එළකිරි නිසා ගොඩක් දෙනෙකුට ලැබුණ දේවල් අපමණයි. හොඳ යහලු යෙහෙලියන් හා ඇතැම් අයට තම දිවියේ සහකරු හා සහකාරියත් එළකිරි නිසාම ලැබුණ අවස්ථා අපමණ දැකිය හැකියි. තවද සමාජයේ හැසිරිය යුතු පිලිවෙල, මිනිසුන් කොයි වගේ ද යන්න හඳුනා ගැනීමට අවැසි පාඩමුත් එළකිරි නිසා ගොඩක් අයට ලැබෙන්න ඇති කියල සිතෙනව. පුළුල් ක්ෂේත්රයන්ගේ අධ්‍යපනික දැනුමක් ද මෙතුළින් බොහොමයක් දෙනෙකුට ලබාගත හැකි වුණා. ඒ වගේ ම බොහෝ පිරිසකට තමාගෙ දුක සතුට බෙදා ගන්නා ස්ථානයක් වශයෙන් හා ජීවිතයට ගොඩක් දේ යහපත් පැත්තෙන් එකතු කරගන්න ස්ථානයක් වශයෙනුත් එළකිරි වෙබ් අඩවියට සුවිශාල දායකත්වයක් සපයන්නෙ. ඒ වගේ ම එළකිරි වෙබ් අඩවිය තුළින් විනෝදාස්වාදය හා පුද්ගලයන්ගේ රසාස්වාදය වැඩි කරලීමට වුණ දායකත්වයත් අති මහත්. තවද පැරණි දේවල්, අතීත උරුමයන්, වර්තමාන හා අනාගත ලෝකයේ තාක්ෂණයන්, සැනින් අලුත්වන ප්‍රවෘති, දුර්ලභ ගනයේ සින්දු ආදී එකී මෙකී නොකී පුළුල් පරාසයන්ගේ විහිදී යන දැනුම, සතුට, විනෝදය යන සියලු ම දෑ එකම තැනකින් ලබාගැනීමේ හොඳම ස්ථානය එළකිරි වෙබ් අඩවිය බවට අවිවාදයෙන් තොරව පිළිගත හැකියි. විවිද ජාති, ආගම්වලින් සමන්විත සකලවිද අදහස් ඇති සාමාජිකයන් ගේ හරවත් වාද විවාද හා අදහස් දැක්වීම් සමඟ අනයොන්යව බැඳුණ එළකිරි සාමාජය තව තවත් දිගු කලක් සියලුම දෙනාගේ හිතසුව පිණිස යෙහෙන් වැජඹේවා!!!!



hari hari akkiyooo.. hitha hadaaganna 
Gt mata paratada genne?
akki kana gaanata FAB eken gaththoth GT ayya loss wei payakinma.. 






