ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: සුදුසු, දැනුම ලබා ගත හැකි මාතෘකාවකි.

    ලිපියේ මාතෘකාව: එතරම්ම සාර්ථක නැතත් විශාල වරදක් නැත.

    අන්තර්ගතය: පළමුවෙන්ම කිවයුත්තේ මෙය සිංහලෙන් ලිව්වේ නම් වඩා උචිත බවයි, දී ඇති විස්තරය සාමාන්‍යයි, තවත් විතර කිරීමට පුළුවන, මෙහිදී පියවර වශයෙන් දී ඇති කොටස එතරම් පැහැදිලි නැත. (රුප වලට හා තවත් වෙනමද අංක යොදා ඇතිබැවින්)

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: රුප භාවිතය අවශ්‍ය පරිදි යොදා ගෙන ඇත.

    භාවිතා කරන අකුරු, පාට: එතරම් ප්‍රසංශනීය නොවේ, මීටවඩා උචිත පරිදි යොදා ගත්තේනම් මැනවි.

    සමස්ත ලකුණු: 6/10



    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අලුත් මාතෘකාවකි. එහෙත් එතරම් අවශ්‍ය බවක් නොහැඟේ.

    ලිපියේ මාතෘකාව: සාර්ථක නැත, මීට වඩා පැහැදිලි විය යුතුයි.

    අන්තර්ගතය: කලින් කී පරිදිම මෙය සිංහලෙන් ලිව්වේ නම් වඩා උචිතයි, දී ඇති විස්තරය සාමාන්‍යයි, පියවර ඉදිරිපත් කළ ආකාරය පැහැදිලි මදි බවක් ඇත.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: රුප සුදුසුයි, යෝග්‍යයි.

    භාවිතා කරන අකුරු, පාට: මීටවඩා උචිත පරිදි යොදා ගත්තේනම් මැනවි.

    සමස්ත ලකුණු: 6/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අපුරු මෙන්ම වෙනස් මාතෘකාවකි, එය ප්‍රසංශනීයයි.

    ලිපියේ මාතෘකාව: එතරම් ආකර්ශනීය නැත, සාමාන්‍යයි.

    අන්තර්ගතය: විස්තරයක් නැත, තව යමක් එක්කළානම් උචිතයි, ඡායාරූපට හඳුන්වා දීමක් කළේනම් යෝග්‍යයි. තවද සිංග්ලිෂ් වලට වඩා සිංහලෙන් ලිව්වේනම් ඉතා හොඳයි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: ඡායාරූප දර්ශනය වන පරිදි සකස් කලේ නම් මැනවි.

    භාවිතා කරන අකුරු, පාට: මීටවඩා පැහැදිලි ලෙස යොදා ගත්තේනම් මැනවි.

    සමස්ත ලකුණු: 5.5/10


    http://www.elakiri.com/forum/showthread.php?t=1090269

    Meka anthimata dapu eka.... balaporoththu una tharam posts lebune ne mekata... :(
    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: විනෝද චාරිකාවෙහි දසුන් අපත් සමඟ බෙදා ගැනීමට උත්සුක වීම ගැන සතුටුයි.

    ලිපියේ මාතෘකාව: සාමාන්‍යයි, මීට වඩා ආකර්ශනීය ලෙස යොදා ගැනීමේ හැකියාව ඇත.

    අන්තර්ගතය: විස්තරයක් ඇත්තෙම නැත, ඒ පිලිබඳව උනන්දු විය යුතුයි. චාරිකාව ගිය ආකාරය , මාර්ගය, හමුවූ විශේෂ ස්ථාන, මෙම ස්ථානයේ වටිනාකම ආදී තොරතුරු ඇතුලත් විය යුතයි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: ඡායාරූප ඕනවට වඩා යොදා ගෙන ඇත, එමනිසාම සමහර ඒවා දර්ශනය වන්නේද නැත. වඩාත් විශේෂ ඡායාරූප පමණක් ඉදිරිපත් කලේ නම් මැනවි.

    භාවිතා කරන අකුරු, පාට: ---

    සමස්ත ලකුණු: 4/10
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මාතෘකාව යොදාගැනීම සාර්ථක මදී,

    හොඳ තොරතුරු ස්වල්පයක් කැටිකර තිබෙනවා.

    පින්තූර යොදාගැනීමත් හොඳයි.

    අකුරු වල වර්ණ උපමාතෘකා යෙදීම හොඳයි.

    unicode භාවිතයේදී යොදාගෙන තියෙන ක්‍රමවේදයෙන් අකුරු පැහැදිලිව ලියැවී නෑ.. එය නම් හදාගතයුත්තක්.
    rsinglish වැනි software එකක් භාවිතාකරන්න
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    Photoshop_ඉගෙන_ගනිමු2

    මාතෘකාව යොදාගැනීම සාර්ථක මදී, _ යෙදීම මඟින් පොඩ්ඩක් අපහැදිලි බවක් තියෙනවා.

    ත්‍රෙඩ් එකේ මුලින් ඇති හැඳින්වීම නම් ඉතාම වටිනවා ඒ මඟින් ත්‍රෙඩ් එක දිගටම බලන්න අවශ්‍යතාවයක් ඇතිවෙනවා.

    පින්තූර ටිකක් විශාල වැඩී. තව ස්වල්පයක් කුඩාලෙස යොදාගත්තානම් ඉතාම හොඳයි.
    පින්තූර වල විශේෂ කොටස් රතුපාටින් සලකුණු කිරීම ඉතාම හොඳයි.

    පියවර සඳහා අංකන ක්‍රමයක් 1,2,3 හෝ ► වැනි සංකේතයක් යොදා පියවර එකිනෙක වෙන්කරනවානම් ගොඩක් පැහැදිලිවෙනවා.

    ත්‍රෙඩ් එක පුරාම අකුරු වල යම් යම් වැරදි තිබෙනවා ඒවා මඟහරවා ගන්න.

    mediafire ලින්ක් එකක් පෝස්ට් කිරීමත් ඉතාම වටිනවා.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    HOW to Request UBUNTU CD Perfectly
    http://www.elakiri.com/forum/showthread.php?t=1078225

    හොද හොද පෝස්ට් දාන්න උනන්දුවෙමු

    කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here
    http://www.elakiri.com/forum/showthread.php?t=1065258

    අරමුණ සෑම කෙනෙකුගේම දැනුම වැඩි කිරිම


    පොදුවේ බලන්නම්...

    හැම ත්‍රෙඩ් එකක්ම හොඳයි. මාතෘකා යොදාගැනීම සාර්ථකයි.
    කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here හැරෙන්න අනෙකුත් දෙක tutorial ආකාරයට ඇති නිසා පියවර ගැලපීල ඉතා හොඳයි.

    HOW to Request UBUNTU CD Perfectly හි තරමක් විශාල වැඩි පින්තූර යොදාගෙන තිබෙනවා. ඒක දුර්වලතාවයක්.

    හැම එකේම අන්තර්ගතය, පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි.

    ප්‍රධානව හැම ත්‍රෙඩ් එකකම අකුරු සඳහා වර්ණ යොදාගෙන නෑ. size වෙනස් කිරීම පමණයි. පියවර වශයෙන් වෙන්කිරීමේදී වෙනස් වර්ණයක් හෝ bold කිරීමක් භාවිතාවූවානම් ඉතාමත් හොඳයි.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ගොඩක් ස්තූතියි මිගාර මේ වැඩේට.මාගේ ගිටාර් ත්‍රේඩ් එක review කරලා දෙන්නකෝ.

    http://www.elakiri.com/forum/showthread.php?p=8855455#post8855455

    ඔන්න යක්ෂයාගේ විචාරය

    අදහසක් තෝරාගැනීම: කව්රුත් නොකරන ගනයේ දෙයකි, වෙනසකි, එය අගය කරමි.

    ලිපියේ මාතෘකාව: සුදුසු සාමාන්‍ය පරිදි යොදාගෙන ඇත.

    අන්තර්ගතය: විස්තර රුප මගින් ඉදිරිපත් කර ඇත, ඒවා ඔබම ලිව්වේ නම් එය හොඳ මට්ටමක පවතියි, පැහැදිලියි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: ඔබම වීඩියෝ සාදා ඉදිරිපත් කළ නිසා ප්‍රසංශනීයයි.

    භාවිතා කරන අකුරු, පාට: සාමාන්‍යයි.

    සමස්ත ලකුණු: 7/10
     
    • Like
    Reactions: Vinsaraguitar