ආයේ මම හිතන්නේ මචන් ඕක උබට ගන්න බෑ. මාස 2කට වඩා ද කොහෙද ගිය ඩොමේන් තමා ඔහොම වෙන්නේ
ඔව්. ඩොමේන් එක expire වෙලා ටික කාලයක් යනකල් ගන්න පුළුවන්. හැබැයි ඒ සමහර tld වලට විතරයි. Grace period කියල whois කලෝතින් බලාගන්න පුළුවන්. මේ කාලේ අන්තිම දවස පනින්න කලින් ඩොමේන් එක රිනිව් කරගන්න ඕනෙ. ටික දවසකට පස්සෙ ගොඩක් domain registrar ලා redemption fee කියල එකක් චාර්ජ් කරනව. ඩොලර් 10 ඉදල 70-100ක් වුනත් වෙන්න පුළුවන් tld එකේ විදියට.
මේකෙනුත් රිනිව් කරගත්තෙ නැතිනම් auctioning or premium service එකට වැටෙනව. මෙතනින් පස්සෙ ඩොමේන් අයිතිය තියෙන්නෙ domain registrar ට.
auctioning වැටුන එකක් නම්, auction එකෙන් කවුරුවත් ගත්තෙ නැතිනම් මාස 3-5ක් අතර වගේ delete වෙනව. එතකොට පුළුවන් ආයෙත් රෙජිස්ටර් කරගන්න අවශ්‍ය නම් වෙන කෙනෙක්ට කලින්.