ඔරලෝසු පිස්සෝ ඉන්නවා නම් මේකට සෙට් වෙමු.
අලුත් මොඩල්, පරණ මොඩල් ගැන විස්ථර කථා කරමු. තමන් පාවිච්චි කරන ඔරලෝසු ගැන විස්ථර කියමු. මේ.... එලකිරියේ
"The Watch Club"
Post Your Watch Here..



Last edited:



![]()
කැමැතිම බ්රෑන්ඩ් එක
patta machan mage yaluwek gava meka thiyenne mama ganna inne ekak

post your watch wage una nam thawath maru![]()
hama welema 4n eken balanna puluwada ban..?fatta fattamama nam asawata watch bada nah
![]()

hama welema 4n eken balanna puluwada ban..?![]()
phn eke batrya galawenwa time eka hitinne nah
welawata kalawata wadak karanne nah neh kohomath 

ඇත්තම කිව්වොත් මම මන් ඔරලෝසු වලට එච්චර කැමැත්තක් නැහැ. අදටත් මම ඔරලෝසුවක් බදින්නේ නැහැ. නමුත් රස්සාවල් කරන කාලේ නම් ඔරලෝසුවක් බැන්දා. ඒකාලේ (80 දශකේ) අද වගේ මොබයිල් ෆෝන් තිබුනේ නැහැ වෙලාව එහෙම බලාගන්න. ඒක ඕනේ උනේ ෆීල්ඩ් එකේ වැඩ වලට ගිහාම වෙලාව අවශ හින්ද. එකත් මහලොකු වර්ග වල ඒවා නෙමෙ. පිටකොටුවේ මල්වත්ත පාරේ කඩ වලින් ගනිපු ඩුප්ලිකෙට් ඔරලෝසු. නමුත් ඩුප්ලිකෙට් උනත් ඒකාලේ ආපු බඩු අවුරුදු 4-5ක් වත් වැඩ කරනවා. අදටත් ලාච්චුවේ තියනවා අන්තිමට පාවිච්චි කරපු ඔරලෝසුව. එක අදටත් වැඩ.
වටිනා කියන ඔරලෝසුවක් ලෑබුනේ මම කසාද බදින්න ලං උනාම. අපේ තාත්ත මට සිටිසන් වර්ගයේ. තුනී හම් පටිය තියන ඔරලෝසුවක් අරන් දුන්න. ඔය කසිකබල් විසිකරලා වෙඩින් එකට දන්නා කියල. අපේ තාත්ත නම් branded ඔරලෝසු වලට ගොඩක් කැමති. එය මුලින්ම පාවිච්චි කලේ OMEGA එකක්. පස්සේ ROLEX එකක්. ඒ ROLEX එක පස්සේ කාලෙක මගේ පුතාට දුන්න.
මම නම් එදා ඉදන් ආස කලේ කැමරා බඩු වලට. අදටත් අතේ වැඩිපුර මුදලක් ගැවසුනොත් මොකක් හරි ලෙන්ස් එකක් ගන්න තමයි බලන්නේ

