ජීවිත කතාව
ඒ මහතාගේ ජීවිත කතාව පසුගිය දවසක අහන්න ලැබුනා.
එතුමා ගේ පියා පොහොර සංස්ථාවේ පර්මිට් එකකින් පොහොර ඇදලා තියෙනවා. පස්සෙ පියා හදිසියේ මිය යනවා. මෙතුමාගේ අම්මත් එක්ක මෙතුමා තනිවෙනවා. තනි වෙන්නෙ නිකන් ම නෙවෙයි ලොකු ණය බරකුත් එක්ක.
ඉන් පස්සෙ කරන්න කිසි දෙයක් නැති තැන වත්කම් සියල්ල විකුණනවා.
මෙතුමාට කන්න අදින්නවත් නැති වෙනකොට නැවතත් පොහොර ගබඩාවේ රස්සාවක් හොයන් යනවා. රස්සාවක් ලැබුනත් ලැබෙන්නෙ පොහොර ලොරියක ක්ලීනර් රැකියාවක්.
ඒ රස්සාව අතරතුර අනේකවිද දුක්ඛ දෝමනස්සය්න්ට මුහුණ දෙන්න වෙනවා.
හබරණ පැත්තෙ පොහොර අරන් යද්දි, පාරෙන් අලි මාරු වෙන නිසා ගෝනි පඩංගු එලා ගෙන ලොරිය යට නිදා ගත්තු කාලයකුත් මෙතුමාගෙ ජීවිත කතාව ඇතුලෙ හමුවෙනවා.
කොහොමින් කොහොම හරි ටිකක් ටික මුදල් ඉතිරි කරලා නැවතත් තාත්තාට ලැබුණු පර්මිට් එක බලාත්මක කරගෙන නැවතත් තාත්තාගෙ අඩි පාරෙ ගමන් කරන්න පටන් ගන්නවා.
ඒ අතරතුර විභාග සමත් වෙලා සරසවියට යනවා. ඒ අම්මාට බිස්නස් බලා ගන්න පුලුවන් කාලයක්.
මේ කතාව තව දිගයි...
ඉතිරි කතාව ඉතින්, රස්සාව සහ පාර්ලිමේන්තු දිවිය තමයි. ඒක කවුරුත් දන්නවා නෙ.
පස්සෙ ඉතින් මේ ලැබිලා තියෙන සියලු දේ තම උත්සාහයෙන් ලබා ගන්න තරම් මෙතුමා උත්සාහවන්ත වෙනවා.
ඔන්න ඕකයි කතාව..
කොටන කොට අඩුපාඩු තියෙන්න ඇති. සමාවෙන්න.
රෙප් බලාගෙන නෙවෙයි. යමෙකුට මෙයින් යමක් ගන්න පුලුවන් උනා නම් මට ඒ ඇති.