ekekvath aave nehene ?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපේ දේශපාලනය තුළ මහා පාවාදීම් මෙන් ම නීච පලායෑම් ද තිබේ. ඉතිහාසය අවුස්සා ඒවා එකිනෙක දැක්වීම සඳහා කාලය මිඩංගු කිරීම වැදගත් නැත. දැන් අප කතා කළ යුත්තේ ආසන්න ම පාවාදීම හා පලායෑම ගැන ය. මේ පාවාදීම හා පලායෑම තුළ ඇත්තේ දේශපාලනයට, රටට හා ජාතියට ද්‍රෝහීවීමක් යැයි අපට සිතේ. එක අතෙකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා දැමී ය. තව අතෙකින් රටේ ඉදිරි ගමනට කළ හැකි විශාල ම බාධාව එල්ල කළේ ය. තවත් අතෙකින් දෙමළ ඩයස් පෝරාවේ වැඩසටහනට හා බටහිර මතයට තැන ලබා දුන්නේ ය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දැන් සහතික ය. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ප්‍රගතිශීලී දේශපාලනයට එරෙහි වී ඇත්තේ ධනපති එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවෙමින් ය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් එම ආණ්ඩුවේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ය. එංගලන්තය, අමෙරිකාව ඇතුළු බටහිර රටවල මුල් බලාපොරොත්තුව වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ය. එහෙත් ඔහු දිගින් - දිගට ම පරාජය වීම නිසා අලුත් අපේක්ෂකයකුගේ අවශ්‍යතාව තිබිණි. ඒ අඩුව මෛත්‍රීපාල සිරිසේන විසින් පුරවන ලදී.

    මේ සිදුවීම් ජාලය දෙස බලන දේශපාලන ඥානයක් ඇති කෙනකුට පැහැදිලි වන්නේ මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව ය. මේ බව සනාථ වන ප්‍රධාන සාධකයක් ද ප්‍රවෘත්තියක් ලෙස පුවත්පත්වල පළ විය. එනම් බටහිර රටක් නියෝජනය කරන තානාපති කාර්යාලයක් පාවාදෙන කණ්ඩායමේ අයට චන්ද්‍රිකා දුරකථන ලබා දී ඇති බව ය. චන්ද්‍රිකා දුරකථන මඟින් අදහස් හුවමාරුවේ දී රහස්‍යභාවය ඉතා හොඳින් ආරක්ෂා කර ගත හැකි ය. බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි රටක ජනාධිපතිවරණයකට නිස්කාරණේ මුදල් වැය කරන්නේ නැත. ඔවුන්ගේ අපේකෂාව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළා දමා දුර්වල නායකයකුට රට භාරදීම ය.

    මෙබඳු කුමන්ත්‍රණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරින්වර හසු විය. 1950 ගණන්වල දී ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය අවසන් වූයේ බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් ය. 1960 ගණන්වල ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ ප්‍රතිඵළය වූයේ ආණ්ඩුව අල්ලා ගැනීම සඳහා ආරක්ෂක ප්‍රධානීන්ගේ කැරැල්ලක් ඇති කිරීම ය. එය අවසන් මොහොතේ අසාර්ථකවුව ආණ්ඩුව වැඩි කල් ගෙනයා නො හැකි විය. 1970 ගණන්වල ද එබඳු ම කුමන්ත්‍රණ‍යක් ක්‍රියාත්මක විය. ඒවාට ගොදුරු වූ පාවාදෙන්නෝ ආණ්ඩුවට එරෙහි වූහ. ආණ්ඩුව සොලවා එහි බලය හීන කළහ. මෙබඳු දිගුකාලීන පාවාදීමක් හා පලායෑමක් ඉතිහාසයේ දකින්නට ලැබේ. එහි අලුත් ම ප්‍රකාශනය ලෙස මෛත්‍රිපාල මහතාගේ පාවාදීම සටහන් වී තිබේ.

    ජනාධිපතිවරණයට මුවා වී බටහිර බලවේග සමඟ එක් වී ඇති කණ්ඩායමේ එක් අදහසක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය ‍වෙනස් කළ යුතු බව ය. ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු යැයි කියන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය දෙවරක් බලයේ සිටියා ය. එහෙත් ජනාධිපති ක්‍රමය අවසන් කළේ නැත. ඇය බලයට පත් වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය වහා ම ඉවත් කරන්නේ යැයි පොරොන්දුවක් දෙමින් ය. එහෙත් කිසිකලෙක එය සිදුවූයේ නැත. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා කිසිදු ප්‍රයත්නයක් දරා නැත. මේ වනාහී ජනතාව ගොනාට අන්දන විශාල බොරුවෙකි.

    මේ පිරිස යෝජනා කරන තවත් පුදුමාකාර දෙයක් තිබේ. එනම්; විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට විධායක බලැති අගමැතිවරයකු පත්කිරීම ය. ජනාධිපති වෙනුවට අගමැති පත් කිරීමෙන් ඇතිවන වෙනස කුමක් ද? ඒ හැරත් එම විධායක අගමැති ධුරයට පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව සඳහන් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ධනපති එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වන්නේ කෙසේ ද? මාක්ස්වාදී දේශපාලනයක් කරන ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධාන ගත වන්නේ කෙසේ ද? මේවා දේශපාලන විහිළු ලෙස පෙන්වා දිය හැකි ය. මේ දේශපාලන විහිළුවලට බුද්ධිමත් ජනතාව රැවටිය නො හැකි බව රට පුරා අත්දැකීම්වලින් පැහැදිලි වේ.

    හෙළ උරුමයේ රතන හිමියන්ගේ පලායෑම ගැනත්, හෙළ උරුමයේ ස්ථාවරය ගැනත් අදහස් දක්වන පොදු මහජනයාගේ මතය වන්නේ හෙළ උරුමය ඉක්මන් වූවා වැඩිය යන්න ය. භික්ෂූන් වහන්සේ ද එම මතය දරති. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා ද, කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීම සඳහා ද හෙළ උරුමය ලබා දුන් සහයෝගය ඉතා විශිෂ්ට ය. එය ඉතිහාසයේ නො මැකෙන ලෙස සටහන් වනු ඇත. එහෙත් හෙළ උරුමය දැන් මහින්ද රාජපක්ෂ මහතා හැර ගොස් ඇත්තේ සටන තවදුරටත් ඉතිරිව තිබිය දී ය. බටහිර බලවේගවල බලපෑම, දෙමළ ඩයස්පෝරාවේ බලපෑම තව ම අප ජයග්‍රහණය කර නැත. ඒ අතින් බලනවිට හෙළ උරුමය ජාතියට හා රටට ද්‍රෝහී වී ඇත.

    තවත් අතෙකින් බලන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා හෙවත් මෛත්‍රීපාල සිරිසේන මහතා යම් උගුලකට හසු වී ඇත. බොහෝ දෙනකු ඔහු හඳුන්වනුයේ හොඳම පරාජිතයා ලෙස ය. තවත් අය හඳුන්වනුයේ ලණුවක් කෑ කෙනකු ලෙස ය. තද බල විවේචනයක් ඔහු වෙත එල්ල වන්නේ ජුදාස් යන නාමය ද සඳහන් කරමින් ය. අවසන් මොහොත දක්වා ආණ්ඩුව නොමඟ යවමින් සිටින්නට මෛත්‍රීපාල මහතා සමත් වී ඇත. ඔහු පොදු අපේක්ෂකයා ලෙස පත්වීමට පෙර දිනයේ දී පක්ෂ නායකයන්ගේ රැස්වීම්වලට සහභාගී වී තිබේ. මේ අනුව පෙනී යන්නේ පොදු අපේක්ෂකයා දිය යටින් ගින්දර ගෙනයෑමට හපනකු බව ය.

    රටේ හතර දිග් භාගයෙන් නැඟ එන්නේ මහින්ද දිනවමු යන ජනතා හඬ ය. ජනාධිපතිවරයා සහභාගී වන උත්සවවලට වෙනදාට වඩා මහා ජනගඟක් ගලා එයි. ඔවුන් එකහඬින් කියා සිටිනුයේ මහින්ද මහතා තෙවන වරටත් ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට තමන් දිවි හිමියෙන් කැප වන බව ය. ජනාධිපතිවරණයේ දී වඩාත් වැදගත් වන්නේ බිම්මට්ටමේ ජනතාවගේ කැමැත්ත ය. රටට ලැබුණු නිදහසේ අගය දන්නේ ඔවුන්ය. රටේ සංවර්ධනය සැබෑ ‍ලෙසින් දකින්නේ ද ඔවුන් ය. මේ අනුව බලන විට පෙනී යන්නේ කවුරු ගියත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්විය නො හැකි බව ය.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    කෙටියෙන් කියහන්කො බං "අනේ මහින්දට චන්දයක් දීපං ඈ.." කියල. :nerd: