DR.SHAKEEL AFRIDI

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    ඔසාමා නඩුවේ වෛද්‍යවරයාගේ සිර දඬුවම ලිහිල් කෙරෙයි


    AFRIDI_3.jpg.crop_display.jpg


    වෛද්‍ය ශකිල් අෆ්රිඩි

    ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමට ඇමරිකාවට උදව් දුන් බවට චෝදනා ලැබූ පාකිස්තාන් වෛද්‍යවරයාගේ නීතිඥ කණ්ඩායම නව නඩු විභාගයක් ඉල්ලා සිටිති.

    නීතිවේදීන් විසින් එම ඉල්ලීම කරන ලද්දේ පාකිස්තාන් අධිකරණයක් මගින් එම වෛද්‍යවරයාගේ වසර තිහක සිර දඬුවම් කාලය වසර දහයකින් අඩු කිරීමට තීන්දු කිරීමෙන් පසුවයි.


    නීතිඥයන් කියා සිටින්නේ ගෝත්‍රික උසාවියකින් දෙන ලද තීන්දුව තමන් පිළි නොගන්නා හෙයින් නව නඩු විභාගයක් අලුතින් ආරම්භ කළ යුතුව ඇති බවයි.

    ගෝත්‍රික උසාවියේ තීන්දුව

    පාකිස්තානයේ ‘ඇබටාබාද්’ නගරයේ සැඟවී සිටි ඔසාමා බීන් ලාඩන් අල්ලා මරා දැමීමට CIA සංවිධානයට උදව් කිරීමේ චෝදනා යටතේ වෛද්‍ය ශකීල් අෆ්රිඩිට එරෙහිව චෝදනා එල්ල කෙරුණ අතර, සෙංගමාලය වාරණය කිරීමේ ව්‍යාජ එන්නත් ව්‍යාපෘතියක මුවාවෙන් බීන් ලාඩන් අල්ලා ගැනීමේ මෙහෙයුමට හවුල් වීම සහ පාකිස්තානයට එරෙහිව යුද වැදීමේ වැරදි සම්බන්ධයෙනුයි ඔහු දඬුවම් ලැබ සිටියේ.


    ඔසාමා බින් ලාඩන්

    දෙදහස් දොළහ වසරේ මැයි මාසයේ පළමු නඩු විභාගය අවසානයේ වෛද්‍ය ශකීල් අෆ්රිඩි (Shakeel Afridi) වසර තිස් තුනකට සිරගත කරනු ලැබුණි.

    ව්‍යාජ එන්නත් මෙහෙයුමක්

    එම දඬුවමට එරෙහිව වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය අභියාචනයක් ඉදිරිපත් කර තිබුණ අතර එය විභාග කළ ‘පෙෂවෝර්’ අධිකරණයක් දඬුවම වසර විසි තුනකට අඩු කිරීමට අද සෙනසුරාදා තීන්දු කරනු ලැබුණි.

    පාකිස්තානයට එරෙහිව යුද වැදීම සම්බන්ධයෙන් වෛද්‍ය ශකීල් අෆ්රිඩිට එරෙහිව ඉදිරිපත්ව තිබුන චෝදනාවෙන් ඔහු නිදහස් කෙරුණ බවයි වාර්තා වන්නේ.

    140315171422_dr_shakil_afridi_512x288_bbc_nocredit.jpg


    ඇමෙරිකා එක්සත් ජනපද හමුදා පාකිස්තාන් ආණ්ඩුව දැනුවත් කිරීමකින් තොරව ‘ඇබටාබාද්’ නගරයට කඩා වැදී ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගෙන මරා දමනු ලැබීම පාකිස්තාන් බලධාරීන් බලවත් දුෂ්කර තත්වයකට පත් වීමට හේතු විය.






    blq-blocks_grey_alpha.png