DIY QuadCopter Build Tutorial
මම දැක්කා කට්ටිය දාලා තියෙනවා Quadcopters ගෙනාපුවා.
සාමාන්යෙන් හොද මට්ටමේ RDF(Ready to fly) Quad එකක් ගන්න පුළුවං $50-$3000. මේ දවස් වල Market එකේ අඩුවෙන්ම යන සාමාන්යෙන් විනෝද වෙන්න පුළුවං Quad දෙක විදියට UDI U818A හා Syma-x5c (අඩුවට යනවා මේ දවස් වල ebay එකේ $25) හදුන්වන්න පුළුවං. වැඩිය වියදම් කරන්න කැමති නැත්තම් සහ ඉවසීමෙන් දෙයක් හදන්න අමාරුයිනම් ඒ දෙකෙන් එකක් ගන්න එක හොදයි.
හරි දැං අපි බලමු කොහොමද අපි custom quad එකක් හදන්නේ කියලා. මුලිංම කියන්න ඕන හා හා පුරා කියලා ඉස්සරෝම Quad එකක් හදන කොට ටිකක් වියදම් යනවා සහ හොද ඉවසීමක් ඕන. පලවෙනි Quad එකෙන් පස්සේ ඒක Upgrade කරන්න වැඩි වියදමක් යන්නේ නෑ. හොද Quad එකක් හදාගන්න පුළුවං පස්සේ මුදල් එකතු වෙන විදිය අනුව.
අපි බලමු Quad එකක තියෙන වැදගත් සහ අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා.
මේ දේවල් අවශ්‍ය වෙනවා.
1. Flight Controller (Brain)
2. Brushless Motors and Propellers
3. ESC (Electronic Speed Controller)
4. Lipo Battery
5. Transmitter and Receiver
6. Body (Frame)
1. Flight Controller (FC)
මේක මත තමා ඉස්සරහට කරන්න තියෙන හැම දේම තීරනය වෙන්නේ. මේ component එකේ Micro Controller එකක් තියෙනවා ඒකෙන් තමා අපි Remote(Transmitter) එකෙන් දෙන command එක Receiver එක හරහා ලබාගෙන ක්‍රියාත්මක කරන්නේ. Motors 4 ඔහේ කැරකුනාට උඩ යන්නේ නෑ ඒක කැරෙකෙන්න ඕන පිලිවලක් තියෙනවා. අපිට ඕන දිශාවට හරවන්න, යන්න විවිධ ආකාරයට Motors වල වේගය වෙනස් වෙන්න ඕන.
මේ තියෙන්නේ Quad එකක මෝටර් කැරකෙන විදිය. දෙකක් දක්ෂිනාවර්තව කැරකෙනවා, අනිත් දෙක වමාවර්තව.
FC වර්ග කිහිපයක් දැනට ජනප්‍රියව පවතිනවා. ගොඩක්ම ජනප්‍රිය Open Source FC තමා. මේ සියළුම FC වල Firmware එකක් තියෙනවා. Open Source ඒවගෙනම් අපට Develop කරන්න පුළුවං. FC එකක් තෝරාගැනීමේදී තමන්ට අවශ්‍ය දේවල් සලකලා බලලා තෝරාගන්න පුළුවං.
අපි පාවිච්චි කරන්න යන්නේ Open Pilot CC3D කියන එක. මම පාවිච්චි කරපු හොදම එකක්. ගොඩක් Stable සහ දැනට පවතින ඒවගෙන් Setup කරන්න ලේසිම එක. කිසිදෙයක් Program නොකර GUI එක පාවිච්චි කරලා Setup කරන්න පුළුවං. ආධුනිකයෙක්ට හොදම දේ කියලා කියන්න පුළුවං.
2. Brushless Motors and Propellers
මේක මත තමා ඉතිං Quad එකේ වේගය, දැරිය හැකි බර රධා පවතින්නේ. අපි හිතමුකෝ අපේ Quad එක 1kg කියලා එහෙනම් මෝටරයේ thrust(එසවිය හැකි බර, ලැබෙන බලය) එක අවම කොච්චරක් ඕනද හොයන්නේ මෙහෙමයි.
(Quad එකේ බර X 2) / මෝටර ගනන.
1kg නම් එක මෝටර් එකක්ට 500g උස්සන්න පුළුවං වෙන්න ඕන.
