EK PhotoShop Sinhala (Tutorial.02)

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මේ ත්‍රෙඩ් එකෙන් අපි ඉමේජ් එකක පරාවර්ථිත ප්‍රතිබිම්භයක් හදන ආකාරය බලමු.
    ඉමේජ් විතරක් නෙමෙයි... මේ විදියට අකුරු වල ප්‍රතිබිම්භයක් උනත් හදන්න පුළුවන්.
    ප්‍රතිබිම්භයක් හදන සිද්ධාන්තය නම් පොඩි දෙයක්.
    ඒත් ඒ ඔස්සේ හිතලා ඔයාගෙ නිර්මාණශීලී බව මත අලංකාර නිර්මාණ කරගන්න පුළුවන්...

    මං මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් ප්‍රතිබිම්භයක් හදන සිද්ධාන්තය භාවිතයෙන් හැදුවෙ හැඩේට තියන පෙට්ටියක ප්‍රතිබිම්භය.

    1z1fqkl.jpg



    මේ පහලින් තියන විදියෙ ඉමේජ් එකක් හොයාගන්න...

    6nvvok.jpg


    ඒකත් ෆොටෝෂොප් වලින් ඕපන් කරගෙන තව ඔයාට කැමති සයිස් එකක අළුත් ඩොකියුමන්ට් එකක් ගන්න. (Ctrl+N)
    මං ගත්තේ 800X600 සයිස් එකෙන්.

    ඒකේ බැක්ග්‍රවුන්ඩ් එකට ග්‍රේඩියන්ට් එකක් ඇප්ලයි කළාම වැඩේ ලස්සනයි.
    ග්‍රේඩියන්ට් ටූල් එක ගන්න. (කීබෝඩ් එකේ G අකුර ඔබන්න)
    ග්‍රේඩියන්ට් එඩිටර් එකෙන් (ඔය මෙනු බාර් එකට පහලින් තියෙන්නේ ) ලේයර් එකට black to white ග්‍රේඩියන්ට් එකක් දෙන්න.

    282gv1u.jpg


    ඊට පස්සේ අපේ බොක්ස් එක ඒකට ගේන්න.
    ගෙනල්ලා ඒකෙ ඩුප්ලිකේට් ලේයර් එකක් හදන්න. (Ctrl+J)
    ඊට පස්සෙ ඒක උඩු යටිකුරු කරන්න.
    ( Edit >> Transform >> Flip Vertical )
    දැන් ඒක පහල පෙන්නල තියනව වගේ ඔරිජිනල් ඉමේජ් එකෙන් පහලට ගේන්න.

    e83ghg.jpg


    මුල්ලට මුල්ල එකතු වීම ඉතාම වැදගත්.

    ඊට පස්සේ ඒ යටට ගෙනාපු පෙට්ටියෙ ඉදිරි පැත්ත Rectangular Marquee Tool එකෙන් (M) මේ වගේ සිලෙක්ට් කරගන්න.

    1z4wutu.jpg


    ඔන්න දැන් තමා ටිකක් අමාරු වැඩේ තියෙන්නේ...
    එහෙම සිලෙක්ට් කරගෙන ඒක Free Transform කරන්න.
    ( Edit >> Free Transform ) ( Ctrl+T )

    දැන් Ctrl කී එකත් ඔබාගෙන සිලෙක්ෂන් එකේ දකුණු පැත්තෙ පොයින් එකක ක්ලික් කරලා බොහොම පරිස්සමින් මේ වගේ උඩට අදින්න.

    2s1lpw9.jpg


    බොක්ස් දෙකේ ලයින්ස් දෙක සමපාත වෙනකම්ම උඩට අදින්න.
    වම් පැත්තෙ ඉතිරි කොටසටත් ඒ පියවරයන්ම අනුගමණය කරන්න.

    ඊට පස්සේ ඔයාට මේ වගේ දෙයක් දැකගන්න ලැබේවි...

    e83ghg.jpg


    ඔන්න දැන් තමා රිෆ්ලෙක්ෂන් එක සම්පූර්ණ කරන්න යන්නේ...

    ප්‍රතිබිම්භයට අදාල ලේයර් එක (ඒ කිව්වෙ ඔය උඩු යටිකුරු වෙලා තියන එක ) ක්ලික් කරලා ඒකට මාස්ක් එකක් දාන්න.
    මෙහෙමයි, ලේයර් පැලට් එකේ ( දකුණු පැත්තෙ යටම තියෙන්නෙ ) පහලින් තියනවා Add layer mask කියල පුංචි බට්න් එකක් ඒක ක්ලික් කලාම හරි.

    දැන් ඒ මාස්ක් එකට ග්‍රේඩියන්ට් එකක් දෙන්න. ඉස්සල්ල විදියමයි. මෙන්න මේ වගේ...

    2s1lpw9.jpg


    හරියට ග්‍රේඩියන්ට් එක ආවෙ නැත්නම් අන්ඩූ (Ctrl+Z) කරලා ආයෙත් කරල බලන්න.

    ඉරේසර් ටූල් එකෙන් hardness අඩු කරලා පොඩ්ඩක් අඩුපාඩු හදාගන්නත් පුළුවන්.

    ඔයා වැඩේ හරියට කළානම් අවසාන ප්‍රතිඵලය මේ විදියට තියේවි....

    ref7.png


    ඕකට අකුරු ටිකක් එහෙම දාල අලංකාර කරල ඉවර උනාම මෙන්න මේ වගේ...

    1z1fqkl.jpg


    __________________________________________________ ____

    Presented by Elakiri RapidDark
    _____________________________
    ඊට පස්සේ REP++ Denna....
    Commentz Danna Amathaka Karannath Epa ..
    __________________________________________________ ___
    Tawa Tiyeanwa .. Ewa Ediriyata Balaporoththu wanna
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙන්න මේ විදිය තමා මම හොයා හොයා හිටියේ ලොකුම ලොකු උදව්වක්
    ශික් එත් රෙප් දෙන්න බැලූ නැත්නම් අනිවා දෙනවා
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මෙන්න මේ විදිය තමා මම හොයා හොයා හිටියේ ලොකුම ලොකු උදව්වක්
    ශික් එත් රෙප් දෙන්න බැලූ නැත්නම් අනිවා දෙනවා


    ada bainam heta danna machan kisi awlak na ;)
     
    • Like
    Reactions: chanakamanjula