Elakiri...සිංහල ගී පදවැල්........New Thread..අපේ සංගීත කලාවට සාධා&

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    w.d amaradeva....


    පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා

    මගේම ගීයක් නැළවෙන ස්වරයෙන්‍ ඈතින් මතු වෙනවා.

    නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන දයාව වැහෙනවා //

    සිනා සුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා.


    හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //

    නෙත් අදහන්නට බැරි ලෙස රෑසිරි කෙමෙන් මැකී යනවා.


    එදා වගේ තවමත් වැට අද්දර නාමල් පුදිනවා //

    නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙනවා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    w.d amaradeva


    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියා දෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොදුරු ලදුනේ...මගේ සොදුරු ලදුනේ......

    හිතේ කදුලු බිදු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිද ඉකිබිදිනා සද
    ආදර සෑමරුම් ප්‍රේම පුරානේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා....
    ඔබට විරහ ගිනි නොගෙනේවා.....

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියා දෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොදුරු ලදුනේ...මගේ සොදුරු ලදුනේ......

    තනිකම රජයන පාලු නිවහනේ
    ගොන් මන්කලුවර හඩා වෑටෙද්දී
    ඔබගේ අරනේ රුවන් විජිතයේ
    මෑනික් පහන් වෑට දෑල් වේවා
    මෑනික් පහන් වෑට දෑල් වේවා

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියා දෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොදුරු ලදුනේ...මගේ සොදුරු ලදුනේ.

     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිදිනා
    මග වනස්පතී ලිය ලදැල්ලකින්
    පිනි පොදක් සෙමෙන් සලනා

    ඔබ සැමරුම් රැදි කවුලුව මානේ
    කදුලක පැල්ලම් ඉරි ඇදුනා
    අලුත් මලින් පිරි වනෝදයානේ
    සැදෑ බොල් සුලගේ
    මට තනියක් දැනුනා.....

    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිදිනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහි ගියෙද මට සිතුනා

    වැලපෙන මා හද කැටපත් පවුරේ
    හංස ගීතය ලියවෙන දා
    පළමු අරුණු රන් රේඛාවක් සේ
    ප්‍රාර්ථනා සුවදේ
    ඔබ එතැයි සිතුනා

    පිපි මලින් මලේ රොන් සුනු විසිරී
    හද රිදී සුසුම් නගනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහි ගියේද මට සිතුනා


    ගායනය : ඩබ්.ඩී.අමරදේව


    මෙතැනින් බා ගන්න
    http://www.mediafire.com/?4ztynitjdjt
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ


    ඇද රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැඩි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි......
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කදුලක් මල් පෙති අඟ තවරා
    මිහිදුම් සළුවෙන් මුහුන වසා

    නිල්ල නෙලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පහදා
    රහසක් සඟවා ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා

    යලි කවදාවත් හමු නොවෙනා බව
    මද පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසි දින
    ඇය යලි නො එතැයි ගිම්හානෙට පෙර

    යන්න ගියා මැකිලා

    ගායනය : අමරසිරි පීරිස්


    මෙතැනින් බා ගන්න http://www.mediafire.com/?y3yr66i3irietk8
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    asanka pruamantha


    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා...
    වෙරළේ රල මැන්නා...
    සීමාවක් මායිමක් නැතයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනි වී...

    කැකුලක් සිඳුනෙන් හදවත පිපුනූ
    කඳුලෙන් කටු මත විෂ තිබුණා...
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැලළක් මතු වී පෙනෙනා...

    පවකින් පෙර අත් භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා...
    මගෙ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා...
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    බහිරව කන්දේ සමාධි බුදු ඇස සෙන්කඩගල පුර බැලුවා
    කොලඹ වීථියේ සුරා සැල් අසල පොදි කන මිනිසුන් දුටුවා
    නිසල එ හිමි රුව සන්සුන් පැවතුම් තාදී ගුණ සිහිකෙරුවා
    රන් විමනේ රන්වන් එළියෙන් වත් මඟ නොපෙනේ දැයි සිතුනා

    අස්ගිරියෙන් ජය ඝෝෂා නාදය බඹ ලොව දක්වා ඇසුනා
    ඒ ජය හඩ මුසු දූවිලි සුළගක රහ මෙර සුවදත් දැනෙනා
    අමන බමන ගී ගැයෙනා.... කුමන අරුතදැයි නොදැනා....
    ඒ ගීයෙන් නැගි අපුල ස්වරයට තේවා නාදය මැකෙනා

    වැව රවුමේ මහ මන්දිර පසු කර කලු දිය දහරා ගලනා
    ඒ දිය මුසු වී වැව් දිය නිල් පැහැ කොල පැහැ ගැන්වී පෙනුනා
    වැවේ මසුන් මිය ඇදුනා... දුගදින් නගරය වැසුනා...
    දළදා මැදුරේ මල් ආසනයේ මල් වල සුවඳත් මැකුනා

    බහිරව කන්දේ...

    ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්

    මෙතැනින් බා ගන්න http://www.mediafire.com/?71mnmmz2kbm
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ


    කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
    දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
    කුසුම මොටද රන්වී රොන් ගන්න බැරී
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ
    අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
    සංසාර ගිරි දුර්ගයේ

    දොඹ මල් කැලෑවේ..

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ

    දොඹ මල් කැලෑවේ..

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරිතලා
    පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා

    දොඹ මල් කැලෑවේ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [FONT=&quot]තාත්තා [/FONT][FONT=&quot]වුනත් [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] බත [/FONT][FONT=&quot]සරි[/FONT][FONT=&quot]කරන[/FONT]
    [FONT=&quot]අම්මා [/FONT][FONT=&quot]නුඹයි[/FONT][FONT=&quot] මගේ [/FONT][FONT=&quot]දරු[/FONT][FONT=&quot]දැරියන් [/FONT][FONT=&quot]රකින[/FONT][FONT=&quot]. . . //[/FONT]

    [FONT=&quot]මට[/FONT][FONT=&quot] පෙර [/FONT][FONT=&quot]උරුම[/FONT][FONT=&quot] ආලය [/FONT][FONT=&quot]දරු[/FONT][FONT=&quot]කැලට[/FONT][FONT=&quot] දෙමින්[/FONT][FONT=&quot]. .. [/FONT]
    [FONT=&quot]රෑ[/FONT][FONT=&quot]දාවල් [/FONT][FONT=&quot]දෙකේ[/FONT][FONT=&quot] වෙහෙසෙන [/FONT][FONT=&quot]විටදි[/FONT][FONT=&quot] නොමින්[/FONT][FONT=&quot]. . .[/FONT]
    [FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]දුටු [/FONT][FONT=&quot]මුල්[/FONT][FONT=&quot] දිනේ [/FONT][FONT=&quot]වත්[/FONT][FONT=&quot] හද[/FONT][FONT=&quot]නොනැඟි[/FONT][FONT=&quot] පෙමින්[/FONT][FONT=&quot]. . .[/FONT]
    [FONT=&quot]උතුරයි [/FONT][FONT=&quot]මසිත [/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot]නුඹ [/FONT][FONT=&quot]වෙත[/FONT][FONT=&quot]තුරු ළෙ[/FONT][FONT=&quot]වෙමින්[/FONT][FONT=&quot]. . [/FONT]

    [FONT=&quot]බැතිබර [/FONT][FONT=&quot]හැඟුම් [/FONT][FONT=&quot]දනවන [/FONT][FONT=&quot]නු[/FONT][FONT=&quot]ඹ[/FONT][FONT=&quot]ගේ [/FONT][FONT=&quot]සුවඳ[/FONT][FONT=&quot]. . . [/FONT]
    [FONT=&quot]අතදරු[/FONT][FONT=&quot] පුතුගේ[/FONT][FONT=&quot] මුව[/FONT][FONT=&quot]කමලේ[/FONT][FONT=&quot] ඇත[/FONT][FONT=&quot] නිබඳ[/FONT][FONT=&quot]. . . [/FONT]
    [FONT=&quot]අම්මා[/FONT][FONT=&quot] කෙනෙක් [/FONT][FONT=&quot]මිස[/FONT][FONT=&quot] නුඹ [/FONT][FONT=&quot]මගේ [/FONT][FONT=&quot]බිරිඳ[/FONT][FONT=&quot] ලෙස[/FONT][FONT=&quot]. . [/FONT]
    [FONT=&quot]නොහැගේ [/FONT][FONT=&quot]ලඟින්[/FONT][FONT=&quot] හිද[/FONT][FONT=&quot] මගේ [/FONT][FONT=&quot]හිස[/FONT][FONT=&quot]සිඹින[/FONT][FONT=&quot] සඳ[/FONT][FONT=&quot]. . [/FONT]

    [FONT=&quot]තාත්තා[/FONT][FONT=&quot] වුනත් [/FONT][FONT=&quot]මා [/FONT][FONT=&quot]බත[/FONT][FONT=&quot] සරි[/FONT][FONT=&quot]කරන[/FONT]
    [FONT=&quot]අම්මා [/FONT][FONT=&quot]නුඹයි [/FONT][FONT=&quot]මගේ [/FONT][FONT=&quot]දරු[/FONT][FONT=&quot] දැරියන් [/FONT][FONT=&quot]රකින[/FONT][FONT=&quot]. . . //[/FONT]
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    dayan vitharana

    පුදසුනක නිසල බව
    ලද පෙමක තිබුණි නම්
    හදවතක නොවේ මේ තරම් සුසුම්
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්

    මල් විලක එලා තිබූ
    මුදු සුවඳ නෙලාගෙන
    සැනසිල්ල ළගින්
    හිනැහෙන්න ගිහින්
    ඔබ හඬන හැඬුම්
    ආ.... ආ.... ආ....
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

    පුදසුනක නිසල බව....

    සිල් සදන ප්‍රභා ඇති
    පෙම් වරම් උතුම් ලෙස
    පුද දුන්නු බැතින්
    පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    ආ.... ආ.... ආ....
    මැන බලනව නම් නෑ ඉන්නේ දුරින්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සිහිවටනය සේ කුමක් ලියන්නද
    ඔබේ සුවඳ රැදි සමරු පොතේ
    සිතුවිලි සහසින් සිතක උපන්නත්
    කුමක් ලියන්නඩ සමරු පොතේ....
    දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
    ආසිරි රේඛා සුහද පැතුම්...
    ඔබේ නුවන් මට කීදේ රහසින්
    ලියන්න ආසයි මියුරු සිතින්....

    සිහිවටනය සේ....

    ඈත දිහාවක ආදර වෙරළේ
    අපි හමු වූයෙමු අරැණ උදේ...
    එවන් අපේ පොඩි කතන්දරේ මම
    ලියා තියන්නද සොදුරු ළඳේ...
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළු වී සිටියි
    නැගුනු සෙනෙහෙ
    කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි.//

    ලවන් හසකැන්
    නුවණ් කැල්මන්
    හොඳින් හදුනන්නේ ආදරේ
    නුවණ් රැහැනෙන් බැදෙන්නට පිං
    නොමැතිදෝ මා කෙරේ
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔ‍බේ සෙවණේ
    නවාතැන් දේද මා වෙතේ.

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළු වී සිටියි
    නැගුනු සෙනෙහෙ
    කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි

    ඔ‍බේ පෙම් ලොල්
    හදේ නොකැලැල්
    ලැඟුම් සොයමින් නුවණ් අයා
    යොවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    ම සිත සුසුමන් දවා ගියා
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔ‍බේ සෙවණේ
    නවාතැන් දේද මා වෙතේ.

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළු වී සිටියි
    නැගුනු සෙනෙහෙ
    කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි

    :(:(:(:(:(:(:(:(:(:(

    ගායනය,
    දයාරත්න පෙරේරා මහතා.





    :(:(:(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පෙම් කවක් ලියනවා මම ආයේ
    මල් ගහක් ගහක් ගානේ...
    ඔබ බිදක් නතරවී බැලුවෝතින්
    හමුවේවි සිත මාගේ...

    අතු අගට මල් පළන්දා
    මග බලනවදෝ මන්දා
    බිගු මාවතේ සුවදක් වෙලා
    ඔබ ඈත එන හින්දා...

    පෙම් කවක්...

    බඹරුන් කැකුලින් විමසූ
    රහසකි කිසිවෙකු නොඇසූ
    මා කවක් ලියා නැත නමක් ලියූ
    ඒ ඔබේ නම මා සැනසූ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඇගෙ සිනහව තහනම්
    ගෙදරින් මට තහනම්
    සැලවෙයි ගෙදරට
    ඇය හමුවුණොතින්
    චර පුරුෂයො දැන් මා වටලා
    යන එන හැම තැන මුර දාලා

    යාබද නිවසේ ඇය ඉන්නේ
    එනමුදු ගව්වක දුර වැන්නේ
    එනමුදු ගව්වක දුර වැන්නේ
    යාබද නිවසේ ඇය ඉන්නේ

    පෙළපත කුලගොත වෙනස් වෙලා
    නෑදෑ පියවර හරස් වෙලා
    නෑදෑ පියවර හරස් වෙලා
    පෙළපත කුලගොත වෙනස් වෙලා