Camera එකක් වගේ දාන්න බලං ඉන්නවනම් 1000KV වලට වඩා අඩු එකක් ගන්න. මෝටර්ස් නම් හොද එකක් ගන්න පුළුවං තරමට හොදයි. ගාන වැඩි වෙනවා එතකොට 4ට ම. මම කියලා දෙන්න යන එකට නම් Chinese Cheep 1000KV Motors පාවිච්චි කරන්නේ. ප්‍රධාන හේතුව ගාන අඩු හිංදා පස්සේ Upgrade කරගන්න. මේ තෝරාගන්න Motors වලට අනුව තමා අපි ESC තෝරාගන්නේ.
Propellers හොදින් මෝටර් එකට සවි වෙලා තියෙන්න ඕන. මේකේ ප්‍රමානය තීරනය වෙන්නේ අපේ Quad එකේ හා මෝටර වල ප්‍රබලත්වය අනුව තමා. මම පාවිච්චි කරන්නේ10x45 ඒ කියන්නේ අගල් 10ක් දිග 4.5 ආනත ඒවා. (02 ClockWise and 02 CounterClockWise විදියට ඕන)
3. ESC (Electronic Speed Controller)
අපි මේක හරහා තමා මෝටරයයි අපේ FC එකයි සම්බන්ද කරන්නේ. මේවා වෙනම program කරන්න පුළුවං. බය වෙන්න එපා අපේ open pilot එකෙන් මේවා auto program වෙනවා
setup එකේදි. මේවා 4ක් ඕන මෝටර් 4ට. පොඩ්ඩක් හොද එකක් ගන්න පුළුවංනම් හොදයි හොද එකක් $10ක් වගේ වෙනවා. මං සුපුරුදු පරිදි Cheep Chinese ඒවා පාවිච්චි කරන්නම් 
4. Lipo Battery
Battery එක තෝරාගන්න වෙන්නේ අපේ Fly Time එක අනුව තමා. මේක තෝරාගන්නකොට අපට අවශ්‍ය Voltage එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. අනිවාර්ගෙන් ESC වලට අවශ්‍ය විදියට තෝරාගන්න වෙනවා. Current: 30A / Battery Range: 2-3 Cells වගේ ගහලා තියෙනවා හැම ESC එකකම. අවම 2800mAh වැඩි Lipo එකක් තෝරාගන්න එතකොට Flight time එක වැඩි කරගන්න පුළුවං. අපි හදන එකට මම ගන්නේ 2800mAh හෝ 3000mAh එකක්. අපි යොදාගන්න ESC එකට ගැලපෙන්නේ 3 chell lipo එකක්. (3.7 x 3 = 11.1V) සල්ලි තියෙනවනම් 5000mAh එකක් ගන්න. Battery එකේ බර ගැනත් සැලකිලිමත් වෙන්න. හදන්න බඩු ගන්න කලින් ඔක්කෝම දේවල් වල බර details වලින් බලලා calculate කරන් ඉන්න.
5. Transmitter and Receiver
මේක තමා පුතේ ගනම්ම. Quad එකක් ඉස්‍සරෝම හදනකොට අපට වියදම් කරන්න වෙන්නේ වැඩි පුරම මේකට. ඒකයි දෙවෙනි සැරේ එකක් හදනකොට එච්චර යන්නේ නෑ කිව්වවේ. තව එකක් හදනකොට කරන්න තියෙන්නේ Receiver (around $10-$15) එකක් ගන්න එක විතරයි Remote එකට ගැලගෙන. අනිවාර්යෙන් ටිකක් හොද සහ ප්‍රසිද්ද brand එකක් ගන්න මොකද මේකක් අලුතෙන් ආය ආය ගන්න වෙන්නේ නෑනේ. සාමාන්යෙන් 350m-800m වෙනකම් තියෙනවා. (ඊට වාඩා ඒවා තියෙනවා මම කිව්වේ සාමාන්ය ඒවා ගැන). මම පාවිච්චි කරන්න හිතං ඉන්න ඒවා පහල list එකේ දාන්නමි. අනිවාර්යෙන් 6CH (6 channels) හෝ ඊට වැඩි එකක් ගන්න.
6. Body (Frame)
පුළුවංනම් Ebay එකෙන් carbon fiber frame එකක් ගන්න හරිම සැහැල්ලුයි සහ ශක්තිමත්. මම නම් ගෙදරදී එකක් හාදාගන්නවා. ඒක ඉස්සරහදී පෙන්නනම්.
පොඩ්ඩක් හරි තේරෙන්න ඇතිනේ දැං
ඉස්සරෝම කියන්න ඕන මම මේ පහල දාන්නේ මම හද්න යන ඒකේ බඩු
ටික. මීට වඩා හොද එකක් හදන්න හොද brand වලින් අරන් පුළුවං කමක් තියෙනවනම්.
අහ්! මේ බඩු ලංකාවෙන් මීට වඩා අඩුවට ගන්න පුළුවං තැනක් තියෙනවනම් කියන්න අනිත් අයටත් දැන ගන්න. ඔයාලා මේ කියවන කාලේ වෙද්දි මේ links වැඩ කරේ නැත්තම් search කරලා ගන්න Ebay Price Listing Low දාලා
Part List :
1. Flight Controller - OpenPilot CC3D
2. 4 x Brushless Motors - A2212 1000Kv Brushless Outrunner Motor
3. Propellers - 1045 1045R Prop CW/CCW - මේකෙන් pairs දෙකක් ගන්න. (2 CW and 2 CCW)
4- 4 x ESC (Electronic Speed Controller)
4. Lipo Battery
5. Transmitter and Receiver - FS-i6 Flysky AFHDS 2A
6. Body (Frame) - Quadcopter Carbon Fiber Frame කියාල Ebay කරලා හොද එකක් හොයා ගන්න. නැත්තම් අපි හදමු එකක්
7. ESC Power Distribution Board
මිට අමතරව තව පොඩි පොඩි දේවල් වලට පොඩි වියදමක් යයි.
මේ කොටස් මීට අඩුවෙන් ගන්න තැනක් තියෙනවනම් කියන්න. තව දෙයක් මම මේක හදන්න පටං ගන්නේ Sep 15 න් පස්සේ පුතේ එතකම් ඉන්නැතුව ඔයාලගේ බඩු ආවොත් කියන්න මම හදන්න help කරන්නම් YT වල ඇති තරම් videos තියෙනවා හදන හැටි. බය නැතුව ගන්න. පුළුවං නම් හොද brand වලින් ගන්න. පස්සේ අපි camera එකක් එහෙමත් දාමු. මං මේක android වලට Connect කරනකම් කරන්න කියලා දෙනවා.
ආයත් කියන්න තියෙනේ හදන්න කැමකි නැත්තම් Ready to Fly එකක් ගන්න. Cheep ඒවට වඩා අපි හදන ඒවා පට්ටම විදියට upgrade කරන්න පුළුවං. අනික මාර ආතල්.
පැය ගානක් කෙටුවා අැස් දනවා.
මේකට රෙපක් දෙන්නේ නැතුව ගියොත් නම්

මචං උඹලා මේ වගේ දන්න දේවල් Share කරපල්ලා. අපි දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දුන්නා කියලා වරදක් වෙන්නේ නෑ. එළකිරියේ පට්ට වැඩකාරයෝ ඉන්නවා සද්ද නැතුව. මම නම් කියන්නේ තමන් දන්න දෙයක් කියලා දෙන්න. අසහන Thread ම විතරක් බලන්න වෙයි නැත්තම් ටික දවසකින්.
මගේ වැරද්දක් තිබ්බොත් නිවැරදි කරන්න.
ජය වේවා!
මම දැක්කා කට්ටිය දාලා තියෙනවා Quadcopters ගෙනාපුවා.
සාමාන්යෙන් හොද මට්ටමේ RDF(Ready to fly) Quad එකක් ගන්න පුළුවං $50-$3000. මේ දවස් වල Market එකේ අඩුවෙන්ම යන සාමාන්යෙන් විනෝද වෙන්න පුළුවං Quad දෙක විදියට UDI U818A හා Syma-x5c (අඩුවට යනවා මේ දවස් වල ebay එකේ $25) හදුන්වන්න පුළුවං. වැඩිය වියදම් කරන්න කැමති නැත්තම් සහ ඉවසීමෙන් දෙයක් හදන්න අමාරුයිනම් ඒ දෙකෙන් එකක් ගන්න එක හොදයි. හරි දැං අපි බලමු කොහොමද අපි custom quad එකක් හදන්නේ කියලා. මුලිංම කියන්න ඕන හා හා පුරා කියලා ඉස්සරෝම Quad එකක් හදන කොට ටිකක් වියදම් යනවා සහ හොද ඉවසීමක් ඕන. පලවෙනි Quad එකෙන් පස්සේ ඒක Upgrade කරන්න වැඩි වියදමක් යන්නේ නෑ. හොද Quad එකක් හදාගන්න පුළුවං පස්සේ මුදල් එකතු වෙන විදිය අනුව.
අපි බලමු Quad එකක තියෙන වැදගත් සහ අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා.
මේ දේවල් අවශ්‍ය වෙනවා.
1. Flight Controller (Brain)
2. Brushless Motors and Propellers
3. ESC (Electronic Speed Controller)
4. Lipo Battery
5. Transmitter and Receiver
6. Body (Frame)
1. Flight Controller (FC)
මේක මත තමා ඉස්සරහට කරන්න තියෙන හැම දේම තීරනය වෙන්නේ. මේ component එකේ Micro Controller එකක් තියෙනවා ඒකෙන් තමා අපි Remote(Transmitter) එකෙන් දෙන command එක Receiver එක හරහා ලබාගෙන ක්‍රියාත්මක කරන්නේ. Motors 4 ඔහේ කැරකුනාට උඩ යන්නේ නෑ ඒක කැරෙකෙන්න ඕන පිලිවලක් තියෙනවා. අපිට ඕන දිශාවට හරවන්න, යන්න විවිධ ආකාරයට Motors වල වේගය වෙනස් වෙන්න ඕන.
මේ තියෙන්නේ Quad එකක මෝටර් කැරකෙන විදිය. දෙකක් දක්ෂිනාවර්තව කැරකෙනවා, අනිත් දෙක වමාවර්තව.
FC වර්ග කිහිපයක් දැනට ජනප්‍රියව පවතිනවා. ගොඩක්ම ජනප්‍රිය Open Source FC තමා. මේ සියළුම FC වල Firmware එකක් තියෙනවා. Open Source ඒවගෙනම් අපට Develop කරන්න පුළුවං. FC එකක් තෝරාගැනීමේදී තමන්ට අවශ්‍ය දේවල් සලකලා බලලා තෝරාගන්න පුළුවං.
අපි පාවිච්චි කරන්න යන්නේ Open Pilot CC3D කියන එක. මම පාවිච්චි කරපු හොදම එකක්. ගොඩක් Stable සහ දැනට පවතින ඒවගෙන් Setup කරන්න ලේසිම එක. කිසිදෙයක් Program නොකර GUI එක පාවිච්චි කරලා Setup කරන්න පුළුවං. ආධුනිකයෙක්ට හොදම දේ කියලා කියන්න පුළුවං.
2. Brushless Motors and Propellers
මේක මත තමා ඉතිං Quad එකේ වේගය, දැරිය හැකි බර රධා පවතින්නේ. අපි හිතමුකෝ අපේ Quad එක 1kg කියලා එහෙනම් මෝටරයේ thrust(එසවිය හැකි බර, ලැබෙන බලය) එක අවම කොච්චරක් ඕනද හොයන්නේ මෙහෙමයි.
(Quad එකේ බර X 2) / මෝටර ගනන.
1kg නම් එක මෝටර් එකක්ට 500g උස්සන්න පුළුවං වෙන්න ඕන.
Camera එකක් වගේ දාන්න බලං ඉන්නවනම් 1000KV වලට වඩා අඩු එකක් ගන්න. මෝටර්ස් නම් හොද එකක් ගන්න පුළුවං තරමට හොදයි. ගාන වැඩි වෙනවා එතකොට 4ට ම. මම කියලා දෙන්න යන එකට නම් Chinese Cheep 1000KV Motors පාවිච්චි කරන්නේ. ප්‍රධාන හේතුව ගාන අඩු හිංදා පස්සේ Upgrade කරගන්න. මේ තෝරාගන්න Motors වලට අනුව තමා අපි ESC තෝරාගන්නේ.
Propellers හොදින් මෝටර් එකට සවි වෙලා තියෙන්න ඕන. මේකේ ප්‍රමානය තීරනය වෙන්නේ අපේ Quad එකේ හා මෝටර වල ප්‍රබලත්වය අනුව තමා. මම පාවිච්චි කරන්නේ10x45 ඒ කියන්නේ අගල් 10ක් දිග 4.5 ආනත ඒවා. (02 ClockWise and 02 CounterClockWise විදියට ඕන)
3. ESC (Electronic Speed Controller)
අපි මේක හරහා තමා මෝටරයයි අපේ FC එකයි සම්බන්ද කරන්නේ. මේවා වෙනම program කරන්න පුළුවං. බය වෙන්න එපා අපේ open pilot එකෙන් මේවා auto program වෙනවා
setup එකේදි. මේවා 4ක් ඕන මෝටර් 4ට. පොඩ්ඩක් හොද එකක් ගන්න පුළුවංනම් හොදයි හොද එකක් $10ක් වගේ වෙනවා. මං සුපුරුදු පරිදි Cheep Chinese ඒවා පාවිච්චි කරන්නම් 
4. Lipo Battery
Battery එක තෝරාගන්න වෙන්නේ අපේ Fly Time එක අනුව තමා. මේක තෝරාගන්නකොට අපට අවශ්‍ය Voltage එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. අනිවාර්ගෙන් ESC වලට අවශ්‍ය විදියට තෝරාගන්න වෙනවා. Current: 30A / Battery Range: 2-3 Cells වගේ ගහලා තියෙනවා හැම ESC එකකම. අවම 2800mAh වැඩි Lipo එකක් තෝරාගන්න එතකොට Flight time එක වැඩි කරගන්න පුළුවං. අපි හදන එකට මම ගන්නේ 2800mAh හෝ 3000mAh එකක්. අපි යොදාගන්න ESC එකට ගැලපෙන්නේ 3 chell lipo එකක්. (3.7 x 3 = 11.1V) සල්ලි තියෙනවනම් 5000mAh එකක් ගන්න. Battery එකේ බර ගැනත් සැලකිලිමත් වෙන්න. හදන්න බඩු ගන්න කලින් ඔක්කෝම දේවල් වල බර details වලින් බලලා calculate කරන් ඉන්න.
5. Transmitter and Receiver
මේක තමා පුතේ ගනම්ම. Quad එකක් ඉස්‍සරෝම හදනකොට අපට වියදම් කරන්න වෙන්නේ වැඩි පුරම මේකට. ඒකයි දෙවෙනි සැරේ එකක් හදනකොට එච්චර යන්නේ නෑ කිව්වවේ. තව එකක් හදනකොට කරන්න තියෙන්නේ Receiver (around $10-$15) එකක් ගන්න එක විතරයි Remote එකට ගැලගෙන. අනිවාර්යෙන් ටිකක් හොද සහ ප්‍රසිද්ද brand එකක් ගන්න මොකද මේකක් අලුතෙන් ආය ආය ගන්න වෙන්නේ නෑනේ. සාමාන්යෙන් 350m-800m වෙනකම් තියෙනවා. (ඊට වාඩා ඒවා තියෙනවා මම කිව්වේ සාමාන්ය ඒවා ගැන). මම පාවිච්චි කරන්න හිතං ඉන්න ඒවා පහල list එකේ දාන්නමි. අනිවාර්යෙන් 6CH (6 channels) හෝ ඊට වැඩි එකක් ගන්න.
6. Body (Frame)
පුළුවංනම් Ebay එකෙන් carbon fiber frame එකක් ගන්න හරිම සැහැල්ලුයි සහ ශක්තිමත්. මම නම් ගෙදරදී එකක් හාදාගන්නවා. ඒක ඉස්සරහදී පෙන්නනම්.
පොඩ්ඩක් හරි තේරෙන්න ඇතිනේ දැං
ඉස්සරෝම කියන්න ඕන මම මේ පහල දාන්නේ මම හද්න යන ඒකේ බඩු
ටික. මීට වඩා හොද එකක් හදන්න හොද brand වලින් අරන් පුළුවං කමක් තියෙනවනම්.අහ්! මේ බඩු ලංකාවෙන් මීට වඩා අඩුවට ගන්න පුළුවං තැනක් තියෙනවනම් කියන්න අනිත් අයටත් දැන ගන්න. ඔයාලා මේ කියවන කාලේ වෙද්දි මේ links වැඩ කරේ නැත්තම් search කරලා ගන්න Ebay Price Listing Low දාලා

Last edited:
එල