Dream Keyboard Mobile App

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අප සෑම දෙනාම එදිනෙදා ජිවිතේ පණිවිඩ හුවමාරු කරගැනීමට අනිවාර්යෙන් තමන්ගේ දුරකථනයේ Keyboard එක භාවිතා කරන අතර බොහෝ විට අපට දුරකථනයේ ඇති default Keyboard එක සිංහල භාෂාව සහය නොදක්වන නිසා අප වෙනත් Keyboard එකක් download කර ගෙන භාවිතා කිරීමට හුරුවී සිටිනවා.

    මේ වන විටත් අපට සිංහල භාෂාව සඳහා සහය දක්වන Keyboard app කිහිපයක්ම ඇති නමුත් මෙම Dream Keyboard එක අනෙක් Keyboard app සමඟ සැසදීමේදී සරල සහ පරීශිලයන්ට භාවිතය පහසු වන ආකාරයට නිපදවා තිබෙන අතර මෙය ශ්‍රී ලාංකීක තරුණයෙකු විසින් නිපදවන ලද Keyboard app එකක් විම අනෙක් සුවිශේෂි කරුණ වෙනවා.

    dream-keyboard-sinhala-typing-and-voice-typing-techroom-tech-news-lk.jpg



    මෙම Dream Keyboard එක මඟින් පරීශිලකයන් හට ශබ්දානුකූල ක්‍රමය (Singlish) සහ සම්මත විජේසේකර ක්‍රමය භාවිතා කර සිංහල අකුරු type කළ හැකි අතර මෙහි ඇති ඉතා සිත් ඇදගන්නා සුළු සහ සරල UI එකකින් සමන්විත වන අතර විවිධ අලංකාර themes ගණනාවක් නොමිලේම භාවිතා කිරීමට හැකියාව හැකියාව ලැබෙනවා.

    dream-keyboard-themes-and-fonts-techroom-tech-news-lk.jpg


    තවද Gestures, අක්ෂර දෝෂ හඳුනා ගැනීම, voice typing, clipboard එක හැසිරවීම, Keyboard එක හරහාම ඡේද/වචන සැකසීම, stylish fonts භාවිතා කිරීමේ හැකියාව, Keyboard එකෙහි අකුරු හා icon වල වර්ණය වෙනස් කිරීම වැනි පහසුකම් සහ තවත් පහසුකම් ගණනාවක් මෙන්ම emoji and number bar එකක්, emoji prediction වැනි සාමන්‍ය Keyboard වල ඇතුලත් නොවන අංග පවා මෙම Dream Keyboard එකෙහි ඇතුලත් වෙනු ලබනවා.

    dream-keyboard-smart-gestures-and-text-editing-options-techroom-tech-news-lk.jpg


    මෙම Keyboard app එකෙහි විශේෂතාවක් වන්නේ ඉතා අඩු බැටරි, RAM, Storage හා CPU භාවිතයක් සහිත වීමයි. ඒ නිසා මිලෙන් අඩු දුරකථනවල ද ඉතා හොඳින් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින අතර, මෙම app එකෙහි අඩංගු සියලු පහසුකම් නොමිලේ භාවිතා කළ හැකියාව පවතිනවා.

    dream-keyboard-emoji-bar-and-clipboard-management-techroom-tech-news-lk.jpg

    Keyboard app එකක් භාවිතා කරන විට අප විසින් Keyboard එක භාවිතයෙන් සංවේදී දත්ත හුවමාරු කරගන්නා නිසා මෙහි ඇති Privacy ගැන අපි විශේෂයෙන් සැලකිල්ලට ලක් කල යුතු අතර පහත Link එක ඔස්සේ ගොස් ඔබට එහි Privacy Policy ගැන සිංහල හා ඉංශ්‍රිසි භාෂාවන් ඔස්සේ දැනුවත් විමේ හැකියාව පවතිනවා.

    https://www.sites.google.com/view/dreamkeyboardapp/sinhala?authuser=0
    Dream Keyboard app එක ඔබට භාවිතා කිරීමට අවශ්‍යය නම්, මේ වන විට මෙය Play Store සහ Huawei AppGallery මඟින් Download කර ගැනීමට හැකියාව ඇති අතර මෙම app එක ඉදිරියේදී iOS පරීශිලයන් වෙනුවෙන්ද නිපදවීමට ‍මෙම Keyboard app එකෙහි හි නිර්මාතෘවරයා බලාපොරොතුවෙන් සිටිනවා.



    මෙම Keyboard app එක භාවිතයේදි ඔබට යම් කිසි දෝශයක් හෝ ගැටළුවක් ඇති වුවහොත් [email protected] මඟින් සහ Dream Keyboard නිළ Facebook Page එක මඟින් මෙහි Developer කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබෙනවා.
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    මම use කරන්නෙත් ඕක. පට්ට. simple.
    හෙළකුරු ජරාවට වඩා දාහකින් හොඳයි
     
    • Like
    Reactions: NRTG