තියන්න.
     
    • Like
    Reactions: kavindagna

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ලංකාවෙ කිසිම ආබාධයක් නැතුවත් වාහනයක් එලවන්න කොච්චර අමාරුද.එහෙව් එකේ ආබාධිත අය ගැන කවර කතාද.කොහොම වුනත් හොද පෝස්ට් එකක්.වාහන කෙසේ වෙතත් පොදු ස්ථාන වලදි හරි ආබාධිතයින් සඳහා දෙන්න පුලුවන් අවම පහසුකම් හරි දෙන්න වගකිවයුතු තැන් වල අවධානය යොමු වේවා!!!
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,237
    6,382
    113
    මේ ලංකාවෙ කිසිම ආබාධයක් නැතුවත් වාහනයක් එලවන්න කොච්චර අමාරුද.එහෙව් එකේ ආබාධිත අය ගැන කවර කතාද.කොහොම වුනත් හොද පෝස්ට් එකක්.වාහන කෙසේ වෙතත් පොදු ස්ථාන වලදි හරි ආබාධිතයින් සඳහා දෙන්න පුලුවන් අවම පහසුකම් හරි දෙන්න වගකිවයුතු තැන් වල අවධානය යොමු වේවා!!!

    එලවන එක අමාරු උනත් අපි සාපේක්ෂව හිතන්න ඔන. ප්‍රවේශ පහසුකම් ගැන නම් නීතිත් හදලා තියනවා ක්‍රියාත්මක නොවෙන එකනෙ ගැටළුව. අනික ඔන කෙනෙක් ආබාධිතයෙක් වෙන්න පුළුවන් ඕන වෙලාවක.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ow ban mehe hena kapillak thiyanne e wage ayata. munta kisi amaruwak na ewa gana balanna. laabaya labenawanam echcharai.

    roda putuwak daganna puluwan bus ekakwath dakala thiyanne 154 root eke witharai :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එලවන එක අමාරු උනත් අපි සාපේක්ෂව හිතන්න ඔන. ප්‍රවේශ පහසුකම් ගැන නම් නීතිත් හදලා තියනවා ක්‍රියාත්මක නොවෙන එකනෙ ගැටළුව. අනික ඔන කෙනෙක් ආබාධිතයෙක් වෙන්න පුළුවන් ඕන වෙලාවක.

    :yes::yes::yes:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,237
    6,382
    113
    හොඳ දෙයක් කරනවට මිනිස්සුන්ගෙ අකමැත්ත නෑ පාලකයෝ බුද්ධිමත් වියයුතුයි ජනතාව මෙහෙයවීමට.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,237
    6,382
    113
    මේ ලින්ක් එකට ගිහාම තව ඒවත් බලන්න පුලුවන්

     
    Last edited: