.
.
කෙටියෙන් කිව්වොත් ඔය කියලා තියෙන්නෙ මේ දේවල්...
- Eco tablet ආයතනය විසින් ඉන්ධන වල ප්‍රමිතිය බාලයි කියලා තමන්ගේ නිෂ්පාදනය විකුණා ගන්න උත්සාහ කරන බවත්, කොලොන්නාවේ සහ සපුගස්කන්දේ අපි කරපු රසායනාගාර පරීක්ෂණ අනුව eco tablet වලින් octane එක වැඩි වීම, කාර්යක්ෂමතාවය වැඩි වීම, ..... ආදි කිසිම වෙනසක් සිදු වෙන්නැති බවත් CEYPETCO එකෙන් කියලා තිබුණා.
- ඒක වෙනත් යම්කිසි ආයතනයක වුවමනාවකට අනුව ද්වේශසහගතව කරපු අසත්‍ය ප්‍රකාශයක්. ඒක දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
- Eco tablet කියන්නෙ 100% organic fuel booster එකක්.
- ඉන්ධන වල octane හා cetane අගයන් වැඩි කරන එකක්.
- වාහනයේ spark plug, combustion chamber හා ටැංකිය පිරිසිදු කරනවා.
- ඉන්ධන පූර්ණ දහනයට ලක් කරන නිසා carbon monoxide, සල්ෆර්ඩයොක්සයිඩ් වගේ විෂ වායු පිටවීම 99%කින් අඩු කරනවා.
- Super petrol, super diesel නොගෙන සාමාන්‍ය ඉන්ධන වලට eco tablet දාලා 20% ක ආර්ථික වාසියක් ලබන්න පුළුවන්
- ඉන්ධන පූර්ණ දහනයේ අතුරුඵල විදිහට pickup වැඩි වීම, එන්ජිමේ vibration අඩු වීම, මිස් කිරීම (misfire) නැවැත්වීම වගේ වාසි ලැබෙනවා. (මේක නම් මමත් අත්දැකීමෙන් දන්න දෙයක්)
- ඉන්ධන පිළිබඳව අන්තර්ජාතික නියාමනය කරන ලෝකයේ එකම ආයතනය ඇමරිකාවේ American society for testing material (ASTM) වල පරීක්ෂණ සියල්ල සමත් වෙලා තියෙනවා. (සමහර විට සපුගස්කන්ද, කොලොන්නාව laboratories තරම් හොඳ නැතුව ඇති
) - පරිසර හිතකාමී නිෂ්පාදනයක් බව මධ්‍යම පරිසර අධිකාරියෙන් සහතික කරලා තියෙනවා.
- ඉන්ධන වල ප්‍රමිතිය ගැන ගැටලු තියෙනවා කිව්වේ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින්, රජයේ උසස් නිලධාරීන්, දේශපාලනඥයින් හා මහජනතාව විසිනුයි.
- බාල ඉන්ධන ගැන කතාවේදී IOC සහ CEYPETCO දෙකෙන් CEYPETCO එකට තමයි රිදිලා තියෙන්නේ. CEYPETCO එක තොප්පිය දාගන්නද හදන්නෙ.
- CEYPETCO එකේ ඉන්න උගත්, බුද්ධිමත් අය අභිබවා යමින් යම් සුළු පිරිසක් තමයි මේ දේවල් කරන්නෙ. ඒ කාගෙන් ලැබෙන කොමිස් වලටද?
- සපුගස්කන්දේ, කොලොන්නාවේ කළා කියන (ව්‍යාජ) පරීක්ෂණවලට eco tablet සාම්පල හා ඉන්ධන සාම්පල ගත්තෙ කවුද, කොහෙන්ද කියලාවත් නොදන්නා නිසා, රහසිගතව කරපු ඔය පරීක්ෂණ වාර්තා ගැන eco tablet ආයතනය වගකියන්නෑ.
- Eco tablet නියෝජිතයන් ඉදිරියේ, විනිවිදභාවයකින් යුතුව ඔය පරීක්ෂණය කරන්න CEYPETCO බයයිද?
Last edited:

