Driving License කරුමය :/

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මාස ගාණක් මේකට විසදුම් හොයලා අන්තිමට කිසි දෙයක් හරි ගිය නැති හින්දයි ලියන්නේ. :sorry:

    මේකයි කතාව. මගේ ලයිසන් එක කල් ඉකුත් වුනා පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ. කෝවිඩ් වසංගතය නිසා අලුත් කරන එක මාස ගාණක් කල් දමාගන්න අවසර තිබුණු නිසා මම වෛද්‍ය සහතිකය අරගෙන මේක අලුත් කරගන්න ගියේ ජූනිවල.

    ගිහිල්ලා ඔක්කොම හරියට කරගත්තත්, ඇස් පරීක්ෂාවේ දී අවුලක් වුනා. අවුල තමයි මගේ දකුණු ඇහැ (උපතේ ඉදලම) හරියට පේන්නේ (ඒ කියන්නේ අකුරු කියවන්න අමාරුයි) නැහැ. Lazy eye disorder තමයි එකේ නම. එක එක ව්‍යායාම තියෙනවා මේ අවුල හදාගන්න. නමුත් ඒවා කරලත් තවම ලොකු ප‍්‍රගතියක් නැහැ.

    කොහොම හරි මේක නිසා එතන හිටපු වෛද්‍යවරිය කිව්වා සාමාන්‍ය විදිහට වෛද්‍ය සහතිකයක් දෙන්න විදිහක් නැහැ, ඔයා මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් චැනල් කරලා ප‍්‍රතිකාර ලබාගන්නවා නම් (ඇත්තටම මම එහෙම කරනවා) එයාගෙන් ලියුමක් කරගෙන එන්නය කියලා. ඉතින් මම එහෙම ලියුමක් ගත්තා. මගේ වෛද්‍යවරයා නම් කිව්වේ ඇහේ ප‍්‍රශ්නයක් තිබුණත් බලපත‍්‍රය ලබාගන්න තරම් ගැටලුවක් එයාට නම් පේන්නේ නැහැ කියලා. :)

    කොහොම හරි ඊළග දවසේ මම මේ ලියුම අරගෙන ගියා. නමුත් ඒ ලියුමේ මගේ වෛද්‍යවරයා සදහන් කරලා තියෙන කාරණා පිළිගන්න අර වෛද්‍යවරිය කැමති වුනේ නැහැ. සාමාන්‍ය අක්ෂි පරීක්ෂාව සිදුකරලා එයා කිව්වෙම, පේනවනේ ඔයාට දකුණු ඇහෙන් කියවන්න බැහැ, ඒ නිසා සාමාන්‍ය විදිහට බලපත‍්‍රය දෙන්න බැහැ කියලමයි. :(

    මේක මට ගන්නම වුවමනාව තිබුණු නිසා මම ඇහුවා දැන් ඔ්ක දෙන්න පුලුවන් විදිහ කොහොමද කියලා. එතකොට කිව්වා මොනොකෝල් ඩ‍්‍රයිවින්ග් විදිහට දාලා හදලා දෙන්නම් (ඒ කියන්නේ එක ඇහැක හොද පෙනීමක් තියෙනවා නමුත් අනෙක් ඇහේ නැහැ) හැබැයි එහෙම කළොත් ගෙදර තියෙන වාහනේට පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරන්න වේවිය කියලා. මටත් ඒක අවුලක් නැහැ. මම කිව්වා හරි කමක් නැහැ, එහෙම ලියලා දෙන්න කියලා. :)

    කොහොම හරි ඔ්ක අරගෙන වේරහැර ගියාම තමයි අවුල වුනේ. මොනොකොල් ඩ‍්‍රයිවින්ග් කියලා මගේ සහතිකයේ ලියලා තියෙන නිසා එතන කවුන්ටරයෙන් මාව දැම්මා තාක්ෂණ අංශයට. එතන හිටපු නිලධාරියා මගෙන් විස්තර අහලා කියනවා, මොනොකොල් ඩ‍්‍රයිවින්ග් නම් පදවන්න පුලුවන් දිග හුඩ් එකක් තියෙන (හොම්බ දිග - මට තියෙන්නේ බඩී වෑන් එකක්) වාහනයක් විතරක්ය, ඒ මොකද එකෙ ෆෙන්ඩර්වලට පැති කණ්නාඩි හයි කරලා මොඩිෆිකේෂන් එකක් කරන්න වෙන නිසාය කියලා. අනික මට ජීවිත කාලේ පුරාවටම පදවන්න පුලුවන් ඒ වාහනේ විතරමයි. මේ දීලා තියෙන වෛද්‍ය සහතිකය නිසා, මට බයික් පදින්නත් අවසර නැහැ. :baffled:

    මම ඉතින් කිව්වා මට තියෙන්නේ වෑන් එකක්, ඒ වගේම මේ හදිස්සියේ කාර් එකකට මාරු වෙන්න හැකියාවක් නැහැ කියලා. එතකොට ඒ නිලධාරියා කියනවා අපි අපිට අවංක වෙන්න ඔ්නෙලු (මම මොකුත් කියන්න ගියේ නැහැ), හැබැයි කිව්වා ආර්එම්වී එකේ ජයවීර කියලා කෙනෙක් ඉන්නවා අවසරයක් ගන්න පුලුවන් ද කියලා එයාගෙන් අහලා බලන්නය කියලා. :sorry:

    ඔ්කයි මචන් අවුල. මම තවම මේ ජයවීර කියන කෙනාව හම්බවෙන්න ගියේ නැහැ. ඒක අන්තිම ඔප්ෂන් එක විදිහට තියාගෙන ඉන්නේ. කතාකරන්න පුලුවන්, කරන්න පුලුවන් හැම දෙයක්ම (මගේ දැනුමේ හැටියට) මම කරලා ඉවරයි. කොටින්ම මම මුලින්ම ලයිසන් ගත්තු ලර්නර්ස් එකටත් කතා කරලා බැලුවා මේක ඒ අය හරහාවත් විසදගන්න පුලුවන් ද, කියලා. නමුත් ඒ අයත් කියනවා ඇහේ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තාවේ සදහන් වෙලා තියෙන නිසා කරන්න දෙයක් නැහැය කියලා. :(

    ලොකු කතාවක්. අන්තිමට මට දැනගන්න ඔ්නේ මෙහෙම දෙයක් වෙච්ච කවුරුහරි කිරියේ ඉන්නව ද?, විසදුමක් හොයාගත්ත ද?, එහෙමත් නැතිනම් මේක සාධාරණ විදිහට බලලා විසදලාදෙන්න පුලුවන් නිලධාරියෙක් ගැන දන්නව ද? කියලා (පගා දෙනවා වගේ වැඩ ගැන නෙවෙයි මම කියන්නේ) :yes:

    මොකක් හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. මම වාහන පදවන්න හරිම කැමතියි. මේ අවුරුදු ගාණටම කිසිම අනතුරක් කරගෙන නැහැ. හදන්නෙත් ගෙදරම තියාගෙන. අනික මේ රට වටේ දුවන්න නෙවෙයි. ඉදලා හිටලා කොළඹට යන්න (මම ඉන්නේ කඩවත), හන්දියට යන්න, වයිෆ්ව, අම්මව පාසලේ ඉදන් ගෙදරට එක්කන් එන්න, ඔය වගේ දේවල්වලට. :)
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඔය මෙඩිකල් එක එක්ස්පයර් වෙනකන් ඉදපන් දැන් කරන්න දෙයක් නෑ, ඊට පස්සෙ කණ්නාඩි දාල මෙඩිකල් එක ගනින්
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    නොකියා කියන්නෙ පගාවක් දෙන්නද කියලද දන්නේ නෑ RMV එකේ උන්. 🤔

    BUMPER

    pagawa thama bn oya illanne

    melo wadak na okun nm

    ඒ වගේ සීන් එකක් තමා පේන්නේ. ගොඩක් තැන් වල පාගව දුන්නනම් වැඩේ වෙනවා.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Kannadi lens dala medical gatte nadda

    Kannadi 2k aragena wade karaganna barida bn?

    ඔය මෙඩිකල් එක එක්ස්පයර් වෙනකන් ඉදපන් දැන් කරන්න දෙයක් නෑ, ඊට පස්සෙ කණ්නාඩි දාල මෙඩිකල් එක ගනින්
    රිප්ලයිවලට ස්තූතියි මචන්ලා. නැහැ, කණ්නාඩි දාලා හදන්න බැහැ මේක :sorry:

    මෙඩිකල් එක්ස්පයර් වෙනකන් ඉන්න තමයි මමත් හිතාගෙන හිටියේ. ඒත් බන් ලර්නර්ස් එකෙන් කිව්වනේ දැන් මෙඩිකල් ආර්එම්වී ඩේටාබේස් එකේ ස්ටෝර් වෙනවා ඒ නිසා මොනවා කළත් වැඩක් නැහැ කියලා?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,545
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ පෝස්ට් එක දැක්කම ඔය සබ්ජෙක්ට් එක දන්න කෙනෙකුට කතාකරා.

    1. ඔය ඇහැ අවුරුදු 18ට කලින් සනීප කරගන්න තිබුන හරි ප්‍රතිකාර කරානම්. ඇයි ප්‍රතිකාර කරගත්තෙ නැත්තෙ?

    2. ඔයාට ගන්න පුලුවන් මොනොකියුලර් ඩ්‍රයිවින් ලයිසන් එකක් විතරයි. ඒක ගත්තම වාහනේ යන්න පුලුවන් ඔයාට විතරයි. ඒ වගේම වේගසීමා ආදිය තියෙනව. ඒව තියෙන්නෙ ඔයාගෙයි අනෙක් අයගෙයි ආරක්ෂාවට. හොරවැඩ කරන්න එපා අන්තිමේදි හිරේ ලගින්න වෙයි.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    නොකියා කියන්නෙ පගාවක් දෙන්නද කියලද දන්නේ නෑ RMV එකේ උන්. 🤔

    BUMPER

    pagawa thama bn oya illanne

    melo wadak na okun nm

    ඒ වගේ සීන් එකක් තමා පේන්නේ. ගොඩක් තැන් වල පාගව දුන්නනම් වැඩේ වෙනවා.
    රිප්ලයිවලට ස්තූතියි. බලමු තව මොනවා හරි අදහස් තියෙනව ද, කියලා :)
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,739
    1,484
    113
    Pagawa thama illanne. Lankawe hatine karanna deyak na ubata wahana drive karanna puluwan ekata oya nopeneema badawak nowe nam pagawa deela gain licen eka naththan medical expire wunama medical ganna thaninma pagawak deela medical eka goda daganin.
     
    • Sad
    Reactions: KMAInteract

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,341
    113
    Mother Earth
    අර කියවන්න දෙන අකුරු බෝඩ් එක මූණ බලන කණ්නාඩියකින් බලන්ද කියවන්න දෙන්නෙ. මේක කියවපන් බලන්න. දුරට ගිහින්. ආයෙ මෙඩිකල් එක හදා ගන්න බලන්න. වෙන මොන හුත්තක්වත් කරන්න යන්න එපා. උබ එකපාරක් ලයිසන් එක හරියට නෝමල් විදිහට ගත්තනම් ඇයි දැන් ගන්න බැරි ? මහ කැරි වේසියො ඉන්නෙ බන් ඕව වල. ගෑනු දොස්තරලා මහ වේස අම්මණ්ඩියො.
    1200px-Snellen_chart.svg.png

    මගේ මෙඩිකල් එකේ vision එක දාල තියෙන්නෙ right/left 6/9, 6/9.
     
    Last edited:

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මම මේ පෝස්ට් එක දැක්කම ඔය සබ්ජෙක්ට් එක දන්න කෙනෙකුට කතාකරා.

    1. ඔය ඇහැ අවුරුදු 18ට කලින් සනීප කරගන්න තිබුන හරි ප්‍රතිකාර කරානම්. ඇයි ප්‍රතිකාර කරගත්තෙ නැත්තෙ?

    2. ඔයාට ගන්න පුලුවන් මොනොකියුලර් ඩ්‍රයිවින් ලයිසන් එකක් විතරයි. ඒක ගත්තම වාහනේ යන්න පුලුවන් ඔයාට විතරයි. ඒ වගේම වේගසීමා ආදිය තියෙනව. ඒව තියෙන්නෙ ඔයාගෙයි අනෙක් අයගෙයි ආරක්ෂාවට. හොරවැඩ කරන්න එපා අන්තිමේදි හිරේ ලගින්න වෙයි.
    ස්තූතියි රිප්ලයි එකට.

    1. ඇයි ප‍්‍රතිකාර කළේ නැත්තේ? - නැත්තේ නැහැ ප‍්‍රතිකාර කළා. නමුත් ලොකු ප‍්‍රගතියක් නැහැ. මුලින් මම ලයිසන්ස් එක ගත්තේ ලර්නර්ස් එකක් හරහා. ඒ අය ඇත්තටම මෙඩිකල් එකක් කළාද කියලවත් මට මතක නැහැ (ඒ කාළේ මේ වගේ පොසෙස් එකක් තිබුණේ නැහැ) ඒ නිසාම මටත් මේක මගහැරුනා.

    2. මේ විස්තර මම දන්නවා. ස්තූතියි :) හොර වැඩක් කරන්න කිසිම වුවමනාවක් නැහැ. අනික, රටේ නීතිය මෙහෙම තිතට කි‍්‍රයාත්මක වෙනව නම් මමත් ඇත්තටම කැමතියි. ඒත් එහෙම නොවීම සහ හොද රියදුරෙක් වන මට අසාධාරණයක් වෙනවාය කියන හැගීම නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. කරන්නම දෙයක් නැති වුනොත්, ඔව්, කොහොම හරි වාහනය දීලා කාර් එකකට යනවා තමා :yes:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඔතන ඉන්න එවුන් පිස්සෝ උරාගෙ මාලු උරාගෙ අගේ තියලම කපන්න ඕනේ
     
    • Like
    Reactions: KMAInteract

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    ස්තූතියි රිප්ලයි එකට.

    1. ඇයි ප‍්‍රතිකාර කළේ නැත්තේ? - නැත්තේ නැහැ ප‍්‍රතිකාර කළා. නමුත් ලොකු ප‍්‍රගතියක් නැහැ. මුලින් මම ලයිසන්ස් එක ගත්තේ ලර්නර්ස් එකක් හරහා. ඒ අය ඇත්තටම මෙඩිකල් එකක් කළාද කියලවත් මට මතක නැහැ (ඒ කාළේ මේ වගේ පොසෙස් එකක් තිබුණේ නැහැ) ඒ නිසාම මටත් මේක මගහැරුනා.

    2. මේ විස්තර මම දන්නවා. ස්තූතියි :) හොර වැඩක් කරන්න කිසිම වුවමනාවක් නැහැ. අනික, රටේ නීතිය මෙහෙම තිතට කි‍්‍රයාත්මක වෙනව නම් මමත් ඇත්තටම කැමතියි. ඒත් එහෙම නොවීම සහ හොද රියදුරෙක් වන මට අසාධාරණයක් වෙනවාය කියන හැගීම නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. කරන්නම දෙයක් නැති වුනොත්, ඔව්, කොහොම හරි වාහනය දීලා කාර් එකකට යනවා තමා :yes:
    උඹ 2013ද ලයිසන් එක මුලින්ම ගත්තෙ? ඒ කාලෙ නම් ලර්නර්ස් එකේ අඳුරන ක්ලිනික් එකකට යවලා බ්ලඩ් සාම්පල් එකක් අරන් යවනවා. එච්චරයි කලේ. මෙහෙම මෙඩිකල් තිබ්බෙ නෑ.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93

    උඹ 2013ද ලයිසන් එක මුලින්ම ගත්තෙ? ඒ කාලෙ නම් ලර්නර්ස් එකේ අඳුරන ක්ලිනික් එකකට යවලා බ්ලඩ් සාම්පල් එකක් අරන් යවනවා. එච්චරයි කලේ. මෙහෙම මෙඩිකල් තිබ්බෙ නෑ.
    2012. ඔව්. හරියටම හරි. මෙහෙම තමයි කළේ