Day Shift 2022
ඔන්න ඉන්නවා ඩෑල් එකක් මිනිහගෙ රස්සාව පිහිනුම් තටාක පිරිසිදු කිරීම. හැබැයි ඒක නිකං වෙස්වලාවක් විතරයි. මිනිහගෙ නියම රැකියාව ඒක නෙමෙයි වැම්පයර්ස්ලා දඩයම් කිරීම. පොරගෙ ටිකක් නට් ලූස් ගතියකුත් තියනවා. ඒ කියන්නෙ පොඩ්ඩ ඇත්තං මළ අතේ. මෙයාගෙ ෆැමිලි එකේ අය දන්නෙ නෑ මොකද්ද මෙයාගෙ නියම රැකියාව කියලා. ඔය අතරෙ මෙයාට සිද්දවෙනවා ඉක්මනට මුදල් ටිකක් හොයා ගන්න ෆැමිලි ප්‍රොබ්ලම් එකක් ගොඩ දා ගන්න. ඒකට මිනිහට සිද්ද වෙනවා කලිං රැකියාව කරපු තැනට රී ජොයින් වෙන්නෙ. ඒක ඇඩ්වාන්ස් වැම්පයර් හන්ටිං යුනිට් එකක්. මෙතන ලොක්කා මින්හට කැමතිම නෑ අර නට් ලූස් ගතිය නිසා. කොහොම උනත් සල්ලි අවශ්‍යතාව නිසා මිනිහට සිද්ද වෙනවා බොසාගෙ බසට සවන් දෙන්න හා තරහව පාලනය කරගන්න. බොසා මිනිහට භාර දෙන්නෙ ඩේ ශිෆ්ට් එක. ඒක නයිට් ශිෆ්ට් එක වගේ නෙමෙයි දඩයම් අඩුයි. මොකද වැම්පයස්ලා එලියට එන්නෙ රෑටනෙ. ඒ නිසාම ආදායමත් අඩුයි. ඒ වගේම මිනිහගෙ කල් කිරියාව ගැන පැය 24ම ඇහැ ගහගෙන ඉන්න ඇසිස්ටන් කෙනෙකුත් දානවා බොසා. මේම උනා කියලා අපේ පොරව නවත්තන්න පුලුවන්ද? මිනිහා හොයා ගන්නවා දවල්ටත් එලි බැහැල ඉන්න වැම්පයර් සෙට් එකක් ගැන වග තුග. මේකෙ ලොක්කා ගෑණියක්. මේ ගෑනිගෙ පට්ට ඇරියස් එකකුත් තියනවා අපේ පොර එක්ක කවර් කර ගන්න.
ඔන්න ඔය විදියට කතාව නියමෙට ගලාගෙන යනවා. ෆිල්ම් එක හොඳයි. බලන්න කම්මැලි නෑ. පට්ට වැඩ කෑලි ටිකක් මේකෙ තියනවා ඇඟේ මයිල් ස්මයිල් වෙන තරමෙ. මේක නෙට්ෆ්ලික්ස් එකේ විකාශණය වෙච්චි ෆිල්ම් එකක්. බා ගත කරගන්න ඕනෙනම් ටොරන්ට් සයිට් වලත් තියනවා මම හිතන්නෙ. මේකට ඩොලර් මිලියන 100ක් වියදම් කරලා තියෙන බව කියවෙනවා. කොහොම උනත් වියදම් කරපු මුදලට සාධාරණයක් ඉටු වෙලා තියෙන බව බලද්දි පැහැදිලිවම තේරෙනෙවා. ආ! කියන්න අමතක උනා! මේකෙ කතා නායකයා කල්ලෙක්. ස්නූපි ඩෝග් කියලා අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඩෑල් එකත් මේකෙ උප ප්‍රධාන චරිතයක් රඟ දක්වනවා.
