Edit-
mineral, synthetic oil වෙනස අහල තිබුණ මෙතනම දාන්නම්,
Viscosity- සරලව කිවුවොත් උකු ගතිය
Flow rate - කිසියම් කාලයක් තුල ගලන oil පරිමාව
1. ඉස්සර මිනරල් oil පාවිච්චි කරනකොට ගැටළුවක් අවා oil ගොඩක් රත් වෙන කොට viscosity එක අඩු වෙනවා උදහරණයක් විදියට SAE 20 oil high rpm වල නිතර යනකොට viscosity එක ගොඩක් අඩුවෙලා (පොල්තෙල් වගේ) engine හරියට lubricate වෙන්නේ නැතුව engine seized වෙන්න ගත්තා. ඒක වලක්වා ගන්න වැඩි viscosity එකක් තියෙන oil, engine එකට දන්න ඕන. නමුත් වැඩි viscosity එකක oil ගොඩක් උකුයි oil pump එකෙන් pump කරනකොට engine එකට අමතර load එකක් pumping lose එක වැඩි low rpm වල engine එක run වෙනකොට.
2. ඕකේ අනිත් පැත්ත සුද්දගේ රටවල් සිතල වෙනවා. ඉතින් ගොඩක් අඩු උෂ්ණත්ව වලදී sump එකේ oil කැටි ගැහෙනවා. viscosity එක ගොඩක් වැඩි වෙලා flow rate එක ගොඩක් අඩු වෙනවා. ඒක නිසා oil pump වෙලා engine එක lubricate කරන්න සෑහෙන වෙලාවක් යනවා ඉතින් engine ඉක්මනට ගෙවෙන්න seize වෙන්න පුලුවන්.
ඒක නිසා ගොඩක් additives එකතු කරලා chemical composition එකකින් synthetic oil හදල තියෙනවා. High temperature වලදී viscosity අඩු වෙන්නෙනෑ, low temperature viscosity තරමක් වැඩි උනත් මිනරල් oil තරම් නෑ සහ oil කැටි ගැහෙන්නෑ. අනිත් වැදගත් දේ තමයි mineral SAE 30 වලට වඩා flow rate එක වැඩියි synthetic SAE 30 වල. ඒක නිසා එකම viscosity එකේ උනත් pumping loss අඩුයි synthetic oil දැම්මම සහ engine එක start කරන ගමන්ම lubricate වෙන්න පටන් ගන්නවා. නමුත් මම කලින් කිවුව අවාසිය තියෙනවා වැඩිය දුවන්නේ නැති engine වලට.
ethankota Multi Viscosity mineral oils thiyenawane dan (eg: 10W30 mineral oil) ewageth high temp waladi viscosity adu wenne na, low temp waladi viscosity wadiwela katigahenne na ne?





