සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
ඈත ගමේ සරු පස පෙරලන්නට
මම යනවා අද උදෑසනේ
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
ගමේ තුරු හිස් අතර පාවී
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මුදු පිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස
අස්වනු පිදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
ඉර හඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මධු පානේ
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
ඈත ගමේ සරු පස පෙරලන්නට
මම යනවා අද උදෑසනේ
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
ගමේ තුරු හිස් අතර පාවී
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මුදු පිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස
අස්වනු පිදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
ඉර හඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මධු පානේ






