එළකිරි සමග අවුරුදු - 2017

ඔන්න මේ අවුරුද්දේ හා හා පුරා කියලා එළකිරි වැඩක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සක් වලක් විසිරී සිටින එළකිරි වාසීන්ට Digital අලියට ඇස තැබීමේ මහා මංගල්‍යය මෙසේ ගෙන එනු ලබනවා. පළමුවෙන් මේ අවස්ථාව උදා කරලා දෙන්න අත හිත දුන්න, ඒවාගේම ඉතා සාදාරන ලෙස මෙය ඉදිරිපත් කරන්න උපදෙස් දුන්න GTRZ සහෝදරයට මාගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි. එහෙනම් වැඩේ වෙන්නේ කොහොමද කියලා අපි බලමු.
තරගයේ නීති රීති:
1) තරගයට සහභාගී වීමට හැකිවන්නේ Senior Members පමණි. කරුණාකර ඔබගේ fake profiles වලින් spam නොකරන්න.
2) දී ඇති කොටු සැලැස්මේ (0-2499) තමන්ට කැමති කොටුවෙහි අංකය මෙම ත්‍රේඩ් එක තුළ පමණක් post කළ යුතුය.
3) එක සාමාජිකයෙකු/සාමාජිකාවක් සඳහා තෝරාගැනීම් අවස්ථා 1 ක් පමණක් පිරිනැමේ. ඊට වඩා post කරනු ලබන තෝරාගැනීම් අවලංගු වේ.
4) තමන්ගේ තෝරාගැනීම ත්‍රේඩ් එක තුළ පෝස්ට් කල පසු උපරිම පැය 24 යනතුරු එය නැවත වෙනස් කළ හැක. ඉන් පසු ඉතුරු වන අංකය අවසාන තෝරාගැනීම ලෙස සටහන් වේ.
5) තරගය අවසාන වන දිනයේදී අලියාගේ පින්තූරය event page එකේ update කරනු ලබන අතර අලියාගේ ඇස තිබෙන නිවැරදි කොටුව හෝ එයට ආසන්න කොටුව තෝරා ලබා දී ඇති සාමාජිකයා/සාමාජිකාව ජයග්‍රහණය කරනු ලැබේ.
6) එක ජයග්‍රහණයක් පමණක් තෝරාගනු ලැබේ.
7) තරගය වර්ෂ 2017 ක් වූ අප්‍රේල් මස 10 වන දින දවල් 12.00 පසු වූ පසු නිම කර ජයග්‍රාහකයා/ජයග්‍රාහිකාව තෝරනු ලැබේ.

ත්‍යාගය: මාස 3 ක් ගත වන තුරු තමන්ගේ User title/Member type එක 'Digital අවුරුදු winner' ලෙස තාවකාලිකව මාරු කරනු ලැබේ.


එහෙනම් හැමෝටම සුබ පතනවා. තරගයට ඇතුල් වන්න මෙතනට පිවිසෙන්න.
තරග පියවර
<< තරගයට සහභාගී වීමට >>

සැ.යු: වඩා පහසුවෙන් තරගයේ කොටු සැලැස්ම දැක බලා ගැනීමට Updated browser එකක් සහ monitor එකේ 1366x768 resolution වැඩි අගයක් ඇති monitor එකක් පහසු වේ.
Mobile phones/ tab වලින් පැමිණෙන්නන් හට කාරුණිකව computer එකක් භාවිතා කරන ලෙස දන්වා සිටිනවා. නැතහොත් user experience වල තරමක අපහසුතාවයක් ඇති වේවි.
Last edited: