බය වෙච්ච එක පුදුමයක් නෙවෙයි මොකද ඔය report එකට අනුව පුද්ගලයා නිරෝගී කෙනෙක් කියලා කියන්න ටිකක් අමාරුයි
එයාගේ තියෙන random blood sugar අගය සමාන්‍යය අගය පරාසයේ තියෙන නිසා දියවැඩියාව වගේ ලෙඩක් සැදිමේ අවදානම් අඩුයි නමුත්
මෙයාගේ Serum Cholesterol සහා Serum Triglyceride වැඩියි ඒ වගේම Uric Acid වල දළ වැඩි විමක් තියෙනවා.
Serum Cholesterol කියන්නේ හොද කොලොස්ට්‍රරොල් සහා නරක කොලොස්ට්‍රරොල් යන්හි සම්පුර්ණ එකතුවයි මේකෙන් හරියට කියන්නේ
බෑ එයාගේ HDL (නරක කොලොස්ට්‍රරොල්) හෝ LDL (හොද කොලොස්ට්‍රරොල් ) ද වැඩි කියලා හරියටම නමුත් ඒක නිර්දේශිත අගයට
වඩා ඉහළින් තියෙන තියෙන්නේ ඒක ටිකක් සෞඛ්‍යයට හිතකර නොවුනත් බය වෙන්න තරම් වැඩි වීමක් නෙවෙයි. මෙයාගේ ප්‍රශ්ණය තියෙන්නේ
වැඩියෙන්ම Serum Triglyceride වලයි ඒකෙන් කියන්නේ රුධිර පද්ධතියේ අඩංගු ලිපිඩ සහා මේදයේ අගය වැඩි බවයි මේක විශාල වැඩි වීමක්.
ගොඩක් වෙලාවට හෘදයා බාද සදහා මේ Serum Triglyceride හි වැඩි වීම සදහන් කරන්න පුලුවන්. ඒක නිසා ඒක ඉක්මනින්ම අඩු කරගන්න කියන්නේ.
අධික මේදය අඩංගු අහාර ඒ කියන්නේ හරක් මස්, වගේ කන්න එපා කියන්නේ සවුදි වල නේ ඉන්නේ ඒක නිසා මස් ජාති කනවා ඇති අනිවාර්යයෙන්ම.
සත්ව තෙල් වල වැඩියෙන්ම තියෙන්නේ HDL ඒ කියන්නේ නරක කොලොස්ට්‍රරොල්. ඒක සෞඛ්‍යයට කොහොමත්ව හිතකර නෑ. වැඩියෙන් එළවළු ,පළතුරු , පළා ජාති කෑම වේලට එකතු කරගෙන මස් ජාති කන එක අඩු කරලා, වැඩියෙන් ව්‍යයාම කරනවා නම් ඕක නිකම්ම බැහලා යයි. වෙන උදව්වක් ඕන නම් PM කරන්න.
වයසේ හැටියට කොලෙස්ට්‍රොල් වැඩිවීමනම් එතරම් හොඳ දෙයක් නෙවෙයි. අවු 23 කදී මේ වගේ ප්‍රමාණය තියනවා කියන්නේ හෘදයට රුධිරය සපයන ධමනි අවහිර වීමට අඩු කාලයක් ගන්නවා කියන එකයි. හෘද්‍යාබාධ අවදානම ඉතාම වැඩියි.
ලංකාවේ තරුණ අයට හෘද්‍යාබාධ, දියවැඩියාව ආදිය සෑදීම පසුගිය කාලයේ සීග්‍රයෙන් ඉහළ යන බවක් පේනවා. උදා- අවු 30 පමණ වයස තරුණයන් හදිසි හෘද්‍යාබාධ වලින් මිය යාම වැඩි වෙලා තියනවා (ටොයෝටා සමාගමේ ඉහළ නිළධාරියෙක් අවු 30න් ළඟදී මැරුණා).
දැන් කළ යුත්තේ ජීවන රටාව වෙනස් කිරීමයි.
1. කොලෙස්ට්‍රෝල් අඩු ආහාර.
2. BMI අගය 23 ට අඩුවෙන් පවත්වා ගැනීම
3. Abdominal obesity අඩු කර ගැනීම (මෙය ආසියාතිකයිට වඩාත් අනතුරුදායකයි ).
4. දිනකට ව්නාඩි 20 ක් වත් ව්‍යායාම (දහඩිය දමන මට්ටමේ) කිරීම. 5. වාහනය ගෙදර තබා පයින් යාම (විහිළුවක් නොවේ).

