


තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බහි කළේ
මගෙ පාළු ලොකයේ තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිළි මගේ හසුරා ගත හැක නමා
මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා
තනිවී සිටින්නයි මා...
ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී
![]()




හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සඳූගේ රැයේදී යළි හමුවෙමූ - යළි හමුවෙමූ... //
සැකයේ වෙළීලා උදයේ හවා - රැකවල් නැගේ අප වටා
ගොළු වී මුවා වී ඉමූ
හිරුගේ ලොවේදී...
අඳුරේ වෙළීලා රැය සීතලේ - සිහිනේ උදා වූ ලොවේ
මුමුණා සිනාසී ඉමූ



දෙයක් ඇහුවම ඔහොම ඇඟට කඩන් පනින සිරිතක් තියෙනවද?
