Elakiri ෆොටෝෂොප් වලින් ගින්දර අකුරු නිර්මාණය.
__________________________________________________________________
_____________________________
ඊට පස්සේ REP++ Denna....
Commentz Danna Amathaka Karannath Epa ..
_____________________________________________________
Tawa Tiyeanwa .. Ewa Ediriyata Balaporoththu wanna
__________________________________________________________________
මේ ත්‍රෙඩ් එකෙන් කියල දෙන්නේ ගිනි ගන්නා ආකාරයෙන් අකුරු නිර්මාණය කරන ආකාරය.
මේ ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් ඉංග්‍රීසි අකුරු වලට වගේම සිංහල අකුරු වලටත් භාවිතා කරන්න පුළුවන්.
මේ ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් ඉංග්‍රීසි අකුරු වලට වගේම සිංහල අකුරු වලටත් භාවිතා කරන්න පුළුවන්.
- ඉස්සල්ලම ඔයාට කැමති ප්‍රමාණයකින් අළුත් ලෙයර් එකක් හදාගන්න. (Ctrl+N)
- ඒකෙ උඩ ටෙක්ස්ට් ටූල් එක යොදාගෙන කැමති අකුරු ටිකක් ටයිප් කරගන්න.
- ඊට පස්සේ ඔයා ටයිප් කරගත්තු අකුරු ටික සිලෙක්ට් කරගන්න.
ඒකට Ctrl යතුර ඔබාගෙන ලේයර් පැලට් එකෙන් ලේයර් තම්බ්නේල් එක ක්ලික් කරන්න. - දැන් ඒ සිලෙක්ෂන් එකේ කොපියක් හදාගන්න.
ඒකට Ctrl+c සහ Ctrl+v භාවිතා කරන්න පුළුවන්. - දැන් මේ හදාගත්තු පිටපත බොඳ කරගන්න ඕනෙ..
ඒකට ඉස්සල්ලම කරන්න ඕනෙ ලෙයර් එක වටා Rectangular Marquee ටූල් එකෙන් තරමක විශාල සිලෙක්ෂන් එකක් දාගන්න එක. මෙන්න මේ වගේ....
- එහෙම කලාට පස්සේ Filter >> Blur >> Motion Blur පාත් එකෙන් ගිහින් මෝෂන් බ්ලර් වින්ඩෝ එක ලබාගන්න.
- Angle එක අංශක -90 කට සකස් කරගන්න.
Distance එක ඔයාට කැමති ගානකට දෙන්න.
මම 50ක් දුන්නා....
- යට දාරයේ අකුරු වලින් පහලට තියන වැඩි කොටස Eraser ටූල් එකකෙන් මකලා දාන්න.
- ඊට පස්සේ මේ බ්ලර් කරගත්තු කොටස බැක්ග්‍රවුන්ඩ් එකට Merge කරගන්න.
- ඒකට Ctrl යතුර ඔබාගෙන බැක්ග්‍රවුන්ඩ් ලේයර් එකයි බ්ලර් කරගත්තු ලේයර් එකයි ලේයර් පැලට් එකෙන් සිලෙක්ට් කරලා Ctrl+E ඔබන්න.
- දැන් ෆිල්ටර් මෙනු එකෙන් Liquify ෆිල්ටරය ආදේශ කරන්න.
එතනින්ම ගිනි දළු හැඩයට ලේයර් එක හදාගන්න.
ඊට පස්සෙ OK කරන්න.
- Smudge ටූල් එකෙන් ඕනෙනම් ආයෙත් තව ලස්සන කරගන්න පුළුවන්.
- දැන් Shift+Ctrl+N ඔබලා අළුත් ලේයර් එකක් හදාගන්න.
- ඒක දීප්තිමත් තැඹිලි පාටින් පාට කරගන්න.
- මේ තැඹිලි පාට ලේයර් එකේ මෝඩ් එක Colour Burn ලෙස වෙනස් කරගන්න.
- එවිට සුදුපාට ගිනිදළු තද තැඹිලි පාට වේවි.
- Dodge ටූල් එකෙන් ගිනි දළු වල මැද කොටස් පමණක් ලා පැහැ කරගන්න.
- මේ විදියට ගිනි දළු හදල ඉවර උනාට පස්සේ අකුරු සහිත ලේයර් එකේ ලේයර් ස්ටයිල් වලින් Gradient Overlay එකක් දෙන්න.
- දැන් ඒ ලේයර් එකේම Opacity එක පොඩ්ඩක් අඩු කරගන්න.
- ඊට පස්සේ වැඩේ හරි...
_____________________________
ඊට පස්සේ REP++ Denna....
Commentz Danna Amathaka Karannath Epa ..
_____________________________________________________
Tawa Tiyeanwa .. Ewa Ediriyata Balaporoththu wanna
math me owa hoya hoya hitiye
