Sony A7iii ගැන ටිකක් දැනගමුද??
· මොකද්ද මේ Sony A7iii කියන්නේ??
Sony A7iii කියන්නේ Sony A7ii Full Frame Mirrorless කියන කැමරා එකේම Upgraded Version එක. Sony සමාගම Sony A7ii කැමරා එක 2014 දී නිකුත් කලාට පස්සේ තවත් අවුරුදු 4කට පස්සේ තමයි 2018 දී මේ Sony A7iii එක නිකුත් කරන්නේ. ඒකට සෑහෙන්න හේතු තියෙනවා. Sony සමාගම සාමාන්‍යයෙන් තමන්ගේ Products පාවිච්චි කරන අයට තියෙන රීවිව් වලට එහෙම ගොඩක් කන් දෙන සමාගමක්. Sony A7ii එකේ තිබ්බ ගොඩාක් වැරදි වගේම අඩුපාඩු Sony Users ලාට අනුව හදලා තමයි Sony A7iii එක එලියට දාන්නේ. 2018දී Sony A7iii එක ආවම ඒක විප්ලවීය, එහෙමත් නැත්තං Mirrorless කැමරා ලෝකය උඩු යටිකුරු කරපු කැමරා එකක් බවට පත් වෙනවා.
පහලින් තියෙන්නේ Sony A7iii එකේ ප්‍රධාන Features ටික-
24MP full frame BSI CMOS sensor
93% autofocus coverage (693 phase-detection points, 425 for contrast detection)
Oversampled 4K/24p video taken from full width 6K (cropped-in 5K for 30p)
In-body image stabilization
10 fps continuous shooting
2.36M-dot OLED viewfinder, 0.78x magnification
AF joystick
Touchscreen
Larger, 'Z-type' battery (CIPA rated to 710 shots)
Dual SD memory card slots
USB 3.1 Type C
වැඩිදුර විස්තර මේ ලින්කුවෙන් බලාගන්න.
https://www.sony.com/en-ae/interchangeable-lens-cameras/products/ilce-7m3-body-kit/spec
· මොකටද Sony A7iii එක හොඳ??
Sony A7iii එක සාමාන්‍යෙන් වැඩිපුරම පින්තූර ගන්න තමයි හොඳයි කියලා කියන්නේ. ඒත් වීඩියෝ කරන්නත් අවුලක් නෑ කියලත් කියනවා. මට නම් වැඩිපුරම ඕනේ පින්තූර ගන්න හින්ඳා Sony A7iii එකේ වීඩියෝ කරණය පැත්ත ගැන නම් වැඩි දැනුමක් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.
· මොනවද Sony A7iii එකේ තියෙන්නේ??
Sony A7iii එක මෙගාපික්සල් 24 ක full frame BSI CMOS sensor එකක් තියෙන කැමරාවක්. මේ Sensor එක මීට කලිනුත් Sony කැමරා වලට තිබුනාට Sony A7iii දී තමයි ඒ Sensor එක හොඳටම සහ උපරිමයට යනකන් වැඩ ගන්න පුලුවන් විදියට හදලා තිබුනේ. මේ කැමරාවේ හොඳ Stabilization එකක් තියෙනවා. ඒක Sensor Shift Stabilization කියලා තමයි කියන්නේ. මට නම් මේක සෑහෙන්න වැදගත් Feature එකක් Slow Shutter පින්තූර එහෙම ගන්නකොට. වීඩියෝ කරණය පැත්තටත් මේක සෑහෙන්න වැදගත් වෙන්න ඇති. මේ Sensor එකට තව අලුතෙන්ම ආපු BIONZ X කියන හොඳම Image Processor එකකුත් ආවා. තව Sony A7iii එකේ ආපු හොඳ දෙයක් තමයි Sony සමාගමෙන් ඒගොල්ලොන්ගේ කලින් කැමරා වලට තිබුනට වඩා හොඳට වැඩිදියුනු කරපු බැටරියක් ලබාදීම. Users ලා ගේ එතෙක් වෙනකන් තිබ්බ ලොකු පැමිණිල්ලක් තමයි මේ Sony කැමරා වල Battery Life එක. Sony A7iii එකේ ආපු මේ Np-Fz100 කියන බැටරිය කලින් කැමරා වලට ආපු NP-FW50 බැටරිය වගේ දෙගුනයක විතර බැටරි බලයෙන් හා පින්තූර 700කට වැඩි (නිත්‍යගත තත්ව යටතේ) ප්‍රමානයක්, එක් වරක් සම්පූර්නයෙන් Charge කරන ලද බැටරියකින් ලබා ගන්න පුලුවන්.
· Sony A7iii ගැන මගේ මතය??
මං කලින් පාවිච්චි කලේ Nikon D5300 කැමරා එකක් සමග Tamron 28-200 Lens එකක්. ඉතින් APS-C Sensor එකක් පාවිච්චි කර කර ඉඳලා Sony A7iii එකේ Full Frame එකකට ආපුවාම හරියට අහසයි පොලොවයි වගේ තමයි මට නම් දැනුනේ. APS-C එකේ දී සෑහෙන්න අමාරුවෙන් Capture කරන සමහර දේවල් Full Frame එකකදී නම් සෑහෙන්න ලේසියෙන් Capture කරන්න පුලුවන්. ඒ වගේම තමයි Sony A7iii එකේ සෑහෙන්න Button Collection එකක් තියෙනවා. අපිට ඕන විදියට මෙනූ එකෙන්ම හදාගන්න පුලුවන් Customizable Buttons 4 ක්ම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉස්සරහා වගේම පිටිපස්සෙත් Rotatable Wheel දෙකක් තියෙනවා. තව Sony සමාගම පළමු වතාවට Joystick එකක් මේ කැමරාවට දෙනවා. මට නම් ඒක සෑහෙන්න වැදගත්. තව මේ කැමරාවට Memory Card Slot දෙකක් එනවා. ඒ Slot දෙකෙන් පළවෙනි Slot එකට UHS-II වර්ගයේ Memory Card ඇතුලත් කරන්න පුලුවන්. ඔය UHS-II වර්ගයේ Memory Card සාමාන්‍ය UHS-I වර්ගයේ ඒවාට වඩා සෑහෙන්න වේගවත්. මට නම් අලුතෙන්ම UHS-II වර්ගයේ Memory Card එකක් ගන්න උනා. තව අපිට පුලුවන් ඒ Memory Card Slot දෙකට වෙන වෙනම Save වෙන්න ඕනේ දේවල් Menu එකෙන්ම තෝරගන්නත් පුලුවන්. මං නං වීඩියෝ Slot 2 එකටත් RAW ෆොටෝ Slot 1 එකටත් තමයි හදාගෙන තියෙන්නේ. Sony A7iii එකේ Low Light Performance නම් කියලා වැඩක් නෑ. මගේ කලින් තිබ්බ D5300 එකට වඩා නම් දස දහස් ගුනයක් හොඳයි.
ඒ වගේම මේ කැමරාවේ හොඳ දේවල් වගේම මට නම් හරියන්නේ නැති දේවල් ටිකකුත් තියෙනවා. පලවෙනි එක තමයි Screen එක. Sony A7iii එකේ එන්නේ Tilting Screen එකක්. Fully Articulating එකක් නෙමෙයි. ඒ කියන්නේ Sony A7iii එකේ එන Screen එක උඩට හා පල්ලෙහාට හරවන්න විතරයි පුලුවන්. මගේ කලින් තිබ්බ D5300 එකේ වගේ ඕනම පැත්තකට Screen එක හරවන්න බෑ. අනිත් එක තමයි Sony A7iii එකේ Screen එක Touch Screen කියලා කිව්වට, සෑහෙන්න Limited Touch එකක් තමයි තියෙන්නේ. දැන් එන Low Budget කැමරා වලත් හොඳ Touch Screen එකක් එනවා. ඒත් මතක තියාගන්න ඕනේ මේ Sony A7iii කැමරාව දැන් අවුරුදු 5ක් විතර පරණයි. ඉතින් ඒ කාලේ හැටියට නම් මේ Feature එක හොඳ වෙන්න ඇති. තව දෙයක් තමයි Sony A7iii එකේ Focusing Speed එක මට නං ටිකක් අඩුයි කියලා තේරෙනවා. D5300 එකේ Focusing Features වැඩිය නැති උනාට Focusing Speed එක නම් Sony A7iii එකට වඩා ටිකක් විතර වැඩී කියලයි මට නම් හිතෙන්නේ.
· මං කාටහරි Sony A7iii එක Recommend කරනවද?
මං නං එහෙම අහන කාට උනත් දෙන්නේ එකම උත්තරේ. ඒක තමයි Sony A7iii ගැන ඔයාම හොයලා බලලා තීරනයක් ගන්න කියන එක. මොකද මන් දකින්නේ මගේ අවශ්‍යතාවයට හා දැනුමට සාපේක්ශව දේවල්. මට හොඳ දෙයක් තව කෙනෙකුත් නරක වෙන්නත් මට නරක දෙයක් තව කෙනෙකුට හොඳ වෙන්නත් පුලුවන්. ඉතින් මන් නං කියන්නේ තමන් ම හොයලා බලලා, පුලුවන්නම් ටිකක් අතපත ගාලා/පාවිච්චි කරලා එහෙම බලලා ගන්න එක තමයි හොඳ. මට නම් මගේ හැටියට Overall සෑහෙන්න හොඳ කැමරාවක්.
ඉතින් මන් මේ කිව්වේ මේ කැමරාව ගැන මට හිතෙන දේවල් ටික. වෙන අයට නම් මට වඩා වෙනස් අදහස් තියෙයි. එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං නම් වෘතීය ඡායාරූප ශිල්පියෙක් නෙමෙයි. මේක මගේ විනෝදාංශය. ඉතිං මන් නොදන්න නොදකින දේවල් ගොඩක් ඇති. එහෙම තිබුනොත් සමාවෙලා කමෙන්ටුවක් දාගෙන යන්න.
මං මගේ කැමරාවෙන් ගත්ත ෆොටෝ ටිකක් වගේම වෙන අය ගත්ත ටිකකුත් පහල ලින්කුවේ දාලා තියෙනවා. වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න.
https://www.mediafire.com/folder/8m7x7mjifcyj6/Sony+A7iii+Photos
සටහන - Chirantha

Last edited: