Elakiri මිතුරන්ට කරන කාරුණික ආරාධනාවයි!

Monindra

Member
Dec 9, 2011
255
104
0
Colombo
Elakiri මිතුරන්ට කරන කාරුණික ආරාධනාවයි!

Computer Science Society - University of Colombo

Comp_Soc.png


කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා සංගමය ගැන සමහර Elakiri යාළුවන් දන්නවත් ඇති.නොදන්නා අයත් ඇති.එක නිසා මම මුලින්ම කියන්නම් මේ Computer Science Society - University of Colombo කියන්නේ මොකක්ද කියල.මෙම සංගමය මගින් කරන්නේ ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහල නැංවන්න තමන්ගේ හැකි පමණින් දායකත්වය ලබාදෙන එක.මේ යටතේ අපි ලංකාවේ දුෂ්කර පාසල් වලට ගිහිල්ලා වැඩමුළු පවත්වනවා.එයාලගේ පාසල්වලට පරිගණක පහසුකම් ලබාදෙන්න අපිට පුලු පුළුවන් විදිහට.ඊට අමතරව අපි සතිපතා බදාදා දිනවල උදැසන 9.00 ට Radio Program එකක් telecast කරනවා අපේ රටේ මිනිස්සුන්ගේ පරිගණක සාක්ෂරතාවය නංවන්න.ඒ ගුවන් විදුලි වැඩසටහන මගින් අපි ඒ ශ්‍රාවකයන්ට තිබෙන පරිගණක ආශ්‍රීත ගැටළු වලටත් සජීවීව පිළිතුරු ලබාදෙනවා.

එත් අද මං කියන්නේ අපි පටන්ගන්න යන අලුත් වැඩක් පිළිබඳව.අපි දැනටමත් එකේ වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.අලුත් වැඩේ තමයි අපි පටන් ගත්තා facebook forum එකක්! අපිට එදිනෙදා මුහුණ දෙන්න වෙන පරිගණක,තොරතුරු තාක්‍ෂණය ආශ්‍රීත ගැටලුවලට පිළිතුරු සපයන එක තමයි මේකේ මුලික අරමුණ.ඊට අමතරව අපි මේකේ පරිගණක,තොරතුරු තාක්‍ෂණය ආශ්‍රීත අලුත් තොරතුරු වගේම Tutorials publish කරන්නත් බලාපොරොත්තු වෙනවා.නමුත් අපිට මේක තනියම කරන්න අමාරුයි.ඒ කියන්නේ අපිට ඔයාලගේ සහයෝගය අවශ්‍යයි.අපි ඔයාලට ආරාධනා කරනවා...

අපේ forum එකට join වෙන්න කියල.ඒ හරහා ඔයාලට එන ගැටළු,අලුත් අදහස්, ඔයාල කැමතිනම් දාල තියෙන question එකකට උනත් දාන්න පුළුවන්.අපි හිතනවා බුද්ධිමත් පිරිසක් විදිහට ඔයාල අපිට සහයෝගය දෙයි කියලා.හැබැයි අපේ forum එකට අනවශ්‍ය දේවල් දන්නා එපා කියලත් ඔයාලට මතක් කරන්න ඕනේ!

Thank you.

මෙන්න අපේ facebook forum එක.
CompSoc Forum
අපේ website මෙතනින් පිවිසෙන්න.

compsoc.lk

 

Monindra

Member
Dec 9, 2011
255
104
0
Colombo