Eda Raa (එදා රෑ) 2026

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,595
    5,646
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම මේකෙන් තේරුම් ගත්තේ එලකිරියේ මතේ නෙමේ රටේ මතේ
    දැනට ක්ලැරන්ස්ව පහු කරන් ගිහින් තියෙන්නේ ෆිල්ම් එක

    හැබැයි කිරියේ උන්ට බඩු ඇලජික්
    මමත් බැලුවා. සමාන්‍යයට ගොඩාක් උඩින් තියෙනවා
    අකමැති තැනි ටිකකුත් තියෙනවා. ජනිත්ගේ කොමඩි ඉරියව් ගාමිණිගේ චරිතේ පේනවා
    ලොකේෂන් ඇත්තම ඒවා ගන්න තිබ්බා නම් සුපිරි

    හැබැයි මිල්ටගේ කතාව අහන්න ආස අයට මේක මරු
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,349
    9,290
    113
    Dubai

    ක්ලරන්ස් මිල්ටන් දෙන්නම අති සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්. ක්ලැරන්ස් මල්ටි ටැලන්ට්. නමුත් ක්ලැරන්ස්ට වඩා මිල්ටන් මල්ලවාරච්චි මිනිස්සු අතරට ගිය ගායකයෙක්.
    ක්ලැරන්ස්ගේ සිංදු වලට වඩා මිල්ටන්ගේ සිංදු හැම තැනකම වගේ ඇහෙනවා. ඒ නිසාම මිනිස්සු කැමති කනට හුරු මිල්ටන්ගේ සිංදු අහගෙන මිල්ටන්ගේ ජීවිත කතාව බලන්න.
    මොකද සාමාන්‍ය මිනිස්සු අතරේ ක්ලැරන්ස්ට වඩා මිල්ටන් ජනප්‍රිය නිසා. ඒකයි ෆිල්ම් දෙකෙන් මිල්ටන් ෆිල්ම් එක වැඩියෙන් බලන්නේ.
    වරදවා තේරුම් ගන්න එපා මචො. උඹ කියන විදියට කිරියේ උන්ට බඩුවත් (බඩුවක් යන්නෙන් උඹ අදහස් කරේ මොකක්ද කියලා දන්නේ නෑ), මිල්ටන්වත් ඇලජික් නෑ.
    කිරියෙත් ඉන්නේ මිල්ටන්ගේ සිංදු පැල් බැඳගෙන අහන මිල්ටන්ට වගේම ක්ලැරන්ස්ටත් ආදරේ කරන පට්ට සෙට් එකක්. මම උනත් එහෙමයි. ඒ අසාහය ගීත වලට, මිල්ටන්ට හැමදාමත් ආදරේ කරන නිසා තමයි බන් අපේ එව්න් විවේචන ඉදිරිපත් කරන්නේ මිල්ටන්ගේ ඒ සිංදු කරත්ත කවි කරනවාට විරුද්ධව.
    උඹයි වැඩේ වැරදියටයි තේරුම් ඇරන් තියෙන්නේ
     
    සොරි බන්
    මම බඩු කියලා අදහස් කලේ මේ ෆිල්ම් එක (එතැන අපි කතා කරන විදියටම ටයිප් උනේ)
    මම හිතන්නේ මේකේ බහුතරය කියපු චාටර් එකට වඩා මේකේ ගතියක් තියෙනවා
    අනික ක්ලැරන්ස් ගේ කතාව තරුණ කාලේට සීමා උනා
    මේක ලොකු රෙන්ජ් එකක දිව්වා
    බජට් එකත් මම හිතන්නේ මේකේ අඩුයි. එකනේ ග්‍රින් ස්ක්‍රින් වැඩිය හයිලයිට් උනේ.

    අනික උඹම කල්පනා කරලා බලපන්කෝ යාළුවේ මිල්ටාගේ පවුලේ බර ගාණක්, පරම්පරා ගාණක් පොරගේ සිංදු කියද්දි මොන අධ්‍යක්ෂකටද මොන නිෂ්පාදකටද පුළුවන් එලියෙන් අළුත්ම එකෙක් අරන් මිල්ටන්ගේ සිංදු ටික කියවන්න. ඒක කරානම් ෆිල්ම් එක සමහරවිට එලියට එන එකකුත් නෑ. ඒවා ප්‍රායෝගික සිද්ධි. හොඳ තියටර් එකක හොඳ සවුන්ඩ් එක්ක ඇහුවොත් සිංදු වට කිසිම අවුලක් දැනෙන් නෑ

    එනිවේ මේක මට නම් මේ කාලේ ආව හොදම එකක්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,349
    9,290
    113
    Dubai
    බලපන් මේ සින්දුව මූ කියන හැටි. :(
    මේ සිංදු මිනිස්සුන්ගේ ලේ වලටත් කිඳා බැහැලා තියෙන්නේ.
    පවන්ට වඩා අර අනිල් ඔස්කා හොඳට කියනවා. Compair කරලා බලපන් පොඩ්ඩක්

    Original

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,256
    694
    113
    Dubai
    බලපන් මේ සින්දුව මූ කියන හැටි. :(
    මේ සිංදු මිනිස්සුන්ගේ ලේ වලටත් කිඳා බැහැලා තියෙන්නේ.
    පවන්ට වඩා අර අනිල් ඔස්කා හොඳට කියනවා. Compair කරලා බලපන් පොඩ්ඩක්

    Original

    :yes: :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,854
    3,874
    113
    USA
    ඔක්කොමත් හරි මිල්ටන්ගේ සින්දු වලට ඇරන් ඉන්න එකාගේ වොයිස් නම් මෙලෝ රහක් නෑ බන්. රනිල්ගේ පුතා නේද කියන්නේ?
    ඌගේ වොයිස් සෙට් වෙන්නේ නෑ. උගේ තියෙන්නේ පාවෙන කට හඬක්. අර ශිහාන් මිහිරන්ගලා වගේ. මිල්ටන්ට තියෙන හඬ ලාවටවත් නෑ ඒ යකාට.
    අඩුම රනිල් මල්ලවරච්චිවත් කියන්න තිබුනා සිංදු ටික. මට නම් ඒකෙන්ම ෆිල්ම් එක එපා උනා.
    එහෙමත් නැත්නම් මිල්ටන්ගේ සින්දු සුපිරියට කියන බුලට් ඉන්නවා උන්ව හරි ගන්න තිබුනා.
    ටකරන් කට හඬක් තියෙන්නේ මූට.
    සිරාවට මූට වෙන සින්දු සෙට් වෙනවා ඇති හැබැයි.මිල්ටන් ගේ සින්දු වලට සෙට් වෙන් නෑ. මගේ මතේ නම්. මූට තියෙන්නේ ලාමක කටහඩක්
     
    • Like
    Reactions: harshasoon

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,002
    1
    11,385
    113
    රනිල් නම් තාත්තගෙ සින්දු කෑවා
    ranil-wickremesinghe-2.jpg
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,135
    14,417
    113
    🌎
    මම ඊයේ බැලුවා. Movieholic එකෙක් නොවන නිසා සහ මිල්ටන් ගෙ කාලේ එකෙක් නොවන හින්දා විවේචනය කරන්න තේරෙන්නේ නැහැ.

    හැබැයි VFX අනාථ කරපු සීන් එක නම් note වෙනවා බලපු ගමන්ම.

    Storyline එකත් එක්ක සින්දු යන හින්දා සින්දුවල අවුලක් තේරුනේ නැහැ. 👀
     
    • Like
    Reactions: harshasoon

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,497
    7,294
    113
    මම මේකට කලින් අදහස දැම්මේ ෆිල්ම් එක බලන්නෙ නැතුව. අද මම මේක ලියන්නේ ෆිල්ම් එක බලලා.
    මම මට අනුව අදහසක් ලියන්නම්.

    1) පොඩි පොඩි දේවල් ගැන හොදට හිතලා තිබුනා. උදාහරණ පරණ නෝට්ටු, පරණ දින දර්ශන වගේ දේවල්.

    2) කෙල්ලොන්ගේ පෙනුම හොදයි.

    3) සිංදු හොදයි. වරදක් නැතුව ඒවා ගායනා කරලා තියනවා.

    4) රොෂාන් හොදට රග පානවා. පොර හොද නලුවෙක්. නමුත් මම මුලින් කියපු දේ මට ෆිල්ම් එක බලද්දි දැනුනා. මිල්ටනේගේ තරුණ කාලෙට රොෂාන් වයස වැඩී. කොල්ලෝ අතර ඉන්න අංකල් කෙනෙක් වගේ ලුක් එකක් එනවා. මිල්ටන්ගේ තරුණ කාලේ පෙනුමට අරන් තියන්නෙත් මිල්ටන්ගේ වයස 50 දි ලුක් එක.

    5) කථාවේ මිල්ටන්ට සාධාරනයක් කරලා මදි වගේ මට හිතෙනවා. මිල්ටන්ගේ කිසිම හොදක් හරියකට මේකේ පෙන්වලා නෑ. උදාහරණ ප්‍රියා කියලා තියනවා මිල්ටන් වෙලාවට වැඩ කරන, හරි පිලිවෙල මනුස්සයෙක් කියලා. නමුත් මේකේ හැටියට මිල්ටන් කියන්නේ බේබද්දෙක් විතරයි. එච්චර ලස්සනට සිංදු කරපු කෙනෙකුට මීට වැඩිය සාධාරනයක් කරන්න තිබුනා.

    6) මට නිකං මේක ඩොකියුමන්ට්‍රි එකක් වගේ දැනුනා. සිංදුවලට වැඩි වෙලාවක් වෙන් කරලා කථාවට වෙන් කරලා තියන්නේ අඩු වෙලාවක්. ඒකෙන් කථාව නිකං සීග්‍රගාමී දුම්රියක් වගේ යනවා.

    7) මිල්ටන්ට රනිල් සහ හර්ශනී කියන ළමයි දෙන්නා ඉන්නවා කියන එක විතරයි පෙන්වලා තියන්නේ. අනිත් ළමයි කපා හැරලා.

    8) පවුලට ආදරය දක්වන කොටසක් වත් නෑ. හරියට මිල්ටන් මැෂින් එකක් වගේ. (ඒක ඇත්ත ජීවිතයේ එහෙමද නැද්ද දන්නෙ නෑ. නමුත් කථාවට සාධාරනයක් කරන්න ඕනේ)

    9) හැමෝම කියන ගාමිණී ෆොන්සේකාගේ කොටස විහිලුවක් වගේ පේනවා කියලා, නමුත් මට හිතුනෙ නැ. මොකද අනිත් චරිතවල ආදේශක නලුවොත් ලොකුවට ඒ චරිත කරනවා කියලා මට පෙනුනෙ නෑ. (කරන්න අනිත් චරිතවල වැඩි දෙයක් තිබුනෙත් නෑ)

    10) ඇත්ත කරුණු හංගලා ඔක්කොම ෂේප් කරලා වගේ දෙයක් තියනවා. ඒකට නම් කමක් නෑ. උදාහරණයක් විදිහට නවලෝක මුදලාලිගේ දුව එක්ක තිබුන සම්බන්ධය වෙනුවට මේකේ තියන්නේ හිතින් විතරක් ලවු කරපු සීන් එකක් වගේ. (නමුත් ඒවා සාමා්‍යයෙන් එහෙම හදන්න වෙනවා.)

    හැබැයි මේ ෆිල්ම් එක එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න ඕනේ. අපේ දෙමව්පියෝ ඇත්තටම තමන්ගේ තරුණ කාලේ මිල්ටන්ගේ සිංදු රසවිදපු අය. එයාලට අනුව මේක කිසි වරදක් නැති සුපිරි ෆිල්ම් එකක්. ඒ නිසා මේක දෙමව්පියන්ට නියමයි. අපිට හෝ අපිට පහළ පරම්පරාවලටත් රස විදින්න පුළුවන්.

    මම විස්තර දැම්මේ කාටවත් බලන්න එපා කියන්න නෙවෙයි. ෆිල්ම් එක ගිහින් බලන්න. කොපිරයිට් වලටත් ලොකුවට වියදම් කරලා හදපු ෆිල්ම් එකක්නේ. ඉතිං පොඩි ගානක් වියදම් කරලා බැලුවට පාඩු නෑ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,273
    5,698
    113
    රොෂාන් දක්ශ නලුවෙක් උගේ ඇක්ටින් තාත්විකයි, පවන් නම් හෙන සෙවල පඩයෙක් ඌ එක සැරයක් කියනවා, මිල්ටන්ගේ සිංදු කියන උන්ට, සීයගේ සිංදු වෙන වෙන අය කියන්න අවශ්‍ය නෑ ඒකට මම ඉන්නවා කියලා අලි ඔලුවෙන් ඉන්න එකෙක් ඕකා. ගෝතයා මිල්ටන්ගේ සිංදු කනවා 😁 පව්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,887
    17,111
    113
    ශ්‍රී ලංකාවේ හදන ටිපිකල් සිංහල ෆිල්ම්ස් ඔක්කොමටම කිසිම ලොජික් එකක් නැති ගොන් අවසානයක් තියෙන්නේ. මේකත් එහෙම වෙයි.
    ඒ නිසා ඔය සල්ලි SPIDERMAN BRAND NEW DAY වගේ එකක් හොඳම හෝල් එකක බලන්න යොදවන්න කියලා මම යෝජනා කරනවා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,436
    6,607
    113
    සුන්දරත්වයෙන් පිරි සින්දුවෙ මියුසික් එක ඇල්ලුවෙ නෑ අනිත්වා අවුලක් නෑ. වයස වැඩි පෙනුම ඇත්ත පොඩ්ඩක් දැනෙනව.
     
    • Like
    Reactions: harshasoon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,364
    1
    13,311
    113
    Gotham City
    ශ්‍රී ලංකාවේ හදන ටිපිකල් සිංහල ෆිල්ම්ස් ඔක්කොමටම කිසිම ලොජික් එකක් නැති ගොන් අවසානයක් තියෙන්නේ. මේකත් එහෙම වෙයි.
    ඒ නිසා ඔය සල්ලි SPIDERMAN BRAND NEW DAY වගේ එකක් හොඳම හෝල් එකක බලන්න යොදවන්න කියලා මම යෝජනා කරනවා
    සිංහල ෆිල්ම් වලට උඹ අකමැති නොවැ.
    ඔව් ඒක එහෙම තමා ,
    අපෙ උන් දැන් 70s 80s නොස්ටැල්ජියා ෆෙටිශ් එකක නිරත වෙන පාටක් පේන්නෙ ,
    මෑත ආපු ගොඩක් ෆිල්ම් වල ඒක පේනවා
    වාලම්පුරි,ෆාදර්,අර ක්ලැරන්ස් ගේ ෆිල්ම් එක දැන් මේක .
    හයිප් එක නිසා බලන්නත් හිතෙනවා පොඩි විචාරයකටත් එක්ක .

    ස්පයිඩර් මෑන් එකෙ විචාරයත් මගෙන් බලාපොරොත්තු වන්න ඉදිරියේදී ,
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,741
    48,249
    113
    සිංහල ෆිල්ම් වලට උඹ අකමැති නොවැ.
    ඔව් ඒක එහෙම තමා ,
    අපෙ උන් දැන් 70s 80s නොස්ටැල්ජියා ෆෙටිශ් එකක නිරත වෙන පාටක් පේන්නෙ ,
    මෑත ආපු ගොඩක් ෆිල්ම් වල ඒක පේනවා
    වාලම්පුරි,ෆාදර්,අර ක්ලැරන්ස් ගේ ෆිල්ම් එක දැන් මේක .
    හයිප් එක නිසා බලන්නත් හිතෙනවා පොඩි විචාරයකටත් එක්ක .

    ස්පයිඩර් මෑන් එකෙ විචාරයත් මගෙන් බලාපොරොත්තු වන්න ඉදිරියේදී ,

    ඵදා රෑ පට්ට ෆිල්ම් ඵකක්ලු..බලපු උන් කිව්වේ..හෙනම දුකයිලු අන්තිමට..ගෑණුන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් අැඬිලා..☹️.,දන්නවනේ අපේ රොෂාන් රවීන්ද්‍රගේ රඟපෑම්..දැන්ට ඉතුරු වෙලා ඉන්න හොඳම නළුවා රොෂාන් තමයි මට නම්..❤️
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,364
    1
    13,311
    113
    Gotham City
    ඵදා රෑ පට්ට ෆිල්ම් ඵකක්ලු..බලපු උන් කිව්වේ..හෙනම දුකයිලු අන්තිමට..ගෑණුන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් අැඬිලා..☹️.,දන්නවනේ අපේ රොෂාන් රවීන්ද්‍රගේ රඟපෑම්..දැන්ට ඉතුරු වෙලා ඉන්න හොඳම නළුවා රොෂාන් තමයි මට නම්..❤️
    එහෙනම් බලන්න හිතෙනවා ,බලලාම විචාරය ලියන්නම්
     
    • Like
    Reactions: Bitter Truth