nfs2000

Member
Jul 23, 2016
3
0
0
මම ලඟදි e-bay වලින් Keyboard (Laptop) එකක් ඕඩර් කලා. අද ගෙදරට ලියුමක් එවල තියෙනවා මද්‍යම තැපැල් හුවමරුවෙන් එතනට ඇවිත් එතනින් ගන්න කියල. ලියුමේ තියෙනවා තීරු බදු අය කල යුතු යයි සලකා කියල. මොකද්ද මේ Seen එක. මට මීට කලින් මෙහෙම එකක් වෙලා නැනෙ.
 

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    උබ ඕඩර් කරපු අයිටම් එක කස්ටම් එකෙන් අල්ලලා.
    උබට ගිහිල්ලා ටැක්ස් එක ගෙවලා අරගන්න වෙන්නේ. පුලුවන් නම් පොඩි ගානක් දීලා ශේප් කරගනින් ටැක්ස් එක ලොකු ගානක් නම්...
     

    nfs2000

    Member
    Jul 23, 2016
    3
    0
    0
    Tnx. මීට කලිනුත් order කලේ මේ විදිහටමනේ. Gift එකක් විදිහට rap කරලා තිබුනේ නැ. හැබැයි ගෙදරටම අවා. කමක් නැ දැන් කොහොමත් ගෙවන්න වෙයි. ගිහින්ම බලනවා.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔකුන් හිතන්න ඇති phone එකක් කියලා අනිවා
     

    nfs2000

    Member
    Jul 23, 2016
    3
    0
    0
    උදව් කරපු හැමෝටම ස්තුතියි. මම එදා ගිය එක ගන්න. යන්න තිබුනේ ජනාධිපති මාවතේ තියෙන තැපැල් කාර්යාලයටය. වැඩේ කියන්නේ එතනට ගියාම යවනවා ඩී.ආර්.විජේවර්ධන මාවතේ තියෙන තැපැල් කාර්යාලයටය.මේ ලියුම Print කරලා තියෙන්නේ 2006. මේක ලංකාවනේ. e-bay බඩු ගෙන්නපු ගොඩක් කට්ටිය හිටිය. හරියට පැයක් ඉදල රු.300/- ගෙවල අරගෙන අවා. ගොඩක් උන් කලින් බඩු ගෙන්වපු උන්. මේ සැරේ තමයි මෙහෙම උනේ කියල කිව්වේ.