Multicoocker එක නං මං දන්නෙ නෑ හැබැයි මම ඉක්මනට හදන්නෙ කාස්ට් අයන් පෑන් එක ඉන්ඩක්ශන් කුකර් එකේ තියලා
ඒකෙ ඉක්මනට හදාගන්න ඒව
පාං වල බටර් ගාල ලාවට රෝස්ට් කරලා ගන්නවා
සොසේජස්, බේකන් අරවමේව පටස් ගාල ෆ්‍රයි කරගන්නවා
චිකන් වින්ග්ස් එහෙම සුදුළුණු ලුණු ගම්මිරිස් දාල ෆ්‍රයි කරගන්නවා
පෝක් චොප්ස් එහම ෆ්‍රයි කරගන්නවා
හෙල්දි විදියට කන්න හිතෙන කාල තියනවා ඒ කාල වලදි
බටන් මශ්රූම් ගෙනත් ඒව කපලා ලුණු ගම්මිරිස් දාල බේබි පොටේටෝස් ටිකක් බොචි කරල් දෙක තුනක් තක්කාලි ගෙඩි දෙක තුනක් දාල හෙමීට ෆ්‍රයි කරලා ගන්නවා
තව එකක් අමතක උනා
සුපර්මාකට් වල තියනවා පිටා බ්‍රෙඩ් කියලා එකක්, ඒව බටර් පොඩ්ඩක් ගාල ලාවට ෆ්‍රයි කරලා කන්න පුලුවන් කරියක් තිබුනොත් සුපිරියි, කරියට ඕන නං සුපර්මාකට් වලම තියනවා උයපු මීට්බෝල්ස් කරි එහෙම නිකන්ම රත් කරලා ගන්න, ඔය දෙක තියන තරමක් කන්න පුලුවන්