
කිරියෙ රෙජිස්ටර් වෙලා අවුරුදු කීපයක්ම වෙනව දැන්.කිරියෙන් උදව් ඉල්ලුව මිසක් කිරියෙ අයට කිසිම උදව්වක් කරන්ඩ බැරි උනා තාම.හැබැයි පටන් ගන්ඩ යන්නෙ ලින්ක් සර්විස් එකක්නම් නෙවෙයි.අධ්‍යාපනික වටිනාකමක් තියෙන දේවල් ඇතුලත් වෙන නූලක් තමයි පටන් ගන්න් යන්නෙ.මේන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ.
තමන්ට එදිනෙදා හම්බෙන මොනම සබ්ජෙක්ට් එකකට හෝ අදාළ කිරියෙ ඉන්න අයත් එක්ක බෙදාගන්න හොඳයි කියල හිතෙන ඕනම දෙයක් මේකෙ පෝස්ට් කරන්න.සමහරවිට ගොඩදෙනෙක් දන්නව වෙන්නත් පුළුවන්,ඒත් නොදන්න අයත් ඉන්නව කියල හිතල මේ නූලෙ පෝස්ට් කරන්න.මේ වැඩේ නිසා කිරියෙ ඈයො දැනුමෙන් සන්නද්ධ වෙනව වගෙම කිරිය ඇතුලෙ වල් පල් නැතුව වටිනා දැනුම් සම්භාරයක් බිහි වෙයි.
*අලුත් ත්‍රෙඩ් ඕපන් වෙයි.
*කට්ටිය තාර්කික වෙයි.
*පොඩි එකාට කියල දෙන්න දෙයක් තාත්තල දැනගනියි.

*කොටින්ම කිව්වොත් එලකිරි University එක වෙයි.
වැඩේ සාර්ථක වෙන එක නොවෙන එක කට්ටියගෙ උනන්දුව මත වෙයි.මාත් පාඩම් කරන කොල්ලෙක්නෙ.
පුළුවන් වෙලාවක මාත් පුළුවන් තරම් කරුණු එකතු කරනව.Mega Thread එකක් උනොත් ඉතින් ලොකු අයියලගෙන් අදහස් අරන් මොකක්හරි හොඳ දෙයක් කරමු.එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්ත.
Last edited:

