මම දන්න එවුන් ඉන්නවා ලොකුවට මගුල් කාලා වෙඩින් ඇල්බම් එන්න කලින් ඩිවෝස් වෙච්ච එවුන්. අහලා බැලුවම කියන ප්රධාන හේතු සෙට් එකක් තියෙනවා.
දෙන්නා අවුරුදු ගාණක් ලව් කරලා තිබුණට විවාහ ජීවිතේ කොහොමද ගෙනියන්නේ කියලා අවබෝධයක් නැහැ
තම තමුන්ගෙන් අනික් කෙනාට වෙන්න ඕනේ මූලික වගකීම් යුතුකම් වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට සමහර ගෑණු මිනිහට කෑම උයලා දෙන්නේ නැහැ කඩෙන්මයි කන්නේ. මිනිහා ගෙදර ආවම ගෑණිත් එක්ක කතා බහක් නැහැ එක්කෝ TV, ලැප්ටොප්වල මොනවා හරි බලනවා නැත්තම් ෆෝන් එකේ. ඔහොම ගෑනුත් ඉන්නවා.
ගෑණිට පොඩි දෙයක්වත් කරගන්න බැහැ කියලා නැන්දම්මා ,මාමණ්ඩි බොරේ දානවා. ඕනේ එකටයි එපා එකටයි හොම්බ දානවා. මේ ප්රශ්න දෙපැත්තේම පවුල් වලින් ආවම ඉතින් විවාහ ජීවිතේ ඉවරයි.
ලිංගික සෞක්ය ගැටළු සම්බන්ධයෙන් ඩොක්ට කෙනෙක් ගාවට කවුන්සලින් යන්නේ නැහැ. එතකොට ඒවගේ ප්රශ්න ඇති වෙනවා. අනික් එක ලංකාවේ පිරිමි හිතන්නේ ගෑණි අර ෆිල්ම්වල වගේ ඔක්කොම කරන්න ඕනේ කියලා. අර රඟපෑමක් කියලා අවබෝධයක් නැහැ. ඔහොම හිතන ගෑනුත් ඇති.
දෙගොල්ලන්ටම හොර සීන් තියෙන එකත් ලොකු ප්රශ්නයක්. සමහර එවුන් ඕව දැනගෙන පවුල් කාලා ළමයිනුත් හදාගෙන ඉන්නවා ලැජ්ජාව නිසා. මේ සීන් එක ගොඩක් වෙන්නේ 40ට වැඩි සහ කිට්ටු අයට. නෝටි ෆෝටි කියලත් කියනවනේ.
ප්රශ්න ඇති උනාම හරි තැනකින් උපදෙස් ගන්න ඕනේ. කොල්ලගෙන් බල්ලගෙන් නෑදෑයන්ගෙන් උපදෙස් ගත්තොත් විනාසයි .
ඩිවෝස් උනාම පුංචි ළමයි තමයි තැලෙන්නේ.
ගේම ඩිවෝස් වෙන එක නෙවෙයි වැඩේ අජෙස්ට් කරගෙන ඇදගෙන යාම මොකද ගැහැණිය සහ පිරිමයා ශරීර වලිනුත් යම් වෙනස් කම් තියෙනවා , උවමනා එපා කම්වලත් තියෙනවා. මීට අමතරව හැදිච්ච වැඩිච්ච පරිසර, ගිය ඉස්කෝල, ආශ්රය කරන යාළුවෝ, වයස් පරතර අනුව තව වෙනස්කම් එනවා. ආදරෙයි කිව්ව පළියට ඔය ප්රශ්න ටික විසදෙන්නේ නැහැ.