Documentary Videos Help

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,189
    1,509
    113
    මට හිතෙනවා හොද Documentary Videos ටිකක් කරන්න. විනාඩි 10, 15 වගේ පොඩි ඒවා ටිකක්. මේවයින් උත්සාහ කරන්නේ බලන කට්ටියට දැනුම, විනෝදය ලබා දෙන ගමන් මටත් අදායමක් හොයා ගන්න එක. වීඩියෝ වල ඇතුලත් වන content එක (විස්තරය) නම් මට හොදට හදා ගන්න පුළුවන්. ඒත් මේක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මෙන්න මේ ප්‍රශ්න තියනවා.

    1. වීඩියෝ වලින් පොඩි අදායමක් බලාපොරොත්තු වන නිසා වීඩියෝ, youtube චැනල් එකක් හදා ගෙන එකේ පෙන්නන එක නේද කරන්න ඕන ? එහෙම නැත්නම් වෙබ් සයිට් එකක් හදල එකේ පෙන්නලා අදායමක් ගන්න ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් තියනවද ?
    2. වීඩියෝ හදද්දී කවුරු හරි වීඩියෝ කරන කෙනෙක් කුලියට අරගෙන වීඩියෝ හදන එකද හොද ? එහෙම නැත්නම් අපිම වීඩියෝ කැමරාවක් අරගෙන වීඩියෝ හදන එකද ? (මට ලොකු කැමරා හැකියාවක් නම් නෑ.)


    මේ ප්‍රශ්න වලට උත්තර දන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
    මේ සම්බන්ධව වැදගත් වෙනත් දේවල් උනත් කමක් නෑ. ඔයාලා දන්නවා නම් ඒවත් මෙතනම කියන්න. ලොකු උදවුවක්. ස්තුතියි !

    (නිකම්ම යන්නේ නැතුව Bump එකකුත් දාගෙන යමු හොඳේ.)
     
    • Like
    Reactions: kellsupun

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    කොයි වගේ Documentaries ද කරන්න හිතන් ඉන්නෙ?
    මටත් මොකක් හරි උදව්වක් දුන්නැහැකි :)
    ආදායමක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් Youtube තමා ඉතින්.ඒ උනාට මෙහෙ එහෙම හිතුවට ලොකු ආදායමක් එන්නෙ නෑ.ලංකාවේ Views වලට හම්බෙන ගාන සත ගනන් වගේ.ලොකු ගනන් එන්න නම් පිටරට views එන්න ඕනා.හම්බ කරන්නම හිතන් එනව නම් අදහස අත අරින්න.:no:website එකකට ගිහින් වීඩියෝ බලන අය අඩුයි.වීඩියෝ බලනවා නම් කෙලින්ම youtube තමා