learners එකට කියල කල් දාගන්ඩ පුළුවන්. මමත් එහෙම කල් දාගෙන තියෙනවා. 3 සැරයක්ද කොහෙද කල් දාගන්ඩ පුළුවන්.
bike පුරුදු මදි හින්ද ද කල් දාන්නේ? මොකක්ද bike වර්ගේ ඔයා පුරුදු වෙන? ඉන්දියන් නම්, ඉන්දියන් ලොකු bike වලින් 8 ගහන්ඩ පුරුදු නැති කෙනෙක්ට අමාරුයි.
learners එකෙන් අහල බලන්ඩ trial පෙන්නන bike එක පුරුදු වෙන්ඩ පුලුවන්ද කියල. මම කුරුණෑගල trial පෙන්නුවේ. එහෙ සතියේ එක දවසක් trial පෙන්නන තැන වෙනම training sessions තියෙනවා. එක එක learners වලින් කට්ටිය ඇවිත් bike, ත්‍රීවිල් පුරුදු කරනවා. එතනදී දෙන්නේ trial පෙන්නන්ඩ දෙන bike සෙට් එකමයි. අපිට දුන්නේ ජාලින්ග් clutch නැති bike. gear එකත් 2nd එකටද කොහෙද දාලා දෙන්නේ gear මාරු කරන්ඩවත් ඕනේ නෑ, accelerator එක ඇල්ලුවා ගියා break කරලා නැවැත්තුවා. හෙන ලේසියි handle කරන්ඩ. ළඟ නවන්ඩ, 8 ගහන්ඩ ලේසියි. එහෙම දවසක් පුරුදු උනහම බය සැක නැති වෙනවා. ආයේ trial පෙන්නන දවසේ උදෙත් ආයේ වටයක් පුරුදු කරනවා. එතන trial පෙන්නන විදියටම traffic cones එහෙම තියල යන හැටි, 8 ගහන හැටි, නවත්තන්ඩ ඕන හැටි, යන්ඩ ඕන speed ඔක්කොම කියල දෙනවා. learners එකෙන් අහල එහෙම training sessions එකක් තියෙනවනම් එකට යන්ඩ. එක දවසින් වැඩේ අල්ලගන්ඩ පුළුවන්